• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

වාස්තු සහ සල්ලි…

September 20, 2021
in Astrology, Kendaraya
A A
වාස්තු සහ සල්ලි…

නිවෙසේ මංගල දොරටුව ඇතුළු ඇතුළත දොරටු තැබීම නිවැරැදි වාස්තුවට අනුව කළ යුතු වේ. මෙය ගුරුකුල ආශ්‍රිතව පැවැත එන රහස්‍ය ක්‍රමවේදයක් බව පැහැදිලිය.

මුඛ පරම්පරාවෙන් පැවැතී ග්‍රන්ථාරූඪත්වයට පත්වූ වාස්තු විද්‍යාත්මක කරුණු අනුව බලන විට මේ අන්දමට විග්‍රහ කළ හැකිය. න,භ,ජ,රි,පූ යන් නන්දා, භද්‍රා, ජයා, රික්තා, පූර්ණා යනුවෙන්ය. මෙයින් නන්දා, ජයා, පූර්ණා යන පදවල මංගල දොරටුව තබනු ඇත. භද්‍රා, රික්තා පාද දෙකෙහි දොරටු තැබීම අසුබයි. විනාශ වේ. සුබ පාදවල මංගල දොරටුව තැබීමෙන් ධනය, සම්පත්, ජනප්‍රියත්වය, ජන ආකර්ෂණය, මිල මුදල්, සෞඛ්‍යය ලැබෙනු ඇත.

භද්‍රා, රික්තා පාදවල මංගල දොරටුව තැබීමෙන් සියල්ලම විනාශ වේ. එය සත්‍යයකි. අංක 1 අංක 3 අංක 5 පාදවල දොරටුව තැබීම සුබදායක වේ. 2 සහ 4 පාදවල තැබීම විනාශකාරී වන්නේය.

අංක 2-4 පාදවල මංගල දොරටුව තැබීම අසුබයි. දෝෂ ඇතිවේ යැයි ග්‍රන්ථවල දැක්වේ. තවද බ්‍රහ්ම පාදයට ඍජුව එකට එල්ල වන ලෙස මංගල දොරටුව තැබීමෙන් නිවෙසට විශාල අයහපත් දෝෂ ඇතිවේ. ලෙඩ රෝග, පවුල් අවුල්, මතභේද, ආයුෂ හීන වීම, බරපතළ ලෙස පවුලේ දියුණුව කඩාවැටීම, රැකියාවේ ගැටලු, අඹුසැමි අරගල, දරුවන්ට විපත්, දරුවන් නොමග යෑම, ඒ අයගේ ඉගෙනීම කඩාවැටීම, අයහපත් හැසිරීම, ලිංගිකමය ගැටලු ආදී ජීවිතයේ දහසක් ප්‍රශ්න ඇතිවේ. එය එසේම සිදුවී ඇති බැව් අප දැක ඇත්තෙමු.

තවද මංගල දොරටුව ගෙයි හරි මැද තිබීම වාස්තු දෝෂයකි. ගෙයි කෙළවරේ තබන විට වඩු රියන් අඟල් 32ක් හෝ අඟල් 18ක් වෙන් කළ යුතු වේ.

තවද මංගල දොරටුව එකට එල්ල වන සේ අනෙක් දොරටු එක කෙළින් තැබීම මහා වාස්තු දෝෂයකි. නිවෙසත්, නිවාස හිමියනුත් පරිහෙනු ඇත.

ගෙයි හරි මැද බ්‍රහ්ම පාදයටම මංගල දොරටුව තැබීමෙන් මුළු පවුලටම දෝෂ හටගනී. නිවාස හිමියාගේ ආයුෂ අඩුවීම, හදවතේ, තුනටියේ රෝග හටගැනීම, පවුලේ අසමගිය ආදී නිවාසහිමියා ඇතුළු සියලු දෙනාට විපත් ඇතිවේ.

