කැකිරි ඉතා රසවත් වූ පහතරට එළවළුවකි. 30-35°Cl උෂ්ණත්ව පරාසය අඩි 1000ට අඩු මුහුදු මට්ටමේ සිට පවතින උසද කැකිරිවලින් උපරිම වර්ධනයක් ලබා දෙයි. කැකිරි Cucumis melo යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.
“Cucurbitaceae” (කුකර්බිටේසියේ) කුලයට මෙම ශාකය අයත් වෙයි. හින්දි භාෂාවෙන් “කක්‍රි’‘ ලෙසද, බෙංගාල භාෂාවෙන් “කාන්කුර් කාක්‍රි” ලෙසද, ද්‍රවිඩ භාෂාවෙන් “වේලපම්” ලෙසද, ඉංග්‍රීසි භාෂාවෙන් “ක්‍මජමපඉැර” ලෙසද හඳුන්වයි. කැකිරි සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රභේද නොමැත. නමුත් ආයුර්වේදය තුළ හේන් කැකිරි, තිත්ත කැකිරි, සීනි කැකිරි, ගොන් කැකිරි ලෙස සඳහන් වෙයි.
කාබනික ද්‍රව්‍ය මිශ්‍ර ජලවහන දියුණු පස වගාවට ඉතා හිතකරය. පරතරය1m × 1m ලෙස සිටුවීම වඩා යෝග්‍ය වෙයි.
වත්මන් ගෘහණිය කැකිරි ඉවුම්-පිහුම් සඳහා භාවිත කළත්, කැකිරි ඇට කුණු කූඩයට දැමීම සුලබ දසුනකි. කැකිරි ඇටවලට වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල් දියකිරීමට හැකියාව පවතී. කැකිරි ඇට ඇල්දිය යොදා අඹරා රෙද්දකින් හෝ දැලකින් පෙරා නැවත ව්‍යංජනයට එක්කිරීමට අතීත ගෘහණිය උනන්දු වූයේ මෙහි මහිමය අත්විඳීමටය.
කැකිරි ආයුර්වේදය තුළ වාතය හා සෙම වඩන ආහාරයක් ලෙස පිළිගැනේ. එසේ වුවත් කැකිරි මුත්‍රා දැවිල්ල රෝගී තත්ත්වයටද අනර්ඝ ඔසුවක් වන්නේ, මුත්‍රා පෙරණ, දෝෂ සමනය කර, මුත්‍රා පිටවීම ඉහළ නංවන හෙයිනි. ශරීරයේ දැවිලි ස්වභාවය, අම්ල පිත්තය, වමනය සහිත හිසරදය, නින්ද නොයෑම, මධුමේහය, වකුගඩු රෝග සඳහා කැකිරි දිව ඔසුවකි.
ජ්‍යොතිෂවේදී විරාජිත් බණ්ඩාර