• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

නවග්‍රහ අපලෙට සන්තෝෂමක්

September 26, 2020
in Astrology
A A
නවග්‍රහ අපලෙට සන්තෝෂමක්

අපල යන වචනයෙන් හුදෙක්ම නිර්වචනය වනුයේ ඵලයක් නොමැති බවයි. ග්‍රහ අපල හෙවත් පීඩාකාරී තත්ත්වයන් උදාවූ විටදී වැස්ස අපට නවත්වන්නට නොහැකි නිසා කුඩයක්, වැහි කබායක්, තල් අත්තක්, හබරල කොළයක් හෝ කෙසෙල් අත්තකින් ආවරණය ලැබීමට පෙලඹේ.
ග්‍රහයන්ගෙන් වන අපල පීඩාවලදී ඒවායින් තරමක් දුරට හෝ පීඩා නොවිඳීමට යම් යම් ක්‍රමවේද ඉපැරැණි ඍෂිවරුන් විසින් ලොවට ප්‍රකාශිත ශාන්තිකර්ම රැසක් ග්‍රන්ථාරූඪ කර ඇත. කලින් සියලු සැප සම්පත්වලින් පිරී ඉතිරී ඇති අතර පසුව ඒවා සියල්ලම විනාශ වන තැනට කරුණු යෙදුණත් පැමිණි දුක් පැණි රසයි සිතා තම ජීවන ගමන යෑමට අදහස් කරන්නේ නම් එය ඉතා ප්‍රශස්ත කරුණකි.

