• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, July 3, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
in Astrology, Kendaraya
A A
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

සූර්යයාට ආසන්නව ගමන් කරන ග්‍රහ තරුව බුධ ග්‍රහයායි. සූර්යයාගෙන් අංශක 128කට වඩා ඈත් නොවී ගමන් කරන බුධ රෑ දවල් වීමකින් තොරව ගමන් කරන බවට පිළිගැනීමක් ඇත. සූර්යාලෝකය පැත්ත දැඩි උෂ්ණාධික හා කළුවර පැත්ත දැඩි සීතල ගතියකින් යුතු බුධගේ උච්ච භවන වන්නේ කන්‍යා රාශියයි. බුධ ස්වක්ෂේත්‍ර වන්නේ මිථුන රාශියේය. මීන රාශියේදී බුධ ග්‍රහයා නීචත්වයට පත්වෙයි. මෙම ග්‍රහයාගේ මහ දශාව වර්ෂ 17කි. තීක්ෂණ බුද්ධියකට හිමිකම් දැරුවත් බුධ දුර්වල වීමෙන් ස්නායු ආබාධ හා මානසික රෝගයන්ට භාජන වීමේ ප්‍රවණතාව වැඩිය. තමා ළඟින්ම යෝග වන සුබ හෝ අසුබ ග්‍රහයාගේ ගති පැවැතුම් අනුව බුධ ග්‍රහයා ක්‍රියාත්මක වන බවටද මතයක් ඇත.

බුධ ග්‍රහයා ලග්නයේ නම්, ඉතා යහපත් තීක්ෂණ බුද්ධියකට හිමිකම් කියන අතර විවිධ ශිල්ප, ශාස්ත්‍ර උගත් උසස් පුද්ගලයකු ලොවට දායාද කිරීමට බුධ සමත් වනු ඇත. එහෙත් ලග්නයේ අසුබ වූ විට සමාජයට අහිතකර පුද්ගලයකු දායාද කිරීමට සමත් වෙයි.

බුධ ග්‍රහයා දෙවැන්නේ නම්, ඉතා දක්ෂ ලෙස තර්ක විතර්ක කතා කිරීමේ හැකියාවක් ඇති, කථිකත්වයෙන් ජය ගැනීමේ කුසලතා රැසකට හිමිකම් කියන අයෙකි. බුධ මෙම ස්ථානයේ අසුබ වූ විට විවිධ අයුරින් අපකීර්තියට පත්වෙයි.

බුධ ග්‍රහයා තුන්වැන්නේ නම්, සහජ කුසලතා රැසකට හිමිකම් කීමේ භාග්‍ය උදාවෙයි. දුර ගමන් බිමන්වලදී වාසිසහගත වන නමුත් මෙම ස්ථානයේ බුධ දුර්වල වී ඇත්නම් තමාගේ හැකියාවන් කොතෙක් තිබුණත් මන්දගාමී වෙයි.

බුධ ග්‍රහයා හතරවැන්නේ නම්, මෙම ස්ථානයේ බුධ ග්‍රහයා බලවත් වීමෙන් බිහිවන්නේ යහපත්, ධාර්මික සිතුවිලි තුළින් පෝෂණය වූ අයෙකි. නිර්මාණශීලීයි. ගේදොර, ඉඩකඩම්, වස්තු ලාභයන්ට හිමිකම් කියනු ඇත. බුධ නීච වීමෙන් තදබල මානසික රෝග පීඩා, පසුතැවීම්වලට භාජන වෙයි.

බුධ ග්‍රහයා පස්වැන්නේ නම්, බුධ යහපත් ලෙස පිහිටි කල උසස් අධ්‍යාපනයක් ලැබීමේ වාසනාවද, නැටුම් ගැයුම් කලාත්මක ශිල්පයන්ගේ දක්ෂතාද, කීර්ති ප්‍රශංසා නම්බු නාමද ලැබෙයි. වාසනාවන්ත දූ පුතුන් ලැබෙනු ඇත. යම් විටෙක බුධ දුර්වල වී ඇති නම් දැඩි කලකිරීම්වලට බඳුන්වනු ඇත.

බුධ ග්‍රහයා හයවැන්නේ නම්, මෙම ග්‍රහයා සුබ වුවත් අසුබ වුවත් එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවනු ඇත. තදබල ස්නායු රෝග, වකුගඩු, මුත්‍රා, ලිංගික යන රෝගයන්ට හා සොයා ගැනීමට නොහැකි විවිධ ආබාධයන්ට ගොදුරු වීමටත්, තම ඥාති වර්ගයාගේ නින්දාවටත් ලක්වෙයි.

බුධ ග්‍රහයා හත්වැන්නේ නම් තම සහකරු හෝ සහකාරිය ළාබාල පෙනුමකින් යුතු මනා රූසපුවකට හිමිකම් කියන බුද්ධි වර්ධනයක් අති දඟකාර විනෝදයට කැමැති අයෙකි. බුධ හත්වැන්නේ දුර්වලතාවට පත්වී ඇත්නම් රහසිගත සම්බන්ධතා කිහිපයකට හිමිකම් කියන චපල අයෙකි.

