• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

යකඩත් උණුවෙන වාස්තු දෝෂ…

January 9, 2022
in Astrology, Kendaraya
A A
යකඩත් උණුවෙන වාස්තු දෝෂ…

ස්ථිර රැකියාවක් නොතිබුණද ඉන් අධෛර්යවත් නොවුණු විජිත, ඉන් පසු පරණ යකඩ, බෝතල්, තඹ ආදී අබලි ද්‍රව්‍ය තැනින් තැනට ගොස් එකතු කොට විකිණීම සිය රැකියාව කරගත්තේය. ඉතා අසරණභාවයට පත්ව දුක්ඛිත ජීවිතයක් ගත කළද කෙටි කලකින් ධනවත් ව්‍යාපාරිකයකු බවට පත්වීමට ඔහුට හැකි වූයේ සිය අපරිමිත උත්සාහය හා කැපකිරීම මතය.

ඔහුගේ නව නිවෙස ගොඩනඟන විට ජීවිතයේ කිසිදු අඩුපාඩුවක් නොවිණි. එමෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියා නිවෙස වාස්තු විද්‍යානුකූලව සකස් කොට ඇතැයි පැවැසීම නිසා එහි වාස්තු බැලීමටද ඔහුට අවශ්‍ය නොවීය. නිවෙසේ පදිංචිවී වසර 4ක් පමණ වනතුරු කිසිදු ගැටලුවක් නොවීය.

ඔහු, ඒ වන විට විවිධ ආයතනවලින් කොන්ත්‍රාත් මගින් යකඩ, තඹ වැනි අබලි ද්‍රව්‍ය මහා පරිමාණයෙන් මිලදී ගත්තේය. නිවෙසක් සුබ අසුබ පල දීමට නම් වසර තුනක කාලයක් පමණ ගතවේ. එය ප්‍රමුඛ වාස්තු සිද්ධාන්තයකි. නිවෙසේ ගෙවන හතරවැනි වසර වන විට ගෘහ මූලිකයාගේ කොන්ත්‍රාත් සඳහා අසීමාන්තික බාධා පැනනැඟුණු අතර ව්‍යාපාරය මූල්‍යමය පාඩු ලබන තත්ත්වයටද පත්විය. නමුත් ඒ වන විටත් ඔහුගේ ධෛර්යය හීන නොවී තිබිණි. එම නිවෙස වාස්තු පරීක්ෂා කිරීමට හේතු වූයේ එයයි. එවන් බිඳවැටීමක් ඇති වීමට හේතු සාධක වූ වාස්තු දෝෂ සහ ඒවාට යෙදූ පිළියම් මෙසේය.

පර්ශු නාම ගෘහ
සංස්කෘත බසින් පර්ශු යනු පොරවයි. නමුත් මෙම නිවෙසේ තිබුණේ සාමාන්‍ය ඇසට හසුවන පොරව හැඩයේ දෝෂයක් නොවේ. අප සමාජයේ පොරව හැඩයේ නිවෙසක් ලෙස සලකන්නේ ඍජුව ‘ඕ’ හැඩයේ හෙවත් පොරවක් ආකාරයේ නිවෙසකි. එමෙන්ම මේ හැඩ මඟහැරීමට අත්තිවාරම් කෑලි එක් කිරීම සුලබ දසුනකි. එමෙන්ම නිවෙසක පොරව හැඩය භංග වීමට එවැනිම කොටසක් එකතු කිරීම සෑහේ යැයි බොහෝ දෙනකු සිතන්නේ නොදැනුවත්කම නිසයි.

මෙම නිවෙසේ කොටස් විශාල ප්‍රමාණයක් තිබුණද ඒ එකදු කොටසක්වත් වඩු රියනක ප්‍රමාණයක් නොගත්තේය. සෑම විටම පොරව හැඩය භංග වීමට නම් වඩු රියනක් (අඟල් 31ක්) ඉක්මවන ප්‍රමාණයක් තිබිය යුතුය.