ආගමික කුටිවලට බ්‍රහ්ම පාදය දෝෂයක් නැත. මේවා දවසේ වැඩි කාලයක්ම ශුන්‍යයි. මිනිසුන් නොගැවසේ. තවද විකර්ණ රේඛාවලට හසුවන ලෙස නිවාස ඇතුළත දොරටු තැබීම මහා වාස්තු දෝෂයකි. නිවෙසේ මුළුවලට අසුබයි. නිවෙසක දොරටු දෙකකට වැඩි සංඛ්‍යාවක් හරි මැදින් තිබීම වාස්තු දෝෂයකි. ප්‍රධාන දොරටුවට අනෙක් ගෙයි මුල්ලක් කෙළින් එල්ලවීමද අශුභ වේ. මේ ගැන හොඳින් සිතා බැලිය යුතුය. නිවෙසේ ප්‍රධාන දොරටුව ඇතුළතින් හෝ පිටතින් වාස්තු දෝෂ තැබීඹ අසුබයි. මේ ගැනද වඩාත් සැලකිලිමත් විය යුතුමයි.

තවද ප්‍රධාන මංගල දොරටුවට කෙළින්ම ළිඳක් හෝ ගසක් පිහිටා ඇත්නම් ඒ අතර පොල් ගසක් සිටුවීම සුබ බැව් දක්වා ඇත. එසේම ප්‍රධාන දොරටුවට වේධ වන වස්තු තිබේනම් ඒ අතර තාප්පයක්, නිවෙසේ කොටසක්, ගරාජයක් පිහිටුවීම දෝෂ නැතිවීමට එකම මඟක් වන්නේය.

කවුරු කෙසේ ප්‍රකාශ කළත් පැරැණි කාලයේ නිවාසවල පඩි කඳන් 4ක් එක්ව තිබිණි. ඒ ගොම ඇතිරූ කාලයේදීය. එහෙත් සිමෙන්ති හා ටයිල් ආ විටදී අර උළුවස්සේ දොරටුවේ පාදම යටි කොටස අතුරුදන් විය. දැන් උළුවහු පනින්නේ රීප්පයක් හෝ නූලක් හරහට ඇදගෙනය. මෙය මහා මිථ්‍යාවක් නොවේද? අපට හිතෙන හිතෙන හැටියට නිවාසවල වාස්තුව වෙනස් කළ නොහැකිය. එහි මූලාශ්‍රීය පදනමක් ස්ථාපිතවී තිබේ.

අද නවීන විද්‍යාවට හසු නොවන ඇතැම් කරුණු කාරණා එදා ඉපැරැණි ගැමියන් සොයාගෙන තිබිණි. ඒවා අදටත් වලංගුය. එදා වෘෂභයා (ගොනා) ගොම්මන් වෙලේ ඉඩමේ ලැග සිටි තැන නිවෙසක් ගොඩනගා සම්පත්ධාරීව නිරෝගීව යහපත් පවුල් දිවියක් ගතකරන ලදී. අද පැය කිහිපයකින් දවසින් සතියෙන් මාසයෙන් වසරකින් නිවැසියන් දික්කසාද වේ. ගේද දමා යයි.

සාදාගත් නිවෙස තුළ සාමයෙන් සමගියෙන් පවුලේ අයට ඉන්නට බැරි වන්නේ ඇයි? මෙයට උත්තර තිබේ. අද වී ඇත්තේ උත්තර සොයන්නට ගොස් තව තවත් ප්‍රශ්න ඇතිකර ගැනීමකි.

වසර 50ක් පුරා නිවාස වාස්තු පරීක්ෂා කිරීමේ විශාල අත්දැකීම් රාශියක්ම අත්දැක ඇත්තෙමු. මුදල් මතම යැපෙන ආර්ථික ක්‍රමයකට නිවාස වාස්තුවද ගොදුරක් බවට පත්වී තිබීම ඇත්තකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

Share89Tweet56SendShare22
Previous Post

විදේශ ආයෝජකයෙක්ට අයත් කොළඹ පර්චස් 214ක් ආණ්ඩුවේ නිලධාරිනුයි-මරදාන පොලිසියයි මහදවල් බලෙන් අල්ලගෙන! ඇමැතිවරයෙකුත් ගෑවිලා? උසාවි නියෝගයක්වත් නෑ! (VIDEO & PHOTOS)

Next Post

ගුරුවරුත් ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි!

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net