• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

පූජාවක් කරන්නද ලෑස්තිය

July 19, 2021
in Astrology, Kendaraya
A A
පූජාවක් කරන්නද ලෑස්තිය

වර්තමානයේ මිනිසුන් විශාල වශයෙන් බෝවන රෝගවලින් මියයයි. සතුරු විපත් ද බහුලය. බල ලෝභය මත බොහෝ අනතුරු ඇතිවෙයි. කරදරවලින් හෙම්බත් වන මිනිසා කුමන හෝ බලවේගයක පිහිටක් ලබාගැනීමට වුවද මැළි නොවෙයි. අපට නොපෙනෙන බලවේගයක පිහිට ආරක්ෂාව ලබාගන්නේ කෙසේද? බොහෝ අවස්ථාවල දේව ආශීර්වාදය, තිසරණ පිහිට ලබාගන්නා ආකාරය පිළිබඳ අප දැනුවත් නැත. සෙත් ශාන්ති තුළින් අප ප්‍රාර්ථනා කරන්නේ පිහිටය. දෙහි කැපීම, තෙල් මැතිරීම, නූල් බැඳීම යනු ප්‍රබලව කෙරෙන ශාන්ති කර්මයන්ය.

‘දැහැමි දේව පූජාව යහපත්ය. කුසල් අත්වෙයි. දෙවියන්ගේ පැහැදීම සතුටුවීම මත මේ සියල්ල සිදුවෙයි’ බුදුන්වහන්සේ එලෙස දේශනා කළ සේක.

අතිපූජනීය රේරුකානේ චන්දවිමල, අතිපූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය වැනි මහා නාහිමිවරුද පුද පූජා පැවැත්වීම ඉතා යහපත් බව දේශනා කළහ.

ශුද්ධාවාසයන්හි වෙසෙන පුණ්‍යවන්ත ආත්මයක් පිළිබඳ විශ්වාසය ගෞරවය වර්තමාන ජනයා අතර දැඩිව පවතියි. දෙවියන් සිටිත්ද? දෙවියන් සැබැවින්ම අපට පිහිට වෙනවාද? මෙවන් වූ මතවාදයන් රැසකි. ඒ පිළිබඳ අප විසින් විමසා බැලිය යුතු කරුණු රැසකි.
.
අතීතයේ හින්දූහු ගිනි දෙවියාට යාගහෝම පමණක් නොව බිලි පුද පූජා ද පැවැත්වූහ.

පරපණ නැසීම, බොදු පිළිවෙතට පටහැනිය. විශ්වයේ නිර්මාතෘ ලෙස විෂ්ණු හඳුන්වන හින්දූන් බුදුහිමියන් විෂ්ණුගේ දස අවතාරවලින් එකක් ලෙස හඳුන්වති. එය භගවත් ගීතාවේ සඳහන්ය. හින්දු ධර්මය බුදු දහම සමග යම් ප්‍රමාණයකින් සමානය. එය පුද සිරිත්වලින් වෙනස් වෙයි. පරපණ හෝ බිලි පුද පූජා තුළින් කුසල් අත් නොවන බව බුදුන්වහන්සේ වදාළහ.

ජන්ම පත්‍රය තුළින් ග්‍රහ අපලයන් හඳුනාගෙන අපි පුද පූජා පවත්වන්නෙමු. අනන්ත විශ්වයේ වෙසෙන ශුද්ධාත්මයන් පහදවාගැනීමෙන් එම ශුද්ධාත්මයන්ගේ අවධානයට ලක්වීමෙන් අපට ලැබෙන පිටිවහල, අපට ලැබෙන ගුණ බලවත් ආරක්ෂකයකු ඇසුරුකිරීමක් හා සමානය.

යහපත් වීර්යයෙන් යහපත්ව ඉපයූ ධනයෙන් තබන පුද පූජා කෙරෙහි දෙවියෝ ඇල්ම දක්වති. බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි තිරිසන් ලොවට වඩා ප්‍රේත ලොවත්, ප්‍රේත ලොවට වඩා මිනිස් ලොවත් උතුම්ය. බුදුවරු නිවන් මඟ හෙළිකරති. දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන මිනිසුන් වෙනුවෙන් දෙවියෝ පිහිට විය යුතුය. මිනිසුන් වෙනුවෙන් පිහිට ආරක්ෂාව සැලසීම දෙවියන් හට භාර කළ බව විසාලා මහනුවර දුර්භික්ෂය පහකිරීමට බුදුන්වහන්සේ දේශනා කළ රතන සූත්‍රයෙන් පැහැදිලි වෙයි. කැලණිතිස්ස රජු තම දියණිය මුහුදට බිලිදීම අතීතයේ බිලි පූජාවේ පිළිගැනීම පිළිබඳ සාක්ෂියකි.