මෙම නිවෙසේ පොරව හැඩය ඇති කරන ආකාරයේ අඩි 10ක පමණ කොටසක් තිබූ අතර අනෙක් සියලු කොටස් වඩු රියනක් නොඉක්ම විය. මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු සාධක වූයේ ගෘහ නිර්මාණ ශිල්පියාගේ නොදැනුවත්කමයි.

මෙවැනි නිවෙසකින් ජීවිතය කැපි කැපී වැටීමක් සිදුවේ. නිවැරැදි ලෙස නිවෙසට නව කොටසක් එක් කර එම දෝෂය භංග කළේය.

බේස්මන්ට් එක හෙවත් භූගත මහල අපිරිසිදු වීම
ඔහුගේ නිවෙසේ භූගත මහල නිවෙස කොතරම් අලංකාර වුවත් දැඩි සේ අපිරිසිදු වී තිබිණි. එය කිසිදු විටෙක භාවිත නොකර නිවෙසේ ඉවතලන ද්‍රව්‍ය ගොඩගසා තිබිණි. එය පැවැතියේ නිසි වාතාශ්‍රයක් නොලැබෙන පරිදි මුද්‍රා තැබුණු විලාසයකිනි.

නිවෙසක බිම් මහලත් සමග භූගත මහලක් පිහිටීමේදී එය පිරිසිදුව හා ආලෝකවත්ව තැබීම ඉතා වැදගත්ය. මෙලෙස භූගත මහල තැබීමෙන් බ්‍රහ්ම පාදය දැඩිව පීඩාවට පත්වේ. එය නිවැසියන්ගේ කායික මානසික පිරිහීමට මූලික හේතුවක් වන්නේය. මෙය නිවෙස තුළ වැසිකිළි වළක් පැවැතීමේ දෝෂයට සමානය.

භූගත මහලේ තිබූ සියලු අබලි ද්‍රව්‍ය ඉවත් කොට හොඳින් වාතාශ්‍රය ලැබී හිරු එළියෙන් ආලෝකවත් වන පරිදි ජනෙල් යෙදවීය. පසුව ඔවුහු එය මනුෂ්‍ය වාසයට එක්කර ගත්හ.

ගිනිකොන දිශාවට පත්වූ ඉඩම
මෙම ඉඩම්හිමියාගේ වත්තේ ගේට්ටු දෙක තුනක් තිබූ අතර ඉඩමේ වැහි වතුර බස්නාව සකස් කොට තිබුණේ ගිනිකොන දිශාවේ තිබූ ගේට්ටුවෙන් පාරට යන පරිදිය. ගිනිකොනට ඉඩමේ බස්නාව පැවැති විට එය නිවැසියන්ගේ සියලු දේ විනාශ වීමට හේතුවක් බව වාස්තු ශාස්ත්‍රයේ සඳහන් වේ. ඉඩමේ බස්නාව සහ මිදුල සකස් කර බස්නාහිර ගේට්ටුවෙන් වතුර බැස්සවීමට කටයුතු කරන ලදී. ඉහත වාස්තු දෝෂයන් සකස් කිරීමෙන් අනතුරුව මාස 6ක පමණ කාලයක් ගතවීමෙන් පසු ටිකෙන් ටික නැවත ව්‍යාපාර සාර්ථක තත්ත්වයට පත් කරගැනීමට හැකියාව හා භාග්‍ය විජිතට උදාවිය.

වාස්තුවිද්‍යා, ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

Share74Tweet47SendShare19
Previous Post

අර්බූදයෙන් ගොඩ එන සල්ලි හොයාගන්න බැසිල් යළි චීනය-ජපානය දෙසට හැරෙයි! පිටු 10ක වාර්තාවක් ඉදිරිපත් කරයි!

Next Post

ආණ්ඩුව ඇතුළේ මහා කුමන්ත්‍රණයක්! සුසිල් ගැනයි අලුත් ආණ්ඩුවක් ගැනයි බුද්ධි අංශ වාර්තා ‌කළාද? කැබිනට්ටුවේදී බැසිල් විමල්ගේ මූණටම බෑ කියයි! ආණ්ඩුවේ තුනෙන් දෙකට වෙන්න යන දේ! (රාජ්‍ය රහස්)

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net