ජ්‍යොතිෂයේ හරය දැනෙන්නේ ඇතැමුන්ට දුක් කරදර ළඟාවූ විටයි. එහෙත් ඒ ගැන අල්ප මාත්‍රයක්වත් නොසිතයි. ජ්‍යොතිෂය නොව අටලෝ දහමද පිළිගන්නේ වැටුණුදාටයි.
ගෙවී යන දශා, අන්තර් දශා මෙන්ම ග්‍රහයන්ගේ ගෝචරත්වයද සැලකිල්ලට ගෙන වඩාම අපලකාරී ග්‍රහයා තේරුම් ගෙන වැඩකටයුතු කිරීම බුද්ධිමත්ය. කේන්දරය පවා විශ්වාස නොකරන ඇතැම් අය කේන්දර බැලීමට සිතන්නේ තමන්ගේ වැඩකටයුතු අවුල් වූ විටයි. නව ග්‍රහයන් උදෙසා කළ යුතු ප්‍රතිකර්ම, පූජා විධි, ශාන්තිකර්ම පහතින් දක්වමු. ශනි අපලයට කාක නිල් ගලක් මුදුවට අල්ලා පැලඳීමට ඔබට කියූ විට ඔබට ලැබෙන්නේ මැග්නීසියා බෝතලයේ වීදුරුවකින් කපන ලද වීදුරු කාක නිලක් නම් ඉන්පසු සිදුවන්නේ කුමක්ද කියා බැලීම බුද්ධිමත්ය. ගෝමේද කපන්නේ බීර බෝතලයක වීදුරුවකින් විය හැකිය. ඊටත් වඩා වාලම්පුරි සාදන්නේ පිඟන් මැටි සෙරමික්වලින්ය. ලංකාවට පිටරටින් ගෙන්වන වීදුරු බාර්වලට ලේසර් කිරණ ඇතුළු කොට විවිධ හැඩතල අනුව කැපීම, වර්ණක වාලම්පුරි නිර්මාණය කරන බව ප්‍රසිද්ධ රහසකි. අපේ ඇස රවටන කෘත්‍රිම මෙවලම් අද වෙළෙඳ පොළේ ඕනෑ තරම් දක්නට ඇත. මේවාට රැවටෙන අයද කොතෙකුත් සිටින බවද නොරහසකි. අපි අද කතාබහක යෙදෙන්නේ වටිනා අදහස් රැසක්ම පාඨකයාට ඉදිරිපත් කිරීමටයි. ඒවා ඉපැරැණි ඍෂිවරුන් ලොවට හඳුන්වා දුන් අඟනා උපදේශයන්ය. ඔබත් මුදල් වැය නොකර ඔබටම කරගත හැකි මෙම ශාන්තිකර්මවලින් ඔබට යහපත සලසා ගන්නා මෙන් ඉල්ලමු.
නවග්‍රහයන් දෙන අපලවලින් බේරෙන ක්‍රමවේද
රවි අපලයට
ස්වර්ණ, තඹ ආදියෙන් නිමවන භාණ්ඩ, රත් පැහැති මල් වර්ග, නෙලුම් මල් ආදිය පූජා කිරීමෙන් දේව, භූත, ප්‍රේත ආදීන්ට පින් දීමෙන්, කහ පැහැති වස්ත්‍ර, ගිතෙල්, කුරුඳු පොතු, උක් හකුරු, මුංඇට දන් දීමත් යෙහෙකි. ඊට අමතරව වැඩිහිටි අයට සංග්‍රහ කිරීමෙන් පද්මරාග මැණික් ඇති තඹ මුදුවක් පැලඳීමෙන් ශිව ශීලම්බරී මෘතුංජය, ජිනපංජරය ආදී යන්ත්‍ර රන් හෝ තඹ පත්‍රවලින් ලියා නියමිත වාර ගණනින් ජපකොට පැළඳීමත් ඉතාම යහපත්ය.
සඳු අපලයට
පිච්ච මල්, සුදු මල්, ජලයේ පිපෙන මල් වර්ග, බෝධියට පූජා කිරීමෙන් පිරිත් දේශනා කරවීම සහ ඇසීමත්, සතුන්ට කිරි, පොරි වර්ග කෑමට දීමද සිල්වත් මෑණිවරුන්ට දන් දීමත් නවගුණ යන්ත්‍රය, රතන යන්ත්‍රය, 1000 වර ජප කර පැලඳීමෙන් මහා මංගල, රතන සූත්‍රය සහ කරණීයමෙත්ත සූත්‍රය උදේ, සවස භාවිතා කිරීමත් මැනවි.
කුජගෙන් වන අපලයට
රතු පැහැති මල්, රත් වස්ත්‍ර පූජා කිරීම, උක් හකුරු, තිරිඟු රත් හඳුන්, තඹ, පබළු, කණේරු මල්, රත්මල් මාලාවලින් තෙරුවන් පුදා ගිතෙල් සහ අබ තෙල් පහන් දැල්වීමත්, කතරගම දෙවියන්ගේ නම ආරූඪ කොට සෙත් කවියක් සාදා කියවීමද, මෘතුජය, අභිසම්භිධානය අඝෝර වැනි යන්ත්‍ර ජපකර පැලඳීමද යහපත්වේ.
බුධගෙන් වන අපලයට
ඇත් දත්, සල්මල් වර්ග, ධාන්‍ය වර්ග පිරිනැමීමත්, සුවඳ වර්ග, කණේරු මල්, බුලත්, පහන් වර්ග පූජාවන්, රිදී, පච්ච මැණික් පැලඳීමත්, නාමල් තලමල් පූජාවත් යහපත් ප්‍රතිඵල ගෙනෙන අතරම විෂ්ණු අඝෝරය, නීල මණ්ඩලය වැනි යන්ත්‍ර ජපකර පැලඳීමද, කොහොඹ ගසකට සාත්තු කිරීමද ගස ස්පර්ශ කිරීමද ඉතාම යහපත්ය. අපල දුරුවේ.
ගුරුගෙන් වන අපලයට
පුෂ්පරාග මැණික් මුදුවකට අල්ලා පැලඳීමද, සමන්පිච්ච මල්, සුදු මල්, සුදු අබ, ඉද්ද කොළ, වැල්මීවලින් තැම්බූ ජලය නෑමද, බෝ ගසට සාත්තු කිරීමද, බෝ ගසක් මුල තමන්ගේ නමට සෑදූ සෙත් කවියක් කියැවීමද ඉතා යහපත්ය.
සිකුරුගෙන් වන අපලයට
එන්සාල්, මනෝසීල, කුංකුමජපු, කර්කංකශීංග්‍රි විෂ්ණුක්‍රාන්ති, සුවඳ කොට්ටන් තැම්බූ ජලය ස්නානය කිරීමද, නවනාථ සීලම්බරී, සංජීවනි යන්ත්‍ර 1000 වර ජපකර පැලඳීමද මැනවි. දියමන්ති, සුදු මැණික්, රිදී මුදුවකට අල්ලා පැලඳීම යහපත්වේ. කරඳ ගසක් සිටුවා වතුර දමා ස්පර්ශ කිරීමද ඉතාම සුබයි.
ශනිගෙන් වන අපලයට
කළු තල, අංජන ඇට, ලොත් සුඹුල්, බැබිල, වී, පොරි, සතකුප්ප, ඊතණ, දේවදාර, වදකහ තැම්බූ ජලය නෑමද යහපත්වේ. නිල් කාකනිල ගලක් ඇල්ලූ මුදුවක් පැලඳීමත්, නීල මණ්ඩලය විෂ්ණු අඝෝරය. ශනි මෘතුංජය යන්ත්‍ර ජපකර පැළඳීමත් මැනවි. ලග්න ප්‍රදීප පූජාව, තව බෝ පත්‍ර පූජාව ඉතාමත් යහපත්වේ.
රාහු අපලයට
රත් පැහැති මල් වර්ග, වැටකෙයියා මල්, තල තෙල්, ගිතෙල් පහන් දැල්වීම, මල් වර්ග බෝධියකට පූජා කිරීම, ගෝමේද ගලක් යකඩ හෝ තඹ මුදුවකට අල්ලා පැලඳීම, සෙත් කවි විෂ්ණු, කතරගම දෙවියන්ගේ නම් යොදා කියවීම. නාග මාලය, පාතාල මෘතුංජය යන්ත්‍ර පැලඳීම, කෙසෙල් ගසට සාත්තු කිරීම, වතුර දැමීම ඉතාම සුබයි. නාගර්ජුන යන්ත්‍රය පැලඳීම හා ලග්න ප්‍රදීප පූජාව තඹ බෝපත්‍ර පූජාව ඉතාම යහපත්ය.
කේතුගේ අපලයට
වෛරෝඩි මැණික් පැලඳීමත්, කෙසෙල් ගසට සාත්තු කිරීමත් සුබයි. ඊතණ, කොලොන්, මයිල, කලාඳුරු අල, සතකුප්ප, තල, පොරි, ගෝ මුත්‍රවලින් තම්බා ස්නානය කිරීම යහපත්වේ. නාග මාලය, අඝෝරය,පාතාල මෘතුංජය, යන්ත්‍ර ජපකර පැලඳීම යහපත්වේ.

