• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

බල බලා හිටියා ඇති ග්‍රහයන්ගෙන් වැඩක් අරන් දියුණු වෙන්න…

January 16, 2022
in Astrology, Kendaraya
A A
බල බලා හිටියා ඇති ග්‍රහයන්ගෙන් වැඩක් අරන් දියුණු වෙන්න…

ඈත අතීතයේ සිටම මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමගම ප්‍රයෝජනවත් වැඩක් කිරීමේදී හොඳ වෙලාවකට ආරම්භ කළොත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව මිනිසුන් දැනගෙන සිටියා. තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගාකිරීමේදී වර්ෂාව ලැබෙන කාල අනුව වගා කටයුතු කර හොඳ අස්වැන්නක් ලබාගැනීමට හැකිබව ආදි මිනිසා වටහාගෙනත් තිබුණා. එකල විසූ අධිමානසික බලය ඇති ඍෂිවරු ජ්‍යොතිර්වේදය මෙලොවට හෙළිදරව් කිරීමේදී විශ්වය තුළ ගමන් ගන්නා ග්‍රහයන්ගේ ගමන අනුව පෘථිවිය මත පරිසරය මොහොතින් මොහොත වෙනස් වන බව අධ්‍යයනය කර එම ග්‍රහ බලය ඒ ඒ කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය ගණනය කිරීම්ද ලොවට හෙළිදරව් කළා.

අපි බලමු කොහොමද මේ විශ්වයේ පවතින ග්‍රහබලය අපගේ ජීවිත සාර්ථක කරගැනීමට වඩාත්ම සුදුසු ලෙස යොදාගන්නේ කියලා.

අප කිසියම් සුබ කටයුත්තක් ආරම්භ කිරීමේදී පංචාංග ශුද්ධිය තිබිය යුතු බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මොනවද මේ පංචාංගය?

ජ්‍යොතිර්වේදයේදී පංචාංගය කියන්නේ,

  1. දිනය
  2. නැකැත
  3. තිථිය
  4. යෝගය
  5. කරණය යන කරුණු පහටයි.

අපි හිතමු අපට අලුතෙන් ගෙයක් හදාගන්න ඕනෙ කියලා. ඒ අනුව බලමු කොහොමද සුබ වෙලාවක් තෝරාගන්නේ කියන කරුණ.

සතියේ දින හතෙන් සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සුබ දින හැටියට සලකනවා. ඉතිරි දින අසුබ හැටියටයි සලකන්නේ.

දිනය තෝරාගත්තට පස්සේ නැකැත ගැන බලන්න ඕනෙ. තෝරාගත් දිනයට අදාළව පවතින නැකැත කියන්නේ එම දිනයේ චන්ද්‍රයා මොන නැකැත් සීමාවන් පසුකරමින් ගමන් කරනවද කියන එකයි.

ලෝක ගෝලය වටේ තියෙන අංශක 360ක ප්‍රමාණය 27න් බෙදුවාම ලැබෙන අංශක 13යි කලා 20ක ප්‍රමාණය එක නැකැතක් හැටියටයි සලකන්නේ.

අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස ආදී වශයෙන් නැකැත් 27ක් තියෙනවා. මෙහෙම නැකැත් 27ක් තිබුණාට හැම නැකැතක්ම හැම කටයුත්තටම අනුමත කරලා නැහැ.

නිවාස ඉදිකිරීමේ කටයුත්තක් ආරම්භ කරනවා නම් වඩාත්ම සුදුසු නැකැත් හැටියට අනුමත කරලා තියෙන්නේ අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, මා, හත, සිත, සා, අනුර, දෙට, මුල, සුවන, දෙනට, සියාවස, රේවතී, උත්‍රපල්, උත්‍රසල සහ උත්‍රපුටුප යන නැකැත් පමණයි.
තිථිය කියන්නේ චන්ද්‍රයා සූර්යයාගෙන් ඈත් වෙවී යන ප්‍රමාණය ගණනය කිරීමක්. සූර්යයා සහ චන්ද්‍රයා එකම රාශියේ එකම අංශක ගණනක සිටින විට අමාවක හැටියටද, චන්ද්‍රයා සූර්යයාගෙන් අංශක 180ක් ඈත් වුණාම පසළොස්වක ලෙසද සලකනවා.