දේවතානුස්සති භාවනාව වැඩීම යනු දෙවියන්ගේ ගුණ මෙනෙහි කිරීමයි. දෙවියන්ගේ ගුණ මෙනෙහි කරන්නාට දෙවියන්ගේ පිහිට ලැබෙන බව බුදු හිමියෝ දේශනා කළ සේක. දෙවියන් වෙත පුද පූජා පවත්වන්නා වූ මිනිසුන් කෙරෙහි කරුණාවෙන් එම පුද පූජා පිළිගැනීමට ශුද්ධාත්මයන් වටිනා බව උජ්ජායි සූත්‍රයේ සඳහන් වේ.

එවන් සිතැති මාර්ගඵලලාභීහු මිනිසුන් හට අශීර්වාද කළද සෙත ශාන්තිය පැතුවද මිනිසුන් හට නොවඳිති. එය දන් පින් කරන ගිහියන් හට භික්ෂුන්වහන්සේලා වැඳුම් පිදුම් නොකරන්නාක් මෙනි. විෂ්ණු, කතරගම, බ්‍රහ්ම, ගණ ආදී හින්දු දෙවියන් ඇදහීම මත ඉන්දියාවේ හින්දු ආගම හටගත්තේය. ලංකාවෙ දෙවියන් ඇදහීම ආගමක් වී නැත. විෂ්ණු දෙවියන්ද සෝවාන් ඵලයට පැමිණ ඇත. ලංකාවෙ බුදු දහම සුරැකීම විෂ්ණු දෙවියන්හට පැවරී ඇති බව පැවසෙයි. අරහත් ධජයේ සෙවණේ රැඳෙමින් දේව කරුණාවට අනුගතව මෙලොව යහපත් කරගැනීම යහපත්ය.

දන් දීම, මල් පහන් පිදීම, වස්තු පූජාය. ගුණ වැයීම, ගුණ පිළිගැනීම ස්තුති පූජාය. දෙවියන් අදහන්නා පින් ඇත්තකු විය යුතුය. රැස් කරගත් පින් අනුමෝදන් කරන්නකු විය යුතුය. දෙවියන් අදහන්නා දෙවියන් ප්‍රියකරන දීප ධූප ගන්ධ පුෂ්ප තාම්බුල වැනි දේ පුදන්නකු විය යුතුය. පපුව මත දෑත් තබා වන්දනා කරන්නේ දෙවියන් පිදීමටය. පුද පූජා පවත්වා දෑත් ඉහළට ඔසවා කරන්නේ දෙවියන්ගෙන් යැදීමය. මේ සියල්ලටම පෙර පින් ඇත්තකු වීමට පින් කළ යුතුය. අසරණයකුට රෝගියකුට හෝ කුසගිනි අත්තකුට පිළිසරණ විය යුතුය. ජන්ම පත්‍රය අනුව පින්කම් කළ යුතු ක්‍රමවේදයක්ද ඇත.

පූජනීය ස්ථානයකදී තෙරුවන් ගුණ සිහිකර කරනු ලැබූ සෑම පින්කමක්ම සිහිපත් කර තම ප්‍රාර්ථනා දෙවියන්ගේ නාමයට සිතින්ම පින් අනුමෝදන් කිරීම යහපත්ය.

දෙවියන් ඉදිරියේ සිතින් ගතින් පිරිසිදු වී පින් අනුමෝදන් කිරීමේ දී ගාථා ස්තෝත්‍ර ගායනා කිරීම බාරහාර වීම් ආදී ප්‍රාර්ථනා සඵලත්වයට මග සලසයි. යහපත උදාකරන දැහැමි දේව පූජා මෙලොව පරලොව දෙලොවෙහිම යහපතට හේතු වෙයි.

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

Share69Tweet43SendShare17
Previous Post

අර්බූදය උග්‍රයි! චීනයෙන් වැඩිපුර ‌ඩොලර් මිලියන 300ක් ඉල්ලයි!!

Next Post

JAT Holdings ප්‍රථම කොටස් නිකුතුව වෙනුවෙන් පැවැත්වූ Virtual සමුළුව සාර්ථකයි

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net