බුධ ග්‍රහයා අටේ නම්, තමා සතු ධන සම්පත් කුමන අයුරකින් හෝ විනාශයට පත්වෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අඩුවීමද, විවිධ කායික හා මානසික පීඩා ගෙනදීමටද ඉඩ ඇත. එහෙත් ගුප්ත ශාස්ත්‍රය වෙදහෙදකම් පිළිබඳ යහපත් දැනුමක් ඇති සමාජයේ පිළිගත් අයෙකු වෙයි.

බුධ නවවැන්නේ නම්, සමාජයට යහපත් මාර්ගෝපදේශයක් දෙන ගුණ දහමින් බුද්ධි සම්පතින් පිරි උතුම් පුද්ගලයකු වෙයි. එහෙත් බුධ දුර්වල වී නම් අධර්මිෂ්ට ගතිපැවැතුම්වලින් පිරුණු අයෙක් වෙයි.

බුධ ග්‍රහයා දහවැන්නේ නම්, විශේෂයෙන් මෙම ස්ථානයේ බුධ බලවත් වූ විට රාජ්‍ය අංශයේ උසස් නිලතල දරන තමාගේ දැනුමට වඩා සාර්ථක දියුණුවක් ලබාගැනීමට දක්ෂ පුද්ගලයෙක් බිහිවෙයි. නමුත් බුධ දුර්වල වීමෙන් උත්සාහයේ තරමට ප්‍රතිඵල අඩුවෙයි.

බුධ ග්‍රහයා එකොළොස්වැන්නේ නම්, තම තමාගේ දැන උගත්කම්වලට වඩා උසස් ව්‍යාපාර මගින් ලාභ ප්‍රයෝජන ලබයි. යම් විටෙක බුධ දුර්වල නම් පාඩු සහ අපකීර්ති ගෙන දෙයි. බුධ ග්‍රහයා දොළොස්වැන්නේ නම්, අධික නිෂ්ඵල වියදම්, නඩුහබ, හදිසි විපත්, කරදර, නීතිමය ගැටලු, ගමන් බිමන්වලින් පාඩු හා පාදවල ආබාධ ලෙඩ රෝග ආදිය ඇතිවෙයි. විවාහ දිවියද ප්‍රමාද වෙයි. ශාන්තිකර්ම වශයෙන් විශේෂයෙන් බුධ දිනවල විෂ්ණු දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමද, ගණ දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමද, සෙත්කවි කියැවීම හා බෝධි පූජා පැවැත්වීමද, නවනාථ හෝ දිව්‍යරාජ යන්ත්‍රය ජීවම් කර පැලඳ ගැනීමද, ඉතා යහපත් වනු ඇත.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජේ.එම්. ජයන්ත ඒකනායක

Share62Tweet39SendShare16
Previous Post

ලෝකය පිළිගන්නා ආණ්ඩුවක් හදන තෙක් මෙතනින් එහාට කිසිම ආධාරයක් ලංකාවට ලැබෙන්නෙ නෑ! ජපානයත් බෑ කිව්වා! ඉදිරි දින 90 අතිභයානකයි! ආණ්ඩුව හංගන ඇත්ත හර්ෂ රටට කියයි!

Next Post

21ට විපක්ෂයේ සහාය ගන්න රනිල්-හරීන් මෙහෙයුමක්!

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!
Exclusive

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022

රටට අවශ්‍ය ඉන්ධන සහ පොහොර එරටින් ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කිරීම...

Read more
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!

හොරකම නවත්වන්න! මහබැංකුව ස්වාධීන කරන්න! නීතිය රකින්න! එහෙම නැත්නම් IMF ආධාර නෑ! අමෙරිකාව ලංකාවට අනතුරු අඟවයි! (VIDEO)

July 2, 2022
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

වල් අලියකු‌ හැප්පී ජැක්සන් අන්තනී ගිය වාහනය චප්ප වෙයි! ජැක්සන් අනුරාධපුර ‌‌රෝහලට ඇතුළත් කරයි!

July 2, 2022
බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

බොරැල්ලෙ කාන්තාවෝ පාරට බසිති! (VIDEO)

July 2, 2022
රඹුක්කනට විශේෂ කාර්ය බළකාය යොදවයි!

හැමතැන්ම කලබල නිසා ෂෙඩ්වලට STF එක දාන්න ආණ්ඩුව තීන්දු කරයි! කචල් ඇද්දොත් කෙළින්ම අත්අඩංගුවට ගන්න බලය දෙයි!

July 2, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පුටින්ට පිළිකාවක්! ඔපරේෂන් එකට ලෑස්තියි! යුක්රේන් යුද්ධය බුද්ධි ප්‍රධානියාට පවරයි!

රුසියාවට එන්න හිටපු ලංකාවේ නියෝජිතයන්ට රුසියාවම එන්න එපා කියයි!

July 3, 2022
කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

කොමිස් ප්‍රශ්නයක්ද? මාෆියාව හෙළිවුණ නිසාද? නැව අමෙරිකාවෙන් ට්‍රැක් කළාද? තුන් පාරක් නැවේ නම වෙනස් කළේ ඇයි? ගෙවපු ඩොලර් මිලියන 46 වතුරේ ගියාද? ලංකාවට එන්න හිටපු තෙල් නැවටත් වුණේ චීන ගූ නැවටම වෙච්ච දේමද? (VIDEO)

July 3, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net