• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අබුද්දස්ස කාලේ ග්‍රහයොත් පිස්සු නටයිද?

October 20, 2021
in Astrology, Exclusive, Kendaraya
A A
අබුද්දස්ස කාලේ ග්‍රහයොත් පිස්සු නටයිද?

වර්තමානයේ බොහොමයක් කාරණා අතීතයට වඩා බෙහෙවින් වෙනස් වී ඇත. ඇතැම් අවස්ථාවල එම වෙනස්කම් අසාමාන්‍යද වෙයි. එසේ අසාමාන්‍ය ස්වභාවයක් පෙන්නුම් කරන විවිධ කාරණා අතර විවාහය යන කරුණ නොසලකා හැරිය නොහැකියි. මෙය වර්තමානයේ යම් තරමක ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබේ. මෙහිදී බොහොමයක් කරුණු සඳහා ඒ ඒ අයගේ ග්‍රහ පිහිටීම් සහ උත්පත්ති කේන්දරවල ග්‍රහ තත්ත්වයන් බලපාන බව ජ්‍යොතිෂයට අනුව පිළිගත යුතු වුවත්, ඇතැම් කරුණු දෙස බලද්දී බොහෝ පිරිසක් ග්‍රහයන්ට චෝදනා කරන බවක්ද පෙනී යයි. එහිදී බහුතරයක් තමාගේ වැරැදි වසාගන්නටද ග්‍රහයන් වරදකරුවන් කරන අවස්ථාද දකින්නට ලැබේ. ‘ඕක වුණේ කුජගෙ වරදින්. අහවල් ග්‍රහයා උච්ච වෙලා ඒකයි ඔය. අහවල් ග්‍රහයගෙ අපලයක් නිසානේ මේ සේරම…’ ආදී ලෙස චෝදනා ගොනුකර තමන් ඇඟ බේරාගන්නා අයුරුද දක්නට ලැබෙයි. ඇත්තටම එහෙම ග්‍රහයන් පිස්සු නටනවාද කියා කෙනකුට සිතෙන්නටද ඉඩ තිබේ. එහෙත් එහි ඇත්ත තත්ත්වය ඉතා කල්පනාකාරීව වටහාගත යුතුව තිබේ. මන්ද කේන්දරයක ග්‍රහ තත්ත්වය හරියාකාරව විමසුමට ලක් නොකළ විට ඇතැම් අනාගත ප්‍රතිඵලයන් හඳුනාගත නොහැකි වේ. එවිට එම ප්‍රතිඵල ලැබෙන විටදී ග්‍රහයන් පිස්සු නටනවා යැයි සිතෙන්නටද ඉඩ තිබේ.

කෙසේ වෙතත් තමන්ගේ වරද ග්‍රහයන්ගේ පිට නොපටවා සත්‍යය තේරුම් ගැනීමට කවුරුත් බුද්ධිමත් විය යුතුය. විශේෂයෙන්ම විවාහයකදී සිදුවන්නේ ප්‍රධාන වශයෙන් දෙදෙනාගේම ලිංගික ආශාවන් සපුරාගැනීමයි. විවාහයේදී තම සැමියාගෙන් පමණක් තෘප්තිමත් වන කාන්තාවන් සුළු පිරිසකි. ඔවුන් පතිදම් රැකගෙන සාර්ථක විවාහ ජීවිත ගත කරයි. බොහෝ කාන්තාවන් විකල්පයක් ලෙස තරුණ පිරිමින් ආශ්‍රයට රහසිගතව පෙලඹීම නොවැළැක්විය හැකි තත්ත්වයක් බව වර්තමානයේ අපට දැනගන්නට ලැබෙන සිදුවීම්වලන් පැහැදිලි වෙයි. මෙය සත්‍ය තත්ත්වයකි. කාන්තාවන් පමණක් නොව පිරිමින්ද එසේමය.

විවාහයේදී සහකාරියක් හෝ සහකරුවෙක් තෝරාගැනීමේදී තම අදහස්වලට ගැළපෙන අයකු සොයාගැනීම බොහෝ වටී. විවාහයක් යනු මිනිස් ජීවිතයක දෙවැනි උපත ලෙස සැලකේ. එය බුද්ධිමත්ව සිදුකර ගතහොත් විවාහ ජීවිතයේ බාධක නැත. දෙදෙනාම චරිතය කිළිටි කර නොගෙන පතිදම් රැකගෙන දරුවන්ද හදාවඩාගෙන සාර්ථකව ජීවිතය ඉදිරියට ගෙන යා හැකි වන්නේ එවිටයි. මෙවන් අයට ලැබෙන දරුවන්ද බුද්ධිමත් නිරෝගී, සමාජයම බබළවන දරුවන් වේ. එක සමාන අදහස් ඇති බොහෝ අය කේන්දර හඳහන් පොරොන්දම් නොගැළපුණද සාර්ථකව ප්‍රේම සබඳතා පවත්වා සාර්ථකව තම බුද්ධියෙන් විවාහ ජීවිතයට එළඹෙමින් සාර්ථක පවුල් ජීවිත ගතකරන පවුල්ද දුර්ලභව හෝ දැකගන්නට ලැබේ.

