Astrology
විශ්ව ශක්තිය බොරුවක්ද?
Published
3 weeks agoon

විශ්ව ශක්තිය යන්න කාලයෙන් කාලයට විවිධ නම්වලින් විවිධ හැඳින්වීම් සහිතව භාවිතා වූ සහ භාවිතා කළ කාරණාවකි. මෙය මහා ශක්තිය, විශ්ව පාලන ශක්තිය ලෙසද ඇතැම් තැන්හි සඳහන්ව තිබේ. අතීතයේ ඒ ඒ යුගයන් ආශ්‍රිතව ජීවත් වූ විවිධ ජන කොටස් සිය අභිමතාර්ථ ඉටුකර ගැනීමේ අරමුණ පෙරදැරිව විශ්ව ශක්තිය නමින් නොපෙනෙන බලවේග ඇදහූ බවටද ජනප්‍රවාදයෙහි මනාවට සඳහන් වේ. එසේම එම ශිෂ්ටාචාරයන්හි ජීවත් වූ බොහෝමයක් ජනයා සිය මනසින් නිර්මාණය කරගත් විවිධ රූපකායන් විශ්ව ශක්තිය හා සම්බන්ධ කරමින් පුද පූජා පැවැත්වූ බවටද තොරතුරු අනාවරණය වී ඇත.
බෞද්ධ, හින්දු දර්ශනයට අනුවත් වේදය, යෝගය, ආයුර්වේදය, ගුප්ත විද්‍යාව හා ශාන්තිවේදය වැනි පෙරදිග විiාවන්ට අනුවත් විශ්වය නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූත කොටස් එකතු වීමෙනි. එසේම විශ්වය නිර්මාණය වීමේදී ගති, තාප සහ අප්‍යායන යන ශක්ති ත්‍රිත්වයද ඊට දායකත්වය ලබාදෙයි. මේ අනුව විශ්වයේ නිර්මාණය හා විකාශනය සිදුවන්නේ පංච මහා භූත කොටස් සහ ත්‍රී ශක්ති එකතුවකිනි.
මෙහිදී ශනි, තාප, අප්‍යායන යනු විශ්වයේ ඇති උණුසුම, තෙත් බව සහ චලනය වීමේ හැකියාව හෙවත් මිනිස් සිරුර තුළ ඇති වාතය, පිත හා සෙම යන ත්‍රිත්වයයි. එහෙයින් විශ්වයේ ඇති භූත කොටස් හා ත්‍රී ශක්තියෙන් නිර්මාණය වී ඇති මිනිසාට විශ්වයේ ශක්තිය බලපෑම් කරන බව අමුතුවෙන් කිවයුතු නැත. ආයුර්වේද මතය අනුව මිනිසාගේ සියලු රෝග සඳහා හේතු වනුයේ ශරීරයේ ඇති මෙම වාතය, පිත සහ සෙම යන කොටස් තුනයි. වාතය යන්න මෙහිදී අදහස් කරනුයේ මිනිසාට ඇති චලනය වීමේ හැකියාවයි. ශරීරයේ ඇති වාතය, පිත හා සෙම තත්ත්වයන්ගේ අඩු වැඩි වීම තුළ මිනිසා රෝගී වන අතර, එම ශක්ති ත්‍රිත්වය පාලනය කරනුයේ විශ්වයේ ඇති ගති, තාප, අප්‍යායන නම් ශක්ති තුනයි. එහෙයින් පැහැදිලි වනුයේ මිනිසාගේ සියලු ලෙඩ රෝග පාලනය කෙරෙනුයේ විශ්ව ශක්තිය මගිනි.
මෙම ගති, තාප සහ අප්‍යායන ශක්ති ත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වයට මූලිකව බලපානුයේ සූර්යයා සහ චන්ද්‍රයාය. එය අපට පරිසරය තුළින් හොඳින් අධ්‍යයනය කළ හැකිය.
අප රටට ආසන්නයෙන් සූර්යා ගමන් කරන කාලවලදී අපගේ සිරුරේ උෂ්ණතවය ඉහළ යයි. ඒ තුළින් රෝග ඇති කරනුයේ මෙම තාප ශක්තිය වැඩි වීම හේතුවෙනි. එසේම චන්ද්‍රයාගේ පුර පක්ෂයේදී සෙම රෝග වැඩිවේ. ඒ අනුව විශ්වයේ ඇති ශක්තිය මිනිස් සිරුරට බලපෑම් කිරීම මනාව පැහැදිලිවේ. ඒ අනුව බලන විට අතීතයේ විසූ බොහෝමයක් ශක්ති විද්‍යාවන් ප්‍රගුණ කළවුන් මේ රහස් දැන සිටි බවත් එමගින් පල ලබාගත් බවත් පිළිගත යුතුය. කෙසේ නමුත් විශ්ව ශක්තිය පාලනයෙන් සහ භාවිතයෙන් මිනිස් සිරුරේ විවිධ ලෙඩ රෝග පාලනය කළ හැකි බව එදත්, අදත් පිළිගැනෙන කරුණකි. එහෙත් වර්තමානයේ මෙය ජාවාරමක් බවට පත්වීම හේතුවෙන් විශ්ව ශක්තියේ සත්‍යතාවය පවා අභියෝගයට ලක්වෙමින් තිබේ.
වර්තමානයේ විශ්ව ශක්තිය කියූ පමණින් බහුතරයකට මතකයට නැඟෙන්නේ ලෙඩ රෝග සුව කිරීමේ ක්රමවේදයක්ය යන මතය වුවද එය විශ්ව ශක්තියේ එක් පැතිකඩක් පමණක් බව පිළිගත යුතුය. මෙය අතිශය පුළුල් පරාසයක් පුරා විසිරී ගිය කාරණාවක් බව අවබෝධයෙන් වටහාගත යුතුය.
විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රමයකදී සිදුකරනුයේ විශ්වශක්තිය මනසින් පාලනය කිරීමේ හැකියාව සහ පළපුරුද්ද ලබාගත් පුද්ගලයකු රෝගී පුද්ගලයකුගේ දුර්වල වූ ත්‍රිදෝෂ කොටස් තමා හරහා එම පුද්ගලයාට ඇතුළු කිරීමයි. ආයුර්වේදයේදී වෛiවරයා කරනුයේද ඊටම සමානම කාර්යයකි. ඒ එලෙස දුර්වල වූ ත්‍රිදෝෂ කොටස් ඖෂධ මගින් යථා තත්ත්වයට පත්කිරීමයි. එසේම මන්ත්‍ර සහ ස්තෝත්ර මගිනුත් පිඹීම වැනි ක්‍රියාකාරකම් තුළිනුත් ශනි හෙවත් වාත ශක්තිය හසුරවයි. ඒත් සමඟම ශක්ති කිරණ එක්කළ ජලය පානයෙන්, අප්‍යායන හෙවත් සෙම ධාතුව වෙනස් කරයි. ශක්ති කිරණ හා ස්පර්ශය මගින් ශරීරයේ පිත හෙවත් තාප ශක්තිය වෙනස් කරයි.
නමුත් වර්තමානයේ බොහෝ තැන්වලදී බහුතරයක් දෙනා විශ්ව ශක්තිය මඟහැරගෙන ඇති බව තේරුම්ගත යුතුව ඇත. මන්ද නිසි තැන නිසි ලෙස විශ්ව ශක්තිය හඳුනා නොගත්තොත් නොදැනුවත්වම රෝගී වන හැටිත් අපහසුතා විඳින හැටිත් අද බහුලව දක්නට ලැබෙන බැවිනි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
