තමන් කළ පව් පින් අනුව මෙලොව එළිය දකින අවස්ථාවේම තමන්ට සුදුසු සහ තමන්ට ලැබෙන සහකරුවකු හෝ සහකාරියක ගැන යම් ඉඟියක් රැගෙන එයි. එය සිදුවන්නේ ඉහත ආත්මයන්හි එම තැනැත්තා කළ විවාහයට සම්බන්ධ පව් පින් අනුවය. කෙසේ නමුත් එකිනෙකාට උරුම සහකරු සහකාරිය ගැන පූර්ව අවබෝධයක් ලබාගන්නට හැකි ක්‍රම කිහිපයක්ම අංක විද්‍යාවේ පෙන්වාදී තිබෙනවා. ඒ අනුව ඔබේ ජන්ම අංකය දැනගෙන ඔබට උරුම සහකරු හෝ සහකාරිය ගැන කලින්ම දැනගන්නට උපන් දිනය තනි අංකයක් බවට පත්වන තුරු එකතු කළ යුතුය.
උපන් දිනය 2001.10.04
2+0+0+1+1+0+0+4 = 8
ඒ අනුව ජන්ම අංකය 01 හිමි කාන්තාවන්ට හමුවන්නේ මනා පෞරුෂයකින් හෙබි නිර්භීත සහකරුවෙකි. ඔහු බොරුවට වංචාවට කැමැති නැත. එසේම අවංක ආදරයක් බලාපොරොත්තු වෙයි. එමෙන්ම අංක 01 හිමි පිරිමින්ට හිමිවන සහකාරිය අවංක ගතිගුණ ඇති තැනැත්තියකි. ඇයට සැකයකින් තොරව ආදරය කළ හැකිය. විවාහයෙන් පසුව පතිභක්තිය සුරකින තැනැත්තියක් වෙයි.
අංක 02 හිමි තරුණියන්ට ලැබෙන සහකරුවන් කාරුණික ගතිගුණ ඇත්තෙකි. සෙම් රෝග සහ පපුවේ අපහසුතා නිතර හටගනී. එසේම අතිශය සංවේදී අයෙකි. අංක 03 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය තරමක් දඟකාර ගතිගුණ ඇත්තියකි. සරාගී අයෙකි නිතරම විලාසිතා ප්‍රිය කරන්නීය.
අංක 03 හිමි තරුණියන්ට ලැබෙන්නේ මනා පෙනුමක් ඇති කලාත්මක හැකියාවන්ගෙන් පිරිපුන් උගත් බුද්ධිමත් අයෙකි. කලාවට සම්බන්ධ අයෙක් වීමටද හැකිය. අංක 03 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය විනෝදකාමීය. අහිංසක ගතිගුණ ඇති කඩිසර උගත් අයෙකි. ඇය තරගකාරී කටයුතුවලට ප්‍රිය කරයි.
අංක 04 හිමි තරුණියන්ට ලැබෙන්නේ අතිශය දක්ෂ අදහස් උදහස් බෙදාහදාගන්නා විවිධාකාර දක්ෂතා ඇති සමාජශීලී තරුණයෙකි. අංක 04 හිමි පිරිමින්ට ලැබෙන්නේ දුරදිග සිතන කලබල නැති අඩුවෙන් කතාකරන අහංකාර ගති වැඩි තරුණියකි.
අංක 05 හිමි තරුණියන්ට ලැබෙන්නේ තරමක් දඟකාර විවිධත්වයට ප්‍රිය කරන කඩවසම් සහකරුවෙකි. ඔහු බොහෝ දුරට ඔහුගේ අදහස්වලට බිරියගේ කැමැත්ත අපේක්ෂා කරයි.
අංක 05 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය සිහින් සිරුරක් හිමි තරමක් කේන්ති ගන්නා නිතරම සැකයෙන් ජීවත් වන අන් අය කියන දේ පිළිනොගන්නා අයකු විය හැකිය.
අංක 06 හිමි තරුණියන්ට ලැබෙන සහකරු පිළිවෙළට පිරිසිදුව කටයුතු කරන, බිරියගෙනුත් ඒ දේවල් අපේක්ෂා කරන අයෙකි. බිරියට දරුවන්ට බොහෝ ආදරය කරයි. අංක 06 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය ඉක්මනින් කේන්ති ගනී. එහෙත් අන් අය ගැන අනුකම්පා කරයි. සහකරු ගැන උනන්දුවෙන් සොයා බලයි.
අංක 07 හිමි තරුණියන්ට ලැබෙන්නේ බිරියගේ හැඟීම් දැනීම් තේරුම්ගත හැකි හැඟීම්බර අයෙකි. ඔහු නිතරම සිය යුතුකම් ගැන වෙහෙස වෙයි. අංක 07 හිමි පිරිමින්ට ලැබෙන්නේ තරමක් කලබලකාරියකි. ඇයට නිතර නිතර අමතක වීම සිදුවෙයි. තමාගේ අවශ්‍යතාවලට වඩා සහකරුගේ අවශ්‍යතා ගැන සිතයි.
අංක 08 හිමි තරුණියන්ට ලැබෙන සහකරු බිරිය කරන සෑම දෙයකටම විරුද්ධ වෙයි. කිසිවක් ගැන දුරදිග සිතන්නේ නැත. අලුත් දේට කැමැති නැති බවක් පෙන්වයි. අංක 08 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය නිතරම වෙනස් දේට ඇලුම් කරයි. සහකරුගේ ආදරය සහ අවංක බව අගයයි.
අංක 09 හිමි තරුණියන්ට ලැබෙන සහකරු කඩවසම්ය. රූමත් තරුණියක ලෙස පිරිසිදුව පිළිවෙළට දඟකාර චරිතයක් ලෙස බිරිය දැකීමට ප්‍රිය කරයි. අංක 09 හිමි පිරිමින්ට ලැබෙන සහකාරිය සැමියා තමන් සමගම තමන් ගැනම සිතමින් තමන්ගේ ඇස් මායිමේම සිටිනවාට ප්‍රිය කරයි. එසේම ඇය සැමියාටද පණ මෙන් ආදරය කරයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්