• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, June 30, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ගැබිනි සමයේ ගෙයක් හැදුවොත් මොකද වෙන්නේ

February 13, 2021
in Astrology
A A
ගැබිනි සමයේ ගෙයක් හැදුවොත් මොකද වෙන්නේ

නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් විවිධ ජන විශ්වාසයන් වගේම විවිධාකාර මතවාදයනුත් සමාජයේ මුල්බැසගෙන තිබෙනවා. මේවා හරයකින් තොර යැයි කියා ඉවත දැමීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවන අතර එවැනි විශ්වාසයන් තුළ ගැබ්වූ විශේෂිත හේතු සාධකද ඇති බව බොහෝමයක් ජ්‍යොතිෂවේදීහුද අවිවාදයෙන් පිළිගනිති.

මෙවැනි මතවාද අතර ඉදිරියෙන්ම කියැවෙන මතයක් තමයි ගැබිනි සමයේ නිවාස ඉදිකිරීම හොඳද, නරකද කියන කාරණය. මෙහිදී සැලකිල්ලට ගතයුතු කාරණා විශාල ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් විදිහට ගතහොත් කුරුල්ලන් කූඩුවක් තනන්නේද ඉතාමත් සූක්ෂ්මව ආරක්ෂිතව සහ ඊටම ගැළපෙන පරිසරයකයි. එහිදී ඕනෑම කුරුල්ලකු තමාගේත් තම පැටවුන්ගේත් ආරක්ෂාව සියයට සියයකින් සපිරෙන තැනක කූඩුව සැකසීමට උනන්දු වෙනවා. ඊළඟට එම කුරුල්ලන් කූඩුවක් තනන්නේ කොයි කාලයේද යන්නත් සිතා බැලිය යුතු කාරණයක්.
විශේෂයෙන්ම ඕනෑම කුරුල්ලකු හෝ කුරුලු ජෝඩුවක කූඩුව සකසනු ලබන්නේ කිරිල්ලිය බිත්තර දමන්නට සූදානම්ව සිටින අවදියෙහිය. ඔවුන්ද සිය අනාගතය පිළිබඳව බරපතළව සිතනු ඇත්තේ එම කාලයේය. එහෙයින් එම අවධියේ කූඩු තැනුවා කියා කුරුල්ලන්ට කූඩුවෙන් දෝෂයක් සිදුවූවා යැයි කියා සිතීමට අවස්ථාවක් නැත. එසේ නම් මිනිසාටද එය එසේම පොදු විය යුතුය. එහෙයින් ගැබිනි සමයේ නිවාස ඉදිකිරීම, අලුත්වැඩියාව ආදිය සුදුසු නැතැයි කීම එතරම්ම සාර්ථක මතවාදයක් නොවන බව පැහැදිලිවේ. මන්ද නිවාස ඉදිකිරීම හා ගැබිනි සමය අතර අසුබවාදී සම්බන්ධයන් තිබිය නොහැකි බැවිනි.

කෙසේ නමුත් අද වන විට බහුතරයක් දෙනාගේ මතය වී ඇත්තේ ගැබිනි සමයේ නිවාස කටයුතු කිරීම අතිශය අසුබ බවත්, එය උපදින්නට සිටින දරුවාට නුසුදුසු බවත්ය. එහෙත් එවැන්නක් වාස්තු විද්‍යානුකූලව ඔප්පු කළ හැකිද යන්න සැක සහිතය. එසේම වාස්තු විද්‍යාවට ස්ත්‍රියකගේ ගැබිනි බව කෙසේ සම්බන්ධ වී ඇද්ද යන්නත් දෙවරක් සිතා බැලීම වටී.

එමෙන්ම වර්තමානයට මේ තත්ත්වය මඟහැරීම ගැටලුසහගත නොවුණද අතීතයේ සිටි වැඩිහිටියන් ගැන සිතා බැලුවහොත් ගැබිනි සමයන් මඟහැර නිවසක් හදන්නට සිතීම කිසිදා ගෙයක් නොසාදා ඉන්නට කදිම උපක්‍රමයක් සේ පෙන්වා දිය හැක. මන්ද එවකට එක් පවුලක දරුවන් හයක් හතක් වරදින්නේ නැත.

