• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

අර්ධ සූර්යග්‍රහණයකින් ඇරඹෙන මැයි මාසේ ඇත්ත නැත්ත පටලවයිද?

May 3, 2022
in Astrology, Kendaraya
A A
අර්ධ සූර්යග්‍රහණයකින් ඇරඹෙන මැයි මාසේ ඇත්ත නැත්ත පටලවයිද?

2022 වසරේ මැයි, එනම් අදින් ඇරඹෙන මාසය ආරම්භ වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් සිදුවෙමින්ය. මාසයක පළමු දිනයේම අර්ධ සූර්යග්‍රහණයක් සිදුවීමේ සුවිශේෂ ග්‍රහ ගෝචරයන් මේ වන විට පවතින ග්‍රහ ගෝචර තත්ත්වයනුත් මීට දිනකට පෙර සිදුවූ සෙනසුරුගේ රාශි මාරුවෙනුත් ලෝකයේ සහ අප රටේ ඉදිරියට සිදුවන්නේ කුමක්ද යන්නත්, ඉදිරි තත්ත්වය කෙලෙසක විසඳේද යන්නත් ජ්‍යොතිෂමය විග්‍රහයන් කර බැලිය යුතුය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ස්ථිරසාර සාර්ථක හෝඩුවාවන් ලබාගැනීමට නම් ඉතා සූක්ෂ්ම අයුරින් ඒ ඒ ග්‍රහ තත්ත්ව ගැන අවධානය යොමුකිරීම ජ්‍යොතිෂවේදියකුගේ වගකීම වෙයි.

ඒ අනුව ඉහත සඳහන් ආකාරයට අද මැයි 01 දින අලුයම 2.13 මේෂ රාශියේදී බෙරණ නැකැතින් පළමු පාදයේ සිදුවන මෙම අර්ධ සූර්යග්‍රහණය 2022 වසරේ පළමු සූර්යග්‍රහණයද වෙයි. එනිසා මෙය මෙම වසර තුළදී ලෝකයේ සහ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට වැදගත් වන වෙනස්කම් රාශියකට හේතු පාදක වන ග්‍රහණ තත්ත්වයක් බව පැහැදිලි වෙයි.

ජ්‍යොතිෂයේ සඳහන් වන ආකාරයට ඍෂි මතය අනුව ග්‍රහණය සිදුවන දිනයත් ඊට දින තුනක් පසුවත් යන දින හතරම කිසිදු සුබ වැඩකට යොදා නොගත යුතු වෙයි. එසේම ග්‍රහණය සිදුවූ රාශියත් නැකැතත් ග්‍රහණය සිදුවන දිනට පෙර දින 7ක් සහ පසු දින 7ක් ඇතුළුව ග්‍රහණය සිදුවූ දිනයත් සමග දින 15ක් සුබ වැඩට යොදාගැනීම නොගැළපේ. ඍෂිවරුන්ගේ එම මතය අනුව පැහැදිලි වනුයේ ග්‍රහණයකදී ලැබෙන සුබ ප්‍රතිඵලයට වඩා අසුබ ප්‍රතිඵල වැඩි බවයි. ඒ අනුව එකී අසුබ සහ ඒ අසුබවලින් පසුව ලැබෙන සුබ ප්‍රතිඵල කෙසේද යන්න විමසා බැලීම වැදගත් වේ.

ලෝකය දෙස බලද්දී ලොව පුරා මෙතෙක් තිබූ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරෙන ස්වභාවයක් පෙන්නුම් කෙරේ. බොහොමයක් රටවල මෙතෙක් සිදුවෙමින් තිබූ දේවල් ඊට හාත්පසින්ම වෙනස් පැත්තකට යොමු කෙරෙන ස්වභාවයක් පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම එම තත්ත්වය මෙතෙක් යම් යම් ආකාරයට කරගෙන තිබූ අනුමානයන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමක් ලෙසද හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ රටවල් තුළ ඇතිව තිබූ ආරවුල් මැයි මස මුල් සතියේ දෙගුණ තෙගුණ වන ස්වභාවයක් පෙන්නුම් කළද එය කිසිවකු නොසිතූ අවසානයක් පිළිබඳ ඉඟි පළකරමින් සන්සුන් වනු ඇත. ඇතැම් විට එකඟතා ආදිය සිදුවනු ඇත. එහෙත් එයින් ඇතැම් රටවල් කලබල වන තත්ත්වයකුත්, ඔවුන් ගන්නා හදිසි තීරණ නිසා ලොව පිළිගත් නායකයන් අපහසුතාවට පත්වන අයුරුත් දැකගත හැකිය. ලෝකයේ එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු ගින්දරට හෝ උෂ්ණත්වයට සම්බන්ධ මහා අනතුරක් හෝ ඒ හා සමාන පුවතක් අසන්නට සිදුවන කාලයකි.