චන්ද්‍රයා සූර්යයාගෙන් ඈත්වෙමින් ගමන් කරන කාලය පුර පක්ෂය ලෙසද, චන්ද්‍රයා සූර්යයාට ළං වෙමින් ගමන් කරන කාලය අව පක්ෂය ලෙසද හඳුන්වනවා. බොහෝ සුබ කටයුතු සඳහා පුර තිථි පමණක් යොදාගන්න කියලා තමයි ජ්‍යොතිෂයේ උපදෙස් දී තිබෙන්නේ. ඒ වුණාට ගොවිතැන් කටයුතු, අසනීප සඳහා වෙදකම් ආරම්භ කිරීමට, විභාග, තරග ආදියට ඉදිරිපත් වීමට, රැකියා භාරගැනීමට, ණය දීමට, ගැනීමට, ගිවිසුම් අස්සන් කිරීමට, නඩු කටයුතු සඳහා පිටත්ව යෑමට වැනි අවශ්‍යතාවලදී නම් අව පක්ෂයේ තිථි භාවිත කළාට වරදක් නැති බවද සඳහන් වෙනවා.

හැකි සෑම අවස්ථාවකදීම හතරවැනි, නවවැනි හා දාහතරවැනි තිථි මඟහරින්න ඕනේ. ඒ තිථි තුන රිට්ටා තිථි ලෙස සලකනවා. අපි ආරම්භ කරන්න යන කටයුත්තට අනුව වඩාත්ම සුදුසු තිථි මොනවාද කියලා ජ්‍යොතිර්වේදයේදී වෙනම සඳහන් වෙනවා.

යෝගය කියලා කියන්නේ චන්ද්‍රයා සහ සූර්යයා ඒ ඒ රාශි තුළ ගමන් කර තිබූ අංශක ප්‍රමාණය එකතු කර ලබාගන්නා අගය ඔස්සේ ගණනය කිරීමෙන් සොයාගැනීමක්.
යෝග 27ක් හඳුන්වාදී තිබෙනවා. මෙම යෝග 27න් විස්කම්භන, අතිගණ්ඩ, ශූල, ගණ්ඩ, ධෘම, ව්‍යාඝාත, වජ්‍ර, ව්‍යතිපාත, පරිඝ, වෛධෘති යන යෝග අශුභ ලෙස සලකනවා. එවැනි යෝගයක් පවතින අවස්ථා මඟහරින්න ඕනෙ.

කරණය කියන්නේ තිථියෙන් දෙකෙන් පංගුවක්. එක තිථියකට කරණ දෙකක් තියෙනවා. කරණ 11ක් හඳුන්වාදී තිබෙන අතර මේ අතරින් විෂ්ටි, ශුකුණ, චතුස්පාද, නාග, කිංස්තුංග යන කරණ පවතින අවස්ථාවලදී සුබ කටයුතු ආරම්භ කරන්න හොඳ නැහැ.

ජ්‍යොතිර් විද්‍යාවේ තිබෙන ඉතා වැදගත් කරුණු අතරින් සුබ මුහුර්තයක් හදාගන්න එක ඉතා අමාරු වැඩක්. ඒ සඳහා නීතිරීති ගොඩක් පනවා තියෙනවා. සියලු කරුණු සැලකිල්ලට අරගෙන විශ්වයේ පවතින ග්‍රහ බලය අප ආරම්භ කරනු ලබන කටයුත්තට ආශීර්වාදයක් වන ලෙස යොදාගැනීම ලේසි වැඩක් නෙවෙයි. ඒත් අපි මේ හැම කරුණු කාරණයක් ගැනම බුද්ධිමත්ව අවබෝධ කරගන්න උත්සාහ දරමු.

ජ්‍යොතිෂ ශිරෝමනී, දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි

Share60Tweet37SendShare15
Previous Post

කියපු දේ කරනවා කරනවාමයි! ජනපතිගෙන් කුරුණෑගලදී සැර කතාවක්! (VIDEO)

Next Post

සෙලාන් බැංකුව නැවතත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක එකට…

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!
Exclusive

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

May 24, 2022

ඉන්ධන හල්වලින් කෑන්වලට පෙට්‍රල් ලබා නොදිමට පියවර ගැනිමත් සමග සමහර ත්‍රිරෝද...

Read more
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

May 24, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net