ග්‍රහ අපල දුරුකර ගැනීම සඳහා ඉහත සඳහන් වතාවත් කිරීම ඉතා යහපත්ය. වැලිමළුවක ඇඟිල්ලෙන් බිම කේන්දර කොටුව ඇඳ සබ්බ පාපස්ස අකරණං ගාථාව 21 වරක් කියමින් පැපොල් පහන් 10ක් දැල්වීම ඉතා සුබයි. තඹ කොළයක් බෝපත්‍ර 9ක් තළා එතුළ ‘සබ්බ පාපස්ස’ ගාථාව පන්හිඳෙන් ලියා කපු නූලක දවටා බෝධිය අසල එල්ලන්න. දින 21ක් ඇතුළත ග්‍රහ අපල දුරුවී සෙත සැලසේ. ශ්‍රී ඉෂ්ඨාර්ථ සිද්ධි සාධනීය ත්‍රිකෝණ පිරමීඩ හැඩැති මහා බලගතු යන්ත්‍රය ඇද කපු පුළුන්වලින් සඳුන් තෙල්, රන් තැඹිලි තෙල් 1000 වර ජපකර පාවිච්චි කිරීමෙන් ඔබේ අපල දුරුවී එදිනෙදා මුදල් අතට ලැබේ. අත්දුටු කෙම් යන්ත්‍රයකි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

Share59Tweet37SendShare15
Previous Post

ධරණිගේ අයිතිකාරයා කවුද?

Next Post

තනියට ගිහින් අහම්බෙන් නිළියක් වුණා

MORE NEWS

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අරගලය අල වෙලාද?
Exclusive

අරගලය අල වෙලාද?

May 29, 2022

අරගලය, මේ වචනය වැඩියෙන්ම කතාබහට ලක්වෙන්න පටන් අරගෙන දැන් දවස් 50කට...

Read more
හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022
කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022
අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

May 29, 2022
රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

May 29, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලය අල වෙලාද?

අරගලය අල වෙලාද?

May 29, 2022
හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net