• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, June 30, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

රජකම දෙපා මුලට ගෙනත් දෙන කේන්දරේ වාසනාව

October 24, 2020
in Astrology
A A
රජකම දෙපා මුලට ගෙනත් දෙන කේන්දරේ වාසනාව

ජ්‍යොතිෂයේ සඳහන් දහසකුත් එකක් යෝග අතරින් ජන්ම පත්‍රයක ඉතා කලාතුරකින් යෙදෙන සිංහාසන යෝගයට හිමිවන්නේ ඉතාම සුවිශේෂී ස්ථානයකි. ඒ සිංහාසන යෝගය නිර්මලව පිහිටි කල නිසැකවම ඉහළ ප්‍රතිඵල දෙනවා සේම යම් දුර්වලතාවකින් පිහිටියද යම් පමණ හෝ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ගෙන දෙන බැවිනි.

දුර ඈත අතීතයේ නම් සිංහාසන යෝග පිහිටි කල එම ජන්මීන්ට හිමිවූයේ රටේ රජකමය. එහෙත් වර්තමානයට එකී තත්ත්වය යාවත්කාලීන කර ගළපා ගැනීම සිංහාසන යෝගයෙන් උපත ලද්දෝ කෙතරම් දිළිඳු අසරණ පවුල් පසුබිමක ජනිත වුවද ඉදිරි අනාගතයේ එකී ජන්මියා සමාජයේ කවර හෝ ඉහළ නිලයක, තානානන්තරයක වැජඹීම නම් ස්ථිරය. සිංහාසන යෝගයෙන් මෙලොව ජනිත වීම ඉතා අපහසු සේම එසේ උපන්නවුන් අනුන් යටතේ සේවය කිරීමට බොහෝ විට අකැමැතිය. ඒ ඔවුන් නායකත්වය, මූලිකත්වය, ප්‍රමුඛත්වය අපේක්‍ෂා කරන බැවිනි. මෙම යෝගය හිමියන්ට උක්ත තත්ත්ව හිමිවනුයේ නිරායාසයෙනි. මෙවැන්නන් ස්ත්‍රී වේවා, පුරුෂ වේවා බොහෝ විට සමාජයේ කැපී පෙනෙන ව්‍යාපාරිකයන්ය. සාමාන්‍යයෙන් සිංහාසන යෝගයෙන් උපන් ජන්මි ජීවිතය තරුණවිය දක්වා රක්‍ෂා කරගැනීම තරමක් අපහසුය. එනමුත් යම් ලෙසකින් මෙම යෝග හිමියෝ තරුණ වියට පා තැබුවහොත් යෝගයේ බලදුබලතාවය මත ප්‍රතිඵල ලැබෙනු ස්ථිරය. විශේෂයෙන් යෝගයට දායක බලවත් ග්‍රහයකුගේ හෝ ඡායා ග්‍රහයකුගේ මහ දශා, අතුරු දශා ලැබීමේදී හා ඒ සමඟයෝගයට අදාළ ග්‍රහයන් සුබ ගෝචරයක යෙදීමෙන් උසස් ප්‍රතිඵල හිමිවෙයි.

සිංහාසන යෝගය ජන්ම පත්‍රයක 2, 6, 8, 12 යන දුෂ්ට ස්ථාන හෙවත් ත්‍රික ස්ථානවල ග්‍රහයෝද, ඡායා ග්‍රහයන්ද තැන්පත් වීමෙන් නිර්මාණය වෙයි. මෙහිදී අවම වශයෙන් එක් ස්ථානයක ග්‍රහයකු හෝ ඡායා ග්‍රහයකු සිටිය යුතුය. සාමාන්‍යයෙන් කේන්දරයක 2 වැන්න ද්විතීක මාරක ස්ථානය ලෙසද, 6 වැන්න රෝග ස්ථානය ලෙසද, 8 වැන්න මරණය හෙවත් ආයුෂ ස්ථානය ලෙසද, 12 වැන්න වැයස්ථානය ලෙසද හැඳින්වෙයි. පොදුවේ ගත් කල උක්ත 2, 6, 8, 1…. යන සිවු ස්ථානයම අසුබ ස්ථානයන්ය.

