Astrology
ඡන්ද දිනවන කේන්දරේ පිහිටීම
Published
6 days agoon

ඡන්දයක් දිනල ජනතා නායකයෙක් වෙන්න හැමෝටම බැහැ. ඒකට වාසනාව තියෙන්න ඕනෑ. හැබැයි වාසනාව කියන එකත් උපතින්ම අරගෙන ආවොත් තමයි වඩාත් සුබ වෙන්නේ. ඉතින් ඒ වාසනාව අවාසනාව ලියැවෙන කේන්දරේ මේ ගැනත් ලියැවිලා තියෙනවා. ඒවා විවිධාකාරයෙන් හඳුන්වන්නත් පුළුවන්. හැබැයි ඉතින් කේන්දරයක් තුළ ජන බලය ලබාගෙන ජන නායකයකු වන යෝග තිබුණා කියලා හැමෝටම ඡන්දයකට ඉදිරිපත් වෙන්න අවශ්‍ය කරන පරිසරයක් නැහැනේ. මුදල් යහමින් තිබෙනවා නම්, දේශපාලන බලය ලබාගන්න ඕනෑකමකුත් තියෙනවා නම් කේන්දරයත් බලවත් නම් ඡන්දයකට ඉදිරිපත් වෙන්න පුළුවන් බව ඇත්ත. ඒත් සමහරු ඉන්නවා අතේ ලොකු මුදලක් නැහැ. ජනතාව අතර වැඩ කරලා ලබාගත් අත්දැකීම් තියෙනවා.
කේන්දරයත් බලවත්. මෙන්න මෙහෙම අය සමහර විට ඡන්දයකදී වැඩි ඡන්ද ලබාගන්නවා. සමහරු මුදල් තිබෙන නිසා ඡන්දයට ගිහිල්ලා විශාල මුදලක් වියදම් කරලාත් ඡන්දය දිනාගන්න බැරි වුණු අවස්ථා ගැන පසුගිය මැතිවරණවලින් අපට දැනගන්න ලැබුණා.
ඔබගේ ජන්ම පත්‍රය තුළ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු යන ප්‍රධාන ග්‍රහයන් නව දෙනකු ගැන සඳහන් වෙන බව ඔබ දන්නවා. මේ අතරින් රවි ග්‍රහ මණ්ඩලයේ රජු ලෙස සලකනවා. කේන්දරය තුළ රාජකීයත්වය නියෝජනය කරන රවි බලවත්ව සිටීමෙන් කේන්දර හිමියාට කිසියම් රාජකීය බලයක් ලබා ගන්න පුළුවන්. ඉදිරියේදී දේශපාලන මගේ ගමන් කරන්න හෝ රාජ්‍ය අංශයේ රැකියාවක් ලබාගන්න හෝ රජයට සම්බන්ධ කොන්ත්‍රාත් වැඩ හෝ දැනට රජයේ හරි දේශපාලනයේ හරි ඉන්න ඔබ, තව තවත් ඉදිරියට යන්න හරි හිතා ඉන්නවා නම් මුලින්ම බලන්න කේන්දරයේ රවීගේ බලය.
රවි, මේෂ රාශිය තුළදී උච්ච බලයක් ලබාගන්නවා. එයිනුත් මේෂ රාශියේ අංශක 10දී තමයි වැඩිම බලය රවිට ලැබෙන්නේ. ඒ වගේම රවි, තුලා රාශිය තුළදී නීච වන අතර, තුලාවේ 10 වැනි අංශකයේදී පරම නීච තත්ත්වයකට පත්වෙනවා. ඔබ උපන් වෙලාවේ ඔබගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන් කුමන රාශියේ, කුමන අංශකයන් පසුකරමින් සිටියාද යන්න ඉතාමත් වැදගත්. සමහර ජන්ම පත්‍රවල ජන්මියා උපන් අවස්ථාවේ ග්‍රහයන්ගේ අංශක ගණන් ලකුණු කර තිබුණද එහෙම නැති ජන්ම පත්‍රත් හමු වෙනවා. එහෙම අවස්ථාවලදී ඔබ උපන් දිනට අදාළ පංචාංග ලිතක් පරීක්ෂා කර බැලීමෙන් ඔබට ඔබ උපන් වේලාවේ ග්‍රහයන්ගේ අංශක ගණන දැනගන්න පුළුවන්.