සමහරු පාසල් වියේදී ප්‍රේම සබඳතා පවත්වා ඒ දේවල් සමබරව පවත්වානෙ ගොස් බෞද්ධ සංස්කෘතිය රැකගනිමින් ඉගෙනීම කර, රැකියාවක් ලබා, නිවෙසක්ද තනා අවුරුදු ගණනාවක් පෙර වූ ප්‍රේම සබඳතාවම විවාහයක් බවට පත්කරගන්නේ ඥාති මවුපියන්ගේද ආශීර්වාදය මැදය.

තවත් සමහරු පොරොන්දම් නොබලා, චාරිත්‍ර ඉටු නොකොට, හිතුවක්කාර ලෙස විවාහයන් සිදුකරගනී. එවැනි බොහෝ විවාහ ටික කලකින් නිමාවේ. මවුපියන්ට හොරා තම නිවෙසින් පැනගිය දියණිය නැවත දරුවන් සමග මවුපියන්ගේ නිවෙසට පැමිණේ. දරු සෙනෙහස නිසාම මවුපියන් ඇයව භාරගනී. නමුත් දරුවන්ද අනාථ වෙයි. ප්‍රේම සබඳතා ගොඩනගාගෙන කලක් තිස්සේ සාර්ථකව පවත්වාගෙන යෑමට නම් දෙදෙනාම බුද්ධිමත් විය යුතුමය. දෙදෙනාම මානුෂීය හැඟීම් දන්නා අන්‍යොන්‍ය බැඳීමෙන් සිටිය යුතුය.

දැන් අපි විමසා බලමු ප්‍රේම සබඳතාවන් ජ්‍යොතිෂ ඇසට යොමුවන අයුරු.

ප්‍රේම සබඳතාවලට බලපාන ප්‍රධාන ග්‍රහයා සිකුරුය. ඊට අමතරව කුජ හා බුධ ග්‍රහයන්ද බලපායි. රාහු හා කේතු බලපාන්නේ ප්‍රේම සබඳතාවන් විනාශ කිරීමටයි. සිකුරු ග්‍රහයාත් සමහර විට ප්‍රේම සබඳතා විනාශ කරයි. මීන ලග්නයෙන් ජනිතව සිකුරු හත්වැන්න ගතවී නම් ප්‍රේම සබඳතා පවත්වාගෙන යෑම අසීරු වේ. ප්‍රේම සබඳතා කිහිපයක්ම ඇතිවී නැතිවී යයි.

රාහු දශාව තුළ කන්‍යාව හත්වැන්න වී නම් ප්‍රේම සබඳතා කිහිපයක් ඇතිවී සියල්ල නැතිවී මානසික රෝගී තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත.

රාහු ග්‍රහයා සිංහ රාශිගතව යෙදී තරුණ වියේදීම රාහු දශාව ලබයි නම් එම දශාව තුළද ඇතිවන ප්‍රේම සබඳතා වෙනස්වී යයි. සිත් තැවුල් ඇතිවේ. සමහර විට ඒ ගැනම සිතා මානසික ආතතිය හා විකෘති තත්ත්වයන්ද ඇතිවීමට ඉඩ ඇත.

මකර ලග්නයෙන් ඉපදී කුජ හත්වැන්නගත වී නම් ප්‍රේම සබඳතා නිසා සිත් තැවුල් ඇතිවේ. පසුව විවාහ වන්නේ මවුපියන් ගෙන එන යෝජනාවකිනි. එය සාර්ථක වේ.
කන්‍යා ලග්නයෙන් ඉපදී සිකුරු ග්‍රහයා හත්වැන්නගත වී නම් එම තැනැත්තිය ධනවත්, කඩවසම්, උගත් තරුණයකු සමග විවාහ වේ. විවාහයෙන් පසුවද දෙදෙනා යහපත්ව සාර්ථකව විවාහ දිවිය ගතකරයි.

අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ විවාහය හා ප්‍රේම සබඳතා පත්වාගෙන යෑමට දෙදෙනාම අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. මනුෂ්‍යයාගේ හැඟීම්, ගතිගුණ, දක්ෂතා, ලැබීම් යන සියල්ලක්ම කේන්දරයකින් විදහාපාන නිසාම විවාහය පොරොන්දම් බලා තේරුම් ගෙන සිදුකර ගැනීම වඩා වටිනා කරුණක් වන්නේ මේ නිසාමය.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන ජයසිංහ

Share85Tweet53SendShare21
Previous Post

බඩු මිල ගැන හිනා වෙවී උත්තර දුන් මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරය ගැන අහපු ගමන් පැන දුවයි! (VIDEO)

Next Post

චීන රක්ෂණ සමාගම් බංකොලොත් වෙයි!

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)
Exclusive

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!
Exclusive

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)
Exclusive

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net