• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

යෝග අතර හොඳම යෝගය ඔබටත් තිබේද?

August 1, 2021
in Astrology, Kendaraya
A A
යෝග අතර හොඳම යෝගය ඔබටත් තිබේද?

යෝග අතරින් ජන්ම පත්‍රයක ඉතා කලාතුරකින් යෙදෙන සිංහාසන යෝගයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. සිංහාසන යෝගය නිර්මලව පිහිටි කල නිසැකවම ඉහළ ප්‍රතිඵල දෙනවා සේම යම් දුර්වලතාවකින් පිහිටියද යම් පමණ හෝ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ගෙනදෙන බැවිනි.

දුර ඈත අතීතයේ නම් සිංහාසන යෝගය පිහිටි කල එම ජන්මීන්ට හිමිවූයේ රටේ රජකමය. එහෙත් වර්තමානයට එකී තත්ත්වය යාවත්කාලීන කර ගළපාගැනීමේදී සිංහාසන යෝගයෙන් උපත ලද්දෝ කොතරම් දිළිඳු අසරණ පවුල් පසුබිමක ජනිත වුවද ඉදිරි අනාගතයේ එකී ජන්මියා සමාජයේ කවර හෝ ඉහළ නිලයක, තානාන්තරයක වැජඹීම නම් ස්ථිරය. සිංහාසන යෝගයෙන් මෙලොව ජනිත වීම ඉතා අපහසු සේම එසේ උපන්නවුන් අනුන් යටතේ සේවය කිරීමට බොහෝ විට අකැමැතිය. ඒ, ඔවුන් නායකත්වය, මූලිකත්වය, ප්‍රමුඛත්වය අපේක්ෂා කරන බැවිනි. මෙම යෝගය හිමිවූවන්ට උක්ත තත්ත්ව හිමිවනුයේ නිරායාසයෙනි. මෙවැන්නන් ස්ත්‍රී වේවා පුරුෂ වේවා බොහෝ විට සමාජයේ කැපීපෙනෙන ව්‍යාපාරිකයන්ය. සාමාන්‍යයෙන් සිංහාසන යෝගයෙන් උපන් ජන්මීන්ගේ ජීවිතය තරුණ විය දක්වා රක්ෂා කරගැනීම තරමක් අපහසුය. එනමුත් යම් ලෙසකින් මෙම යෝග හිමියෝ තරුණ වියට පාතැබුවහොත් යෝගයේ බල දුබලතාව මත ප්‍රතිඵල ලැබෙනු ස්ථිරය. විශේෂයෙන් යෝගයට දායක බලවත් ග්‍රහයකුගේ හෝ ඡායා ග්‍රහයකුගේ මහ දශා අතුරු දශා ලැබීමේදී හා ඒ සමග යෝගයට අදාළ ග්‍රහයන් ශුභ ගෝචරයක යෙදීමෙන් උසස් ප්‍රතිඵල හිමිවේ.

සිංහාසන යෝගය ජන්ම පත්‍රයක 2,6,8,12 යන දුෂ්ට ස්ථාන හෙවත් ත්‍රික ස්ථානවල ග්‍රහයන්ද, ඡායා ග්‍රහයන්ද තැන්පත් වීමෙන් නිර්මාණය වේ. මෙහිදී අවම වශයෙන් එක් ස්ථානයක ග්‍රහයකු හෝ ඡායා ග්‍රහයකු සිටිය යුතුය. සාමාන්‍යයෙන් කේන්දරයක දෙවැන්න ද්විතීක මාරක ස්ථානය ලෙසද, හයවැන්න රෝග ස්ථානය ලෙසද, අටවැන්න මරණ හෙවත් ආයුෂ ස්ථානය ලෙසද, දොළොස්වැන්න වැය ස්ථානය ලෙසද හැඳින්වේ. පොදුවේ ගත් කල උක්ත 2,6,8,12 යන සිවු ස්ථානයම අශුභ ස්ථානයන්ය.