පරාශර ඍෂිතුමාට අනුව රවි ග්‍රහයා බලවත්ව සිටින අවස්ථාවක ඉපදුණොත් එයා රජෙකු බඳු බලවතකු වන බවද එහෙම නැත්නම් මහා ධනවතකු වන බවද සඳහන්. නමුත් යමෙක් උපදින අවස්ථාවේ රවි, තුලා රාශියේ හරි තුලා නවාංශකයේ හරි අංශක 10 පසුකරමින් සිටියේ නම් එම ජන්ම පත්‍රයේ තිබෙන අනෙකුත් සියලුම බලවත් යෝග භංග වන බවද සඳහන් වෙනවා.
මෙන්න මේ වගේ තැන් ගැන ඔබ ඡන්දය ඉල්ලන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනෙ. මොකද වෙනත් දේශපාලන යෝග කිහිපයක් දිහා බලලා දිනන්න පුළුවන් කියලා හිතාගෙන විශාල මුදලක් වියදම් කරලත් අන්තිමට ඡන්ද ගණන් කළාම පරාද වෙලා.
ග්‍රහයකුගේ ආරෝහණ ගමන ගැනත් අවරෝහණ ගමන ගැනත් අපි ටිකක් ඉගෙන ගන්න ඕනෙ. ආරෝහණ කියන්නේ නැඟී යන කියන අර්ථය බවත් අවරෝහණ කියන්නේ බැස යන කියන අර්ථය බවත් අපි දන්නවා. ග්‍රහයෙක් තම නීච රාශියේ සිට උච්ච රාශිය බලා යන ගමන ආරෝහණ ගමන ලෙසද, තම උච්ච රාශියේ සිට නීච රාශිය දක්වා බලය අඩුවෙමින් යන ගමන අවරෝහණ ගමන ලෙසද හඳුන්වනවා. රවි, මේෂ රාශියේදී උච්ච වෙනවානේ. ඉතින් ඔබේ කේන්දරයේ රවි ඉන්නේ වෘෂභ, මිථුන, කටක, සිංහ කන්‍යා කියන රාශිවලින් එකක නම් එයා අවරෝහණ රවි ඔබගේ ජන්ම පත්‍රයේ රවි ඉන්නේ වෘශ්චික, ධනු මකර, කුම්භ, මීන යන රාශියක නම් එයා ආරෝහණ රවි, සිංහ රාශිය රවිට අයිති නිසා සිංහ රාශිය තුළදී රවි ස්වක්ෂේත්ර බලය ලබා ගන්නවා. රවි නීච වන්නේ තුලා රාශියේදී.
කෙනකුගේ කේන්දරයේ ආරෝහණ රවි ත්‍රිකෝණ ස්ථානයක ඉන්නවා නම් එයා දුප්පත් පවුලක ඉපදුණත් රජකු හා සමාන බලවතකු බව සඳහන්. (ත්රිකේණ ස්ථාන කියන්නේ 5, 9 ස්ථාන) ඒ වගේම ආරෝහණ රවි ත්‍රිකෝණ ස්ථානයක සිටියදී සඳු ලග්නයේද ගුරු කේන්ද්‍රගතවද සිටියොත් ජන්මියාට රාජ්‍ය බලය ලැබෙන බවද ජ්‍යොතිෂයේ සඳහන්. කේන්ද්‍ර ස්ථාන කියන්නේ ජන්ම පත්‍රයක 1, 4, 7, 10 ස්ථාන.
දේශපාලන බලය ලැබෙනවාද කියන එක එහෙමත් නැත්නම් ඉහළ තලයක ජීවත් වෙන්න ලැබෙනවද කියන එක කේන්දරය තුළින් බලන්න පුළුවන් වන්නේ සියලුම ග්‍රහයන්ගේ බලයත් යෙදී ඇති යෝගවල බලයත් නිවැරැදිව තක්සේරු කිරීමෙන් අනතුරුවයි.
ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