කෙසේ නමුත් ජ්‍යොතිෂයටත් වාස්තු විද්‍යාවටත් අනුව නිවෙසක් ඉදිකිරීමට පෙර සිදුකළ යුතු සියලු කාරණා අඩුවකින් තොරව සපිරීම වැදගත් වේ. එනිසා ගෘහණියගේ ගැබිනි බව ගැන සිතනවාට වඩා තමා හදන්නට සූදානම් වන නිවෙසේ නිසි ප්‍රමිතිය සහ වාස්තු සිද්ධාන්තවලට අනුකූල වන තත්ත්වය ඉතා උසස් අයුරින් පවත්වා ගන්නට කළයුතු කිරීම වැදගත් වේ.

එමෙන්ම ඔබ ගැබිනි සමයක නිවෙසේ කටයුතු අඹනවා නම් පහත සඳහන් කාරණා කිරීමෙන් තත්ත්වය සමබර කරගන්නට හැකියාව ඇත. ඒ අනුව නිවාස ඉදිකරන බිමෙහි ඊශාන දිශාව ඉතා වැදගත් මෙන්ම බටහිර දිශාව ඔබගේ සියලු කාරණා සඳහා තදින්ම බලපාන දිසාවයි. එහෙයින් ඊසාන දිශාවේ කොහොඹ පැළයක් සිටුවා ඉන්පසු බටහිර දිශාවට බරව අඹ පැළයක් හෝ බෙලි පැළයක් සිටුවා විශ්වයෙන් ලැබෙන ශක්ති කිරණ සමතුලිත කරගත හැක. යම් අයහපතක් සුළුවෙන් හෝ වේ නම් එමගින් අයහපත් තත්ත්වය සමනය වී යහපත උදාවනු ඇත.
මීළඟට තවත් කාරණා කිහිපයක් වැදගත් වේ. නිවෙසේ ගෘහ පිණ්ඩය පරම මෛත්‍රි හෝ මෛත්‍රි නැකැත්වල පිහිටුවා ගැනීම, රවි බලවත් නැකතක නිවෙසේ මුල්ගල් තැබීම, ඊසාන, නිරිත සහ බටහිර හිස් නොකිරීම, බ්‍රහ්ම පාදය නොපෑගෙන සේ ගෘහය සැකසීම ඒ අතර සුවිශේෂී කාරණාවන්ය.

කෙසේ නමුත් ඔබ ආවට ගියාට නිවෙස ඉදිකිරීම කළහොත් වාස්තු දෝෂ හේතුවෙන් සිදුවන හානිය එලෙසින්ම සිදුවේ. බොහෝදෙනෙක් කරන්නේ එවැනි දෝෂ සහිතව නිවෙස සකසාගෙන පසුව එහි අසුබතාවලින් හිත නිදහස් කර ගැනීමට විවිධාකාරයේ නිදහසට කරුණු සෙවීමය. එසේ කරුණු සෙවීමේදී ගැබිනි බවද ඊට ඈඳා ගැනීමට බහුතරයක් දෙනා ක්‍රියා කරනු දැකිය හැක.

එනිසා අවශ්‍ය වන්නේ සුදුසු දේ සුදුසු ආකාරයෙන් සහ නිවැරැදි ආකාරයෙන් කිරීම මිස දෝෂ සහිතව යමක් කර නිදහසට කරුණු සෙවීම නොවේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සහ අංගලක්ෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

Share53Tweet33SendShare13
Previous Post

‘දෙවියො දුන් දඬුවම’ ගැන රන්ජන් ඇතුළේ ඉඳන් පොතක් ලියයි

Next Post

ඕන දේකට ඔට්ටු අප්පච්චිට නොදැවෙනි පුතණ්ඩියා

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...

Read more
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022
එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

June 30, 2022
මේ නායකයා මැද පෙරදිගින් උදව් ගන්නවා කීවාම එදා මේ අය හිනාවුණා! එදා කටාර් අරමුදලේ උත්සවයට ගියා කියලා ඥානසාර හිමි ත්‍රස්තවාදය ඇදලා අරන් ගැහුවා! තෙල් ගන්න ඔක්කොම රටවල් තරහ වුණා! අද ලැජ්ජාවක් නැතිව තෙල් ඇමැති කටාර් යනවා තෙල් ඉල්ලන්න! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

June 30, 2022
කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

June 30, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net