සිංහාසන යෝගය හිමියන් කරා ධනය, බලය, කීර්ති, ප්‍රශංසා, ගරු නම්බු, ගෞරවනාම යනාදිය ගලා එන්නේ නිරායාසයෙනි. විශේෂයෙන් ත්‍රීක ස්ථානයේ සියලුම ග්‍රහයන් ඒකරාශී වීමත් එසේ නොමැති කල එම ස්ථානවල පාපීන්ම සිවුදෙනෙක් ස්ථානගත වීමක් තුළින් යෙදෙනා සිංහාසන යෝගය ඉතාම ප්‍රබලය. මොවුන් තම ආත්ම ගෞරවය උපරිමයෙන් රැක ගන්නා ආත්ම අභිමානයෙන් යුතු පුද්ගලයන්ය. යම් ලෙසකින් සිංහාසන යෝගය ලග්නයේ තැන්පත් වූ චන්ද්‍රයා කෙරෙහි යෙදෙන විට වඩාත් බලවත්ය. කරුණු කාරණා එසේ නමුත් ඇතැම් ජ්‍යොතිෂ පොතපතට අනුව රාහු හා කේතු යන ඡායා ග්‍රහයන් මෙකී යෝගයට දායක නොවන බවද සඳහන් වෙයි. කෙසේ නමුත් සිංහාසන යෝගයේ බලය යම් යම් හේතුවෙන් අඩු වන කල යෙදෙනුයේ අර්ධ සිංහාසන යෝගය වෙයි. අර්ධ සිංහාසන යෝගය බොහෝ විට යෙදෙනුයේ ග්‍රහ දෘෂ්ටිවලිනි. එවැනි අර්ධ සිංහාසන යෝග උසස්ම ප්‍රතිඵල නොමධ්‍යම ප්‍රතිඵල ගෙනදෙයි.

සාමාන්‍යයෙන් ජන්ම පත්‍රයක පාපී ග්‍රහයන් ලෙස හඳුන්වනුයේ කුජ, ශනි, අඩසඳු හා රවි යන ග්‍රහයන්ය. මේ හැර රාහු හා කේතු යන ඡායා ග්‍රහයන් පාපීන්ම සේ සැලකේ. තවද මෙකී පාපීන්ට පරිබාහිරව ඒ ඒ ලග්නයට පාපීන් වන ග්‍රහයන්ද ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. එසේම ජන්ම පත්‍රයක දුෂ්ට ස්ථාන අධිපතීන්ද 3, 7, 11 අධිපතීන්ද පාපීන්ම සේ සැලකෙයි. යම් ජන්ම පත්‍රයක සිංහාසන යෝග පිහිටීම දුටුකල එම යෝගය තුළ තැන්පත් ග්‍රහයන්ගේ රාශිගත බලය සේම භාවගත බලය මැනවින් තුලනාත්මකව තක්සේරු කර පලාපල පැවැසිය යුතුය. එසේම එම ග්‍රහයන් තැන්පත් නැකැතද අදාළ භාවාධිපතියේ ඇති සතුරු – මිතුරු කමද සැලකීමට බඳුන් කළ යුතුය. මීට අතිරේක යෝගයට දායක ග්‍රහයන් අෂ්ථද ග්‍රහ යුද්ධ ආදියෙන් පරාජිතද සුබ – අසුබ ග්‍රහ දෘෂ්ටි ලබා භාව සන්ධි ගතද නොයෙසේ නම් භාව ආරෝහණ හෝ අවරෝහණද භාව මධ්‍ය ස්ඵුට ආසන්නයේද යන වග විමසා බැලිය යුතුය. තවද ලග්න කේන්දරයේ පමණක් නොව නවාංශක කේන්දරයේද යෝගයට අදාළ ග්‍රහයන් බලවත් නම් නිසැකවම සිංහාසන යෝගයේ ප්‍රතිඵල ජන්මියාට ලබාදෙයි. එනමුත් යම් ලෙසකින් මෙකී යෝගය ඉතාම දුබලව, දුර්වලව පිහිටි කල යෝගය යම් පමණ පලදීම සැක සහිත බව කිවයුතුමය. ඔබට මේ ලිපිය අධ්‍යයනය තුළින් ඔබේ ජන්ම පත්‍රයේ සිංහාසන යෝගය පිහිටා ඇත්ද, එය පලදෙන මට්ටමක පවතීද යන්න අවබෝධ කරගත හැකිය.
ජ්‍යොතිෂවේදීනි මංජුලා පුෂ්පරාංගනී

Share52Tweet33SendShare13
Previous Post

ටෙලි කරළියට ආපු අලුත්ම පෙම්වතා

Next Post

DFCC බැංකුව 65 වන සංවත්සරය වෙනුවෙන් කුරුණෑගලට නවීන පහසුකම් සහිත ශාඛාවක්

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...

Read more
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022
එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

June 30, 2022
මේ නායකයා මැද පෙරදිගින් උදව් ගන්නවා කීවාම එදා මේ අය හිනාවුණා! එදා කටාර් අරමුදලේ උත්සවයට ගියා කියලා ඥානසාර හිමි ත්‍රස්තවාදය ඇදලා අරන් ගැහුවා! තෙල් ගන්න ඔක්කොම රටවල් තරහ වුණා! අද ලැජ්ජාවක් නැතිව තෙල් ඇමැති කටාර් යනවා තෙල් ඉල්ලන්න! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

June 30, 2022
කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

June 30, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net