Astrology
බලගතු රුචක යෝගයේ වාසිය
Published
3 weeks agoon

වීර ක්‍රියාවන්හි හොඳ නිපුණතාවක් ඇති හමුදාවන්හි කටයුතු කරමින් දක්ෂකම් පෙන්වන අය රුචක යෝගයෙන් ජන්ම ප්‍රසාදය ලබා ඇත. එසේම මැර බලයෙන්, චණ්ඩිකමින් ජීවිතය මෙහෙය වන ධනවත්හුද මේ යෝගයට උරුමකම් කියති. විශේෂයෙන් මෙම රුචක යෝගයෙන් ජන්ම දායාදය ලබන්නෝ අතිශය තෙදවත් බවින් යුක්තය. සුප්‍රසිද්ධ, කැපී පෙනෙන සරු ජීවිතයක් ගතකරන අය වෙති. වස්තු, සම්පත්, ධන ධාන්‍ය ආදියට සැබැවින්ම හිමිකම් කියති. මෙම යෝගයෙන් උපන් අයගේ බියසැක පලා යති. කිසිවෙකුටත් බිය නැතිව ඉදිරියට යන ජවයෙන් යුක්ත වෙති. සතුරෝ මෙල්ල කරමින් පරදවන මොවුන් බොහෝ විට ජය පිට ජය ලබමින් තේජවන්තව වැජඹෙති.
මේෂ හෝ වෘෂ්චික ලග්නයෙන් ඉපදී කුජ ලග්න ගතවීම නිසා රුචක යෝගය යෙදෙයි. කුජ උච්ච ක්ෂේත්රව සිටින විට තරමක් සුබපල ගෙන දීම අඩු වේ. කොහොම නමුත් රුචක යෝගයෙන් බලය වඩවඩාත්ම ප්‍රබල වන්නේ කුජගේ මිත්‍ර ග්‍රහයන් විසින් සුබ දැකීම ඇතිව සිටියහොත් පමණි. අසුබ ග්‍රහයන්ගේ දැකීම බොහෝ විට රුචක යෝගයේ බලය අඩුකර පෙන්වීමක්ද වෙයි.
වාසනාවන්ත ජීවිතයක් ගතකිරීමට නම් උනන්දුව තිබිය යුතුය. එසේම සුබ ග්‍රහ යෝගයකින් එසේත් නැතිනම් සුබ ග්‍රහයෝග කිහිපයකින් උත්පත්තියද ලබා සිටිය යුතුයි. සමහර විටෙකදී සුබ ග්රහයෝගවලදී තිබෙන සුබපල දුර්වල කරමින් නුසුදුසු නරක පැත්ත ඉස්මතු කෙරේ. එම නිසා ජීවිතය නොමඟට යොමුකර නොගත යුතුව ඇත. තම ජීවිතය හොඳම පැත්තට යොමුකර ගතහොත් සුබ ග්‍රහ යෝගවල ප්‍රතිඵල එලෙසින්ම ලබාගෙන තම ජීවිතය හොඳ පැත්තට යොමුකළ හැකිය. පෙර ඍෂිවරයන් පවසා ඇති පරිදි සුබ ග්‍රහයෝග, අසුබ ග්‍රහයෝග දහස් ගණනින් ඇති බව මිනිය හැකිය.
රුචක යෝගය යෙදෙන්නේ අඟහරු නැත්නම් කුජ ග්රහයාගෙනි. කුජ එඩිතරය. එසේම හිතුවක්කාරය. හිතුවක්කාර ගති තිබුණද ශූරය. වීර වික්‍රමාන්විත භාවයට අධිපතිත්වයක් දරති. කල කෝලාහල, අඬදබරවලට අධිපතියා ලෙස හඳුන්වන අඟහරුගෙන් හදිසි අනතුරු, ලේ වැගිරීම් වැනි පීඩා ඇති කරයි. කුජගෙන් වස – විසවලින් හානි සිදුවෙයි. එමෙන්ම විදුලිසැරවලින් ජීවිතයට පීඩා ගෙන දෙයි. හදිසි තීරණවලින් ඉක්මන් විවාහයකට මඟපාදන්නේ හතේ කුජ සිටින විටකදීය.
ජන්මියකුගේ උත්පත්තියේදී ලග්නය 4, 7, 10 යන ස්ථානයක, කුජ ග්‍රහයා හෙවත් අඟහරු බලවත් වීම, නොඑසේ නම් උච්ච ක්ෂේත්රව හෝ ස්වක්ෂේත්රව සිටීම රුචක යෝගයේ උදාවයි. කුජගේ ස්වක්ෂේත්ර රාශිය මකර රාශිය වනවා සේම, මේෂ, වෘශ්චික යන රාශි ද්වය කුජගේ ස්වක්ෂේත්ර රාශින් වෙයි. යම්කිසි කෙනකු මකර ලග්නයෙන් උත්පත්තිය ලබා එම ලග්නයෙන් කුජ ග්‍රහයා උච්ච ක්ෂේත්‍ර බලයකින් වැජඹීම නිසා රුචක යෝගය එම අයට යෙදේ. මේෂ ලග්නයෙන් ජන්ම දායාදය ලබා සිටින ජන්මියකුගේ දස වැනි ස්ථානය මකර රාශියට අයත් වෙයි. එසේ වූ විට 10 වැන්නේ කුජ ග්‍රහයා සිටීමෙන් හෙවත් ප්‍රවිෂ්ට වීමෙන් රුචක යෝගය යෙදෙන අතර, කුජ ග්‍රහයා ස්වක්ෂේත්ර වීමෙන්ද සාමාන්‍ය ලෙස එම රුචක යෝගයට හිමිකම් කියයි.
කොහොම නමුත් සුබ ග්‍රහ යෝගයකින් සුබ ග්‍රහ යෝග කිහිපයකින් උපත ලබා වාසනාවන්ත දිවි පෙවෙතක් ගතකිරීමට උනන්දු වන්නෝ රුචක යෝගයෙන් දක්ෂකම් දක්වන්නෝ වෙති.
ජ්‍යොතිෂවේදී හේමපාල පතිරණ
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