සිංහාසන යෝග හිමියන් කරා ධනය, බලය, කීර්තිය, ගෞරවය යනාදිය ගලා එන්නේ නිරායාසයෙනි. විශේෂයෙන් ත්‍රික ස්ථානවල සියලුම ග්‍රහයන් ඒකරාශී වීමත්, එසේ නොමැති කල එම ස්ථානවල පාපීන්ම සිවුදෙනෙක් ස්ථානගත වීමත් තුළින් යෙදෙන සිංහාසන යෝගය ඉතා ප්‍රබලය. මොවුන් තම ආත්මගරුත්වය උපරිමයෙන් රැකගන්නා, ආත්ම අභිමානයෙන් යුතු පුද්ගලයන්ය. යම් ලෙසකින් සිංහාසන යෝගය ලග්නයේ තැන්පත් වූ චන්ද්‍රයා කෙරෙන් යෙදෙන විට වඩාත් බලවත්ය. කරුණු කාරණා එසේ නමුත් ඇතැම් ජ්‍යොතිෂ පොතපතට අනුව රාහු හා කේතු යන ඡායා ග්‍රහයන් මෙකී යෝගයට දායක නොවන බවද සඳහන් වේ. කෙසේ නමුත් සිංහාසන යෝගයේ බලය යම් යම් හේතු මත අඩුවන කල යෙදෙනුයේ අර්ධ සිංහාසන යෝගය වේ. අර්ධ සිංහාසන යෝගය බොහෝ විට යෙදෙනුයේ ග්‍රහ දෘෂ්ටිවලිනි. එවැනි අර්ධ සිංහාසන යෝග උසස්ම ප්‍රතිඵල නොව මධ්‍යම ප්‍රතිඵල ගෙනදේ.

සාමාන්‍යයෙන් ජන්ම පත්‍රයක පාපී ග්‍රහයන් ලෙස හඳුන්වනුයේ කුජ, ශනි, අවසඳු හා රවි යන ග්‍රහයන්ය. මේ හැර රාහු හා කේතු යන ඡායා ග්‍රහයන්ද පාපීන්ම සේ සැලකේ. තවද මෙකී පාපීන්ට පරිබාහිර ඒ ඒ ලග්නයට පාපීන් වන ග්‍රහයන්ද ජ්‍යොතිෂයේ සඳහන්ය. එසේම ජන්ම පත්‍රයක දුෂ්ට ස්ථාන අධිපතීන්ද 3,7,11 අධිපතීන්ද පාපීන්ම සේ සැලකේ. යම් ජන්ම පත්‍රයක සිංහාසන යෝග පිහිටීම දුටු කල එම යෝගය තුළ තැන්පත් ග්‍රහයන්ගේ රාශිගත බලය සේම භාවගත බලය මැනැවින් තුලනාත්මකව තක්සේරු කර පලාපල පැවැසිය යුතුය. එසේම එම ග්‍රහයන් තැන්පත් නැකැතද අදාළ භාවාධිපතියාට ඇති සතුරු මිතුරුකමද සැලකීමට බඳුන් කළ යුතුය. මීට අතිරේක යෝගයට දායක ග්‍රහයන් අස්ථද ග්‍රහ යුද්ධ ආදියෙන් පරාජිතද ශුභ අශුභ ග්‍රහ දෘෂ්ටි ලබයිද, භාව සන්ධිගතද, නොඑසේ නම් භාව ආරෝහණ හෝ අවරෝහණද, භාව මධ්‍යස්ඵුට ආසන්නයේද යන මග විමසා බැලිය යුතුය. තවද ලග්න කේන්දරයේ පමණක් නොව නවාංශක කේන්දරයේද යෝගයට අදාළ ග්‍රහයන් බලවත් නම් නිසැකවම සිංහාසන යෝගයේ ප්‍රතිඵල ජන්මියාට ලබාදේ. එනමුත් යම් ලෙසකින් මෙකී යෝගය ඉතා දුබලව දුර්වලව පිහිටි කල යෝගය යම් පමණ පලදීම සැක සහිත බව කිව යුතුය. ඔබට මේ ලිපිය අධ්‍යයනය තුළින් ඔබේ ජන්ම පත්‍රයේ සිංහාසන යෝගය පිහිටා ඇද්ද, එය පලදෙන මට්ටමක පවතීද යන්න අවබෝධ කරගත හැකිය.

ජ්‍යොතිෂවේදී දේශබන්දු ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

Share74Tweet46SendShare18
Previous Post

සඳුදා ඉඳන් ආණ්ඩුව හදන්නේ කොරෝනා වැඩිකරන්න! මරණ ගාණත් වැඩි කරන්න! (VIDEO)

Next Post

ගුවන් හමුදා මූලස්ථානයට-චාමස් ධාන්‍යාගාර ඉඩමට ඕමාන් ආයෝජන එයි! කටාරය බේරෙ වටේ ඉඩම් රැසක් ගන්න කැමැත්තෙන්!

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net