Astrology
විවාහයේදී නොගැළපෙන ලග්න ඇවිළෙන හැටි
Published
2 weeks agoon

විවාහයක් සිදුකිරීමට පෙර පොරොන්දම් ගැළපීම, හඳහන් බැලීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මෙහිදී රාශීන්ගේ බලපෑම ගැනද යම් සොයාබැලීමක් සිදුකරයි. කෙසේ වෙතත් ඒ ඒ ලග්න අනුවත් එම ලග්නවලට බලපාන ග්‍රහචාර අනුවත් එකිනෙක ලග්න රාශීන්ට අයත් සහ ආවේණික ගුණ ලක්ෂණ තිබේ. එම ලක්ෂණ අනුව ඊට ගැළපෙන අනෙකුත් ලග්න හඳුනාගත යුතුය. එවිට ගැළපෙන අය හඳුනා ගැනීම පහසුය. ඒ තොරතුරු අනුව එකිනෙක ලග්නවල ස්වභාවය පහත පරිදි වෙයි.
* මේෂ රාශිය කෲර රාශියකි. පුරුෂ රාශියක් වන අතරම විෂම චර රාශියකි. තේජෝ බලයෙන් යුතු වෙයි. කුජ ග්‍රහයාට අයත් වෙයි.
* වෘෂභ රාශිය සෞම්‍ය වූ ස්ත්‍රී රාශියකි. පඨවි ධාතුවේ සිකුරු ග්‍රහයාට අයත් වෙයි.
* මිථුන රාශීය කෲර වූ පුරුෂ රාශියකි. විෂම උභය රාශියකි. වායෝ ධාතුවට අයත් වෙයි. එසේම බුධ ග්‍රහයාට අයත් රාශියක්ද වෙයි.
* කටක රාශිය ස්ත්‍රී රාශියක් වන අතර, සම චර රාශියක්ද වෙයි. ආපෝ ගුණයෙන් යුතු සඳු ග්‍රහයාට අයත් රාශියකි.
* සිංහ රාශිය කෲර වූ පුරුෂ රාශියකි. විෂම හා ඝර රාශියක්ද වන අතර, තේජෝ ගුණයෙන් යුතු රවි ග්‍රහයාට අයත් වූ රාශියකි.
* කන්‍යා ලග්නය සෞම්‍ය වූ ස්ත්‍රී රාශියකි. සම උභය රාශියක්ද වෙයි. පඨවි ධාතුවට අයත්ය. බුධ ග්‍රහයා අධිපතිය.
* තුලා රාශිය කෲර පුරුෂ රාශියකි. විෂම චර රාශියක්ද වෙයි. වායෝ ගුණයෙන් යුතු සිකුරු ග්‍රහයා අධිපතිත්වය දරයි.
* වෘශ්චික රාශිය සෞම්‍ය ස්ත්‍රී රාශියකි. සම රාශියක් වන අතරම, තිර රාශියක්ද වෙයි. ආපෝ ගුණයෙන් යුතු කුජ ග්‍රහයාට අයත් වෙයි.
* ධනු රාශිය කෲර වූ පුරුෂ රාශියකි. විෂම උභය ගුණයෙන් යුතු තේජෝ බලැති ගුරු ග්‍රහයාට අයත් වූ රාශියකි.
* මකර රාශිය සෞම්‍ය ස්ත්‍රී රාශියකි. පඨවි ගුණයෙන් යුතු සෙනසුරුට අයත් වූ රාශියකි.
* කුම්භ රාශිය කෲර වූ පුරුෂ රාශියකි. විෂම තිර රාශියක් වන අතර, වායෝ ගුණයෙන් යුතු සෙනසුරුට අයත්වූ රාශියකි.
* මීන රාශිය සෞම්‍ය වූ ස්ත්‍රී රාශියකි. සම උභය රාශියක් වන අතර, ආපෝ ගුණයෙන් යුතු ගුරුට අයත් වෙයි.
මේ ආකාරයට රාශි පොරොන්දම් ගැළපීමේදී දෙදෙනා උපන් රාශිවල ගැළපීම සහ චන්ද්‍රයා සිටින රාශියේ ගැළපීමද ඉතා වැදගත් කාරණයකි. ඊට හේතුව දෙදෙනකුගේ බාහිර මෙන්ම අභ්‍යන්තර ගැළපීමද ඉන් පෙන්නුම් කරන නිසාය. චන්ද්‍රයා සෑම කෙනකුගේම සිත නියෝජනය කරයි. දෛනාගේ ආසාවන් සහ හැඟීම් කොතෙක් දුරට ගැළපේද යන්න චන්ද්‍රයා පිහිටි තැන ගැන නිරීක්ෂණයෙන් හඳුනාගත හැකිය.
උපන් රාශි දෙකෙන් දෙදෙනනකුගේ රැකියා, හැකියා සහ බාහිර ස්වරූපය ඇතුළු බොහෝ දේ හඳුනාගත හැකි වෙයි. මේ නිසාම රාශීන්ගේ ගැළපීම සෙවීමේදී අමතක නොකළ යුතු කාරණයක් ලෙස චන්ද්‍රයාගේ පිහිටීම ගැනත් අවධානය යොමු කිරීම වැදගත් සේ සලකයි.
විවාහයකදී ස්ත්‍රිය ස්ත්‍රී රාශියකත් පුරුෂයා පුරුෂ රාශියකත් වීම සුබය. දෙදෙනාම ස්ත්‍රී රාශි දෙකටම අයත් වීමද සුබ වෙයි. එසේම ස්ත්‍රියගේ ලග්නයෙන් 7 වැන්න, 9 වැන්න හෝ 10 වැනි රාශිය පුරුෂයට හිමිවීමත් හොඳ ගැළපීමකි.
ස්ත්‍රිය උපන් රාශියෙන් 3 වැන්න හෝ 4 වැන්න, 8 වැන්න හෝ 12 වැනි රාශිය පුරුෂයාට හිමි නම් හෝ ස්ත්‍රී – පුරුෂ දෙදෙනාම පුරුෂ රාශි දෙකකට අයත් වීමද මධ්‍යම සුබපල දෙන කාරණයකි.
ස්ත්‍රි – පුරුෂ දෙදෙනාගේ ලග්න දෙක එකම ග්‍රහයකුට අයත් වීමද සුබ ගැළපීමක් ලෙස සැලකේ. දෙදෙනා අතර, සාමය, සතුට ඇති වීමට එය බලපායි. තවද තිර රාශිවල අයට චර රාශිද ගැළපේ. තේජෝ රාශිවල උපන් අයට වායෝ රාශිද ගැළපේ.
පඨවි රාශිවල උපන් ආපෝ රාශිද ගැළපේ. දෙදෙනාගේ ලග්න දෙක 5, 9 වශයෙන් හෝ 3, 11 වශයනේ පිහිටා ඇත්නම් එයද ඉතා සුබ පිහිටීමකි. මේ ආකාරයට වඩාත් සුබ රාශි ගැළපීමකින් යුතු නම් ඒ අයගේ යුගදිවිය තුළ සතුට, සැපත උතුරා යනු නිසැකය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
