Astrology
සියල්ල කලින් කියන ජ්‍යොතිෂයේ මුල තියෙන තැන
Published
1 week agoon

ජ්‍යොතිෂ විiාවේ අත්මුල් සොයා යෑමේදී මහා රාවණ යුගයටත් පෙර ඈත අතීතයේ මෙලොවට පහළ වූ විවිධ ඍෂීන් පරපුරක්ම තෙවැනි ඇසින් අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහ තාරකා නිරීක්ෂණය කොට ජ්‍යොතිෂ විiාව ලොවට හඳුන්වා දී ඇත. දැනට භාවිත වන පරාශර, ජෛමිනි, දේවගණ, ක්‍රමවේදයන් සමග වෙනත් වේදාන්තයන්ද පැතිර පවතී. ජ්‍යොතිෂ විiාව පිළිබඳව ගවේෂණය කිරීමේදී පුද්ගලයකුගේ උපතේදී ඔහුට හෝ ඇයට දායාද වන ග්‍රහ කිරණ ශක්ති සමුදාය ගැන කිරා බලා සුබාසුබ විනිශ්චය කිරීමේ මනෝමය හැකියාව අතිශයින්ම සංකීර්ණ වෙයි.
සියලුම හේතුඵල කර්ම නියමයට පාදක වන්නේය. ජන්ම දත්ත එක්රැස් කිරීමේදී දහස් ගණනකින් සමන්විත කරුනු අඩංගු වී ඇති බැව් පැහැදිලිය. නිවුන් දරුවන්ගේ පවා දත්ත විශ්ලේෂණය කිරීමෙන් දෙදෙනාම දෙදෙනෙකු මිස එක් අයකු නොවන බව පැහැදිලි වේ. එයට හේතු වන්නේ ජන්ම කර්මවල ශක්තියයි. වාදන භාණ්ඩයක් සුසර කරන ලෙසම ජීව දත්ත සුසර කිරීමෙන් මෙහි අඩංගු වන දත්ත ගැන අසුබ නියාමනයකට පිවිසිය හැකි වෙයි.
කේන්දරයේ කොටු 12ට අයත් වන්නේ කරුණු දොළොසක්ම නොවේ. අති විශාල කරුණු රාශියක්ම එක් භාවයක් තුළ රැඳී පවතී. කිසියම් ජන්ම පත්‍රයක් පරීක්ෂාකොට පලාපල සොයා ගැනීමේදී අප විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වෙයි. මිනිත්තු හතර පහකින් කේන්දරයක් පරීක්ෂා කර බලා නිවැරැදි දත්ත හරහා තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වේ. නමුත් පරිගණකය හරහා සියුම් ගැඹුරු පුද්ගලයකුගේ ජීවිතයේ උපන් දා සිට නිරීක්ෂණයන් කළ හැකිද? මියයෑම දක්වා සිදුවන සියලුම දේ දුටුවන්ගේ කර්ම නියාමනයන්ට අනුගතවය. එය බුදුන් වහන්සේ දේශනා කර ඇත. අහස් සිතියමේ භ්‍රමණය වන සියලු ග්‍රහ වස්තුවලින් ජන්මියාට දෝලනය වන ග්‍රහ කිරණ කළු සුදු ප්‍රභේදය අනුව උපාදාන වන්නේ කර්ම නියාමනයන්ට අනුගතවය. එයයි මූලාශ්‍රය, සිද්ධාන්තය. ජ්‍යොතිෂ විiාව හරිහැටිම අවබෝධ කරගත හැක්කේ භාවනා ක්‍රමවේදය අනුගතවය. මනස දියුණු කරන ප්‍රබලතාවය තුළින් ග්‍රහ කිරණ බලවේගයන් ශුද්ධ මනසින් තෝරා බේරා ගැනීමට හැකියාව පෑදේ.
කේන්දරයක් මිනිත්තු 5කින් බැලිය හැකිද? පියවි ඇසට පෙනුණත් තෙවැනි ඇස අන්ධය. තෙවැනි ඇස ක්‍රියාත්මක වන්නේ බවුන්වඩන අයකුටය. ජ්‍යොතිෂවේදියා යනු සිත මනාව දියුණු කරගත් තැනැත්තාය. හුදෙක්ම මෙය වාණිජමය පසුපස දිවීමක් නොවේ. යහපැවැත්මක් අනුව තම සේවාදායකයාගේ මතයට ගෝචර වන ධනාත්මක උපදේශන දීම අනිවාර්ය වන්නේය.
පෙර කරන ලද කර්ම බලවේගයන් හරහා මෙලොව උපතලත් විටදී සුබ – අසුබ ප්‍රතිවිපාක ගෙනදෙනු බැව් ජ්‍යොතිෂ විiාත්මකව හෙළි වුවත් මෙලොවදී සම්මා සතියෙන් යුක්තව මනස හීලෑ කර බවුන් වැඩීමෙන් අකුසල කර්මයන් ඍණ පැත්තට හැරෙන බැව් පරම සත්‍යයකි.
කුජගේ දශාවත් ඊට පසු එළඹෙන රාහුගේ දශාවත් යන 25 වසර ජීවිතයේ 10 වැනි වියේදී ඇරැඹීමෙන් අසුබ ඵලම අත්වන බැව් පැවසීම සාධාරණ නොවේ.
මෙවන් අසුබ ඵලදෙන කාල පරාසය තුළ යහපත් ධනාත්මක මානසික ගනුදෙනුවකින් සිය දිවිය කළමනාකරණයේ යෙදෙන්නේ නම් ඵලදෙන අසුබ තත්ත්වයන් ඍණ පැතිකඩකට නැඹුරු වෙන බැව් ජ්‍යොතිෂ විද්‍යාත්මකව පැහැදිලි වේ.
ලබන සියලුම දේවල් පිළිගෙන කර්මයටම ඉඩ දී සිටීම අනුමත කළ නොහැක. කළයුත්තේ බුද්ධිමත්ව ක්‍රියාත්මක වීමයි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