ලොව පුරා විවිධ රටවල ජලයට සම්බන්ධ අනතුරු ගැන බහුලව අසන්නට ලැබෙනු ඇත. ඒ අතරින් මිනිස් ජීවිත අභියෝගයට ලක්වන පුවත් මැයි මස මුල් භාගයේ අසන්නට සිදුවන අතර ලෝකයේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක් හෝ ව්‍යාපාරිකයකු ගැන ආන්දෝලනාත්මක පුවතක් අසන්නට සිදුවේ. එය කිසිවකු අපේක්ෂා නොකළ සිදුවීමක් වන අතර කාලයට සම්බන්ධ කලාවට සම්බන්ධ විශේෂ ප්‍රධානීන්ද ලෝකය පුරා ප්‍රචාරය වනු ඇත. ඇතැම් කලාකරුවන්ගේ නිර්මාණ ලෝකය පුරා අතිශය ජනප්‍රිය වන කාලයකි. ක්‍රීඩාවට සම්බන්ධ අයකුගේ දක්ෂතාවක්ද ලොව ඇගයීමට ලක්වනු ඇත. ලොව ප්‍රසිද්ධ ආයතනයන් ලෝකයට ඉතා වැදගත් නිෂ්පාදනයක් හඳුන්වා දිය හැකි කාලයකි.

ලොවට එසේ වෙද්දී මෙරට තුළද විශේෂිත සිදුවීම් රාශියක් සිදුවන බවට හඳුනාගත හැකිය. ඒ අනුව ඇතැම් සිදුවීම් කිසිවකුට සිතාගත නොහැකි ස්වභාවයක් ගනී. ඇත්ත සහ නැත්ත පිළිබඳ වෙන්කර ගන්නට නොහැකි අයුරින් බොහෝ දේ පටලැවී පෙනෙන කාලයකි. අනුමානයට සිතා සිටි දේවල් මෙන්ම ස්ථිරවම සිදුවනවා යැයි කියූ දේද වෙනස් විය හැකි කාලයකි. කෙසේ නමුත් මාසය ආරම්භයේ ජනතාවට යම් පීඩාකාරී ස්වභාවයක් දැනුණද පසුව එම තත්ත්වය වෙනස් වී යම් සහනයක් ලැබෙනු ඇත. ඇතැම් අය කලක සිට බොරු කියමින් සිටියේ නම් එවැනි දේ හෙළිවන කාලයකි. භයානකයි නරකයි යනුවෙන් වෙන්කොට සිතා සිටි යම් යම් දේ සුබවාදී බව හැඟවෙන කාලයකි. කෙසේ නමුත් මාසයේ අග භාගය හිතන දේට වඩා හොඳ දේ සිදුවන යහපත් ප්‍රතිඵල දෙන කාලයකි.

මෙරට ජනයාට අත්‍යාවශ්‍ය සුවිශේෂ රහස් හෙළිවන කාලයක් බැවින් එවැනි පණිවුඩ අසා ජනයා සතුටට පත්වේ. ජනතා සිත් සතන් තුළ තිබූ අධි පීඩනය ක්‍රමයෙන් පහව ගොස් මැයි මාසය අවසන් වන්නට ප්‍රථම යම් ස්ථාවර බවක් ජන හදවත් තුළ ඇති කෙරේ.

මාසය මුල් භාගයේදී දරුවන් ගැන අවධානය යොමු කිරීම වැදගත් වන අතර යානවාහන පදවන අනතුරුදායක රැකියා කරන අය ප්‍රවේසම් වීම වැදගත් වේ. ජලය සම්බන්ධ අනතුරක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති අතර භූමිය සම්බන්ධ කතාබහක් යළිත් කරළියට පැමිණේ. නව ව්‍යාපාර පිළිබඳ මතවාදයක් රැල්ලක් ලංකාව තුළ පැතිර යන කාලයකි. එයින් ජනතාව ප්‍රබෝධයට පත්වන ස්වභාවයක්ද පෙන්නුම් කෙරේ. කෙසේ නමුත් මැයි මාසය මෙතෙක් පැවති තත්ත්වයන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන කාලයක් බව හඳුනාගෙන කටයුතු කිරීමට සියලු දෙනාම සිතට ගත යුතුය. එසේම තම අනාගත අභිවෘද්ධිය උදෙසා ගත හැකි යම් යම් ක්‍රියාමාර්ග ගැනීමටත් නව ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් මැයි මාසයේ අග භාගය යොදාගැනීම සුබදායක වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

Share88Tweet55SendShare22
Previous Post

වල්සපුගල ගොවීන් අරගල භූමියට එයි! ලක්ෂ 9ක ගොවීන්ගේ බත්පතට වැලි දැම්මා! මහින්දානන්දගේ රෙදි ගැලවෙන්න සැර කතාවක් කරයි! (VIDEO)

Next Post

මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net