Astrology
අත්දුටු අතිප්රබල මන්ත්‍ර
Published
11 months agoon

මනෝ තරංග හා දෘෂ්ටි තරංග සංයෝජනයෙන් පුද්ගලයකු ආකර්ෂණය කරගැනීමට හැකි බැව් සෘෂි භාෂිතයේ සඳහන් වී ඇත.
දෙනෙතින් කාන්දු වන කිරණ තුළ ඇති (නෙත් සැර) හරහා හදවත දිනා ගැනීමට හැකිවෙයි.
ප්‍රමිලා බිසව හා දස්කොන්ගේ ආදරය, ප්‍රේමය එයට කදිම නිදසුනකි.
දෙනෙත් වශීය
‘ඕං කිරි කුමාරි ඒස්වාහඃ
නමෝ එමී නමී එවි එවි’
මේ බලගතු මන්ත්‍රය සිහිකරනු වහා වශී වෙයි.
පාඩම් මතක හිටීමට, ධාරණ ශක්තියට
‘ඕං නාරායන ගුරු රාදී සරස්වතී
නමෝ තුහ්යාම් වසං දේවී නමෝ වනමඃ’
පිරිසුදු වතුර බඳුනකට අලුයම 4.47ට 21 වරක් මතුරා පානය කරන්න පාඩම් මතකහිටී.
‘සරස්වතී නමෝ තුය්හං වරදේව කාම
රූපිතං විඥාන සබ්බ කරිස්ථම් ඒතං ජයතු මං සදා’
ඉඟුරු, කොත්තමල්ලි තැම්බූ ජලයට හෝ තැඹිලි වතුරට 108 වර මතුරා පානය කරන්න. ධාරණ ශක්තිය වැඩි වෙයි.
‘නමෝ සිද්ධි ගණපති ඒස්වාහඃ’
මේ මන්ත්‍රය 21 වරක් කියා පාඩම් කරන්න පටන් ගන්න. පාඩම් හිටීවි.
වැල්මී කෑල්ලකට මෙම මන්ත්‍රයෙන් 108 වර මතුරා හපමින් පාඩම් කරන්න. ධාරණ ශක්තිය වැඩි වෙයි.
නඩු වශීය (ජයග්‍රහණයට)
‘ඕං නමෝ ත්‍රිපා මේස්වහඃ’
නිවෙසින් පිටවන මොහොතේ 21 වරක් සිතෙන් කියාගන්න. ජය අත්වෙයි.
‘ඕම් මනිපද්මේහුම්’
උදේ – දහවල් – සවස – රාත්‍රි සිතෙන් කියන්න 108 වරක්. ඔබේ යහපත් අපේක්ෂා ඉටු වෙයි.
‘ඕං හ්රීං අංඕං ඕං සරවනභාවය
නමෝ තිලක තිලක ඒස්වාහඃ’
සුබ ගමන පිටත් වීමට පෙර 07 වරක් සිතෙන් කියා පිටත්වන්න. ජය අත්වෙයි.
‘ශුගනු කාමාය විද්මහේ විබිරහමහාය ධීමහී තානේ කාම ප්‍රචෝදයාත්’
විවාහය පමාවන අය මෙම මන්ත්‍රය උදෑසන 21 වරක් සිතෙන් කියන්න. රාත්‍රි කාලයේද කියන්න. විවාහය ඉක්මන් වෙයි.
‘ඕං නමෝ සංකර කාලී කාලි සංකරමාලී
ඒහි ඒහි ඒස්වාහඃ’
බුලත් කොළේ පිට පැත්තේ දෙහි කටුවෙන් මෙම මන්ත්‍රය ලියා 21 වරක් ජප කර කටේ දමා හපමින් අවශ්‍ය අය සමඟ කතා කරනු. ආකර්ෂණයේ සම්මුඛ පරීක්ෂණ, තරග විභාග, නඩුවලට යන විටදී, නොලැබෙන මුදල් ගැනීමට යන විටදී ආදී තමාට අවශ්‍ය යහපත් වැඩවලින් ජය අත්වෙයි.
‘ඕං ප්‍රිය නාරි ප්රියං භගවතී ප්රියං
සුන්දරි මුනි මුනි තාරේ තාරේ
සර්වජන වසං කුරේස්වාහඃ’
පිරිසුදු පැන් මතුරා 334 වාරයක් පානය කර මුහුණ සෝදා පිටත්වනු. තමාගේ සියලු වැඩකටයුතු වහා සාර්ථක වෙයි.
‘ඕං නමෝ ප්‍රියේ ස්වාහඃ’
මී තෙල්වලට මතුරා පහන දල්වා එම තෙල් නළලේ ගාගෙන මංගල කටයුතුවලට යන්න. වහාම සාර්ථක වෙයි. ප්‍රමාද වන විවාහය ඉක්මන් වෙයි.
‘ඕං ආං ප්රේං ශ්රීං
රාක්ෂ පත්‍රෙ ප්‍රෝං පක්ෂි ඒස්වාහඃ’
බුද්ධ පූජාවට තැබූ බත්ගෙන 108 වර මතුරා මත්පැන් පානය නවත්වන්න බැරි අයට දෙන්න. වහා නවතී. කිලිනොවැදිය යුතුයි. දින 7යි
‘ඕං වග්රවෝ මහා
ලෝකෝ ඒස්වාහඃ’
මුහුණ බලා කතා කරන අතර, මෙම මන්ත්‍රය සිහි කරනු. තමාට වශී වෙයි. ගන්න බැරි ණය දෙනු ඇත. නොදෙන මුදල් වහා ලැබේ. ආදායම වහා වැඩි වෙයි. වියදම අඩු වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
