• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ජීවිත අඳුරු කරන බහිරව බැල්ම…

December 25, 2021
in Astrology, Kendaraya
A A
ජීවිත අඳුරු කරන බහිරව බැල්ම…

බහිරව බැල්මක් බහිරව දෝෂයක් මේ ආදී විවිධාකාර හැඳින්වීම් සහිතව පෙන්වා දෙන යම් ආකාරයක හානිදායක ක්‍රියාවන් සමුදායක් වෙයි. මේවා ඇසට නොපෙනෙන විවිධාකාර හේතු කාරණා මුල් කරගෙන සිදුවන විනාශකාරී දේවල් වීමටද බොහෝ දුරට ඉඩ තිබේ. විශේෂයෙන්ම යම් ස්ථානයක භූමියක හෝ නිවෙසක සිටින පුද්ගලයන්ට විවිධ කාරණා මුල් කරගනිමින් අනතුරු උපද්‍රව සිදුවීම ඉතා බුද්ධිමත්ව විමසා බලා එය බහිරව දෝෂයකින් සිදුවන්නක්ද යන්න හඳුනාගත යුතුය. එසේ හඳුනා ගන්නා දෝෂ සඳහා පිළියම් කිරීම මෙන්ම ස්ථාන වෙනස් කිරීම් ආදියද බොහොමයක් ප්‍රතිකර්මවලදී සිදුවේ.

කෙසේ නමුත් භූමියට අධිපතිත්වය හෝ එම ස්ථානයට අධිපතිත්වය දරන බහිරව දේවතාවා සතුටට පත් නොකර ඔහුගේ අනවසරයෙන් යමක් කිරීම බහිරව දෝෂයට ලක්වීමට ප්‍රධාන කාරණාවක් සේ සැලකෙන බැවින් තමන් අලුත් තැනක අලුත් දෙයක් කරන විට මේ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

කෙසේ නමුත් බහිරවයා කියූ සැණින් සෑම කෙනකුගේම මනසට නැගෙනුයේ යම් බියකරු රූපයකි. එසේම සිත තුළ තිගැස්මක් ඇතිවීමද සාමාන්‍ය දෙයකි. බහිරවයන් පිළිබඳ කතාකිරීමේදී වස්තුව ධනය මුතු මැණික් රන් රිදී ආදිය අමතක කළ නොහැකිය. මන්ද බොහෝ බහිරවයන් මෙම වස්තුවට ආශා කරමින් ඒ ඒ වස්තූන්ට බැල්ම හෙළමින් වාසය කරන්නන් බව පැවැසෙන නිසාය.

එහිදී අතීතයේ අද මෙන් සිය ධනය ආරක්ෂා කරගැනීමට දියුණු තාක්ෂණික ක්‍රම නොතිබීම හේතුවෙන් එකල බොහෝ ධනවත් පිරිස් සිය ධනය විවිධ තැන්හි රඳවා තබා ඇත. එවැනි ස්ථාන ලෙස ගල්, ගස් මෙන්ම මහ පොළොවද යොදාගෙන ඇති අතර එසේ රඳවා තැබූ ධනය කාලාන්තරයක් නොගැනීම මත ඒවා එම ස්ථාන තුළම නිදන් බවට පත්ව ඇත. එසේ නිදන් වූ වස්තුව මිහිපිට වෙසෙන බහිරවයන්ට පෙනෙන බවටද මතයක් වෙයි. එනිසා එම බහිරවයන් අදාළ ස්ථානවල නතරවී එම ධනයට ආශාවෙන් රැඳී සිටින බවත්, එසේ රැඳී සිටිමින් එම ධනයට කාගෙන් හෝ අනතුරක් වේ යැයි සිතුණහොත් එම පුද්ගලයන්ට විපත් පමුණුවන බවටත් විශ්වාසයක් වෙයි.

එසේම රත්නපුරය ආදී ප්‍රදේශවල ඇති මැණික් ඉල්ලම්ද බහිරවයන්ට හොඳින්ම පෙනෙන බව පැවැසෙයි. එනිසා ග්‍රහ තත්ත්වය බලවත් නොවූ පතල්කරුවන් හෝ අදාළ පුද පූජා නොකළ පතල්කරුවන්ගේ මැණික් ඉල්ලම වෙනත් පැත්තකට රැගෙන යන බවටද විශ්වාසයක් වෙයි. එසේම බොහෝ මැණික් පතල් හිමියන්ට මැණික් ලැබෙන්නත් මෙම තත්ත්වය බලපාන බවට විශ්වාස කෙරෙන අතර, යම් ලෙසකට අදාළ පුද පූජා තැබීමෙන් පසුව ඇතැම් පතල් හිමියන්ට මැණික් පතල් හමුවනුයේ මැණික්වලට බැල්ම හෙළ සිටින බහිරවයාගෙන් තිබූ බාධාවන් ඉවත් වීමෙන් බවට විශ්වාස කෙරේ.

බහිරවයන්ගේ වාසස්ථාන ලෙස ඇතැම් ඉඩම්ද තෝරාගෙන තිබෙනවා. යම් ලෙසකට බහිරවයන් ප්‍රිය කරන යමක් යම් ඉඩමක ඇත්නම් එම ඉඩම බහිරවයාගේ වාසස්ථානය සඳහා තෝරා ගැනෙනවා. එවැනි බහිරව වාසස්ථාන ඇති ඉඩම්වල විශාල නාගයන් සිටින බවටත් මතයක් තිබෙනවා. බහිරව දෝෂ ගැන හඳුනාගත හැකි තවත් සාධක කිහිපයක් ගුප්ත විද්‍යාවේදී හඳුන්වා දී තිබෙනවා. ඒ අතරින් රාත්‍රියට විවිධ ආලෝක ඇතිවීම, මිටි විරූපී මිනිසුන් පෙනීම, ඉඩම්වල පදිංචිකරුවන් රාත්‍රියට සිහිනෙන් බියට පත්කිරීම, ඉඩමට කළු හරක් ඒමට පටන්ගැනීම, ඉඩම්වලින් පලදාව ලැබුණු ගස් නිසරු වී ආදායම අඩුවීම වැනි දේත් ප්‍රසිද්ධයි. බොහෝ දුරට බහිරවයන් කෝප වූ විට මේ තත්ත්වය වැඩි වෙනවා කියලත් කතාවක් තිබෙනවා.

මේවා සරලව සිතීම අනිටු පල ඇතිකරන්නට සමත් වෙනවා. එනිසා තමන් සිටින ඉඩමේ බහිරවයන්ට අයත් යමක් ඇතැයි සැකයක් වේ නම් පහනක් දල්වා, බහිරවයාට ඔහුගේ වස්තුව තබාගන්නා ලෙස පවසා තමන්ට එම වස්තුව අනවශ්‍ය බැවින් තමාටත් පවුලේ අයටත් ආර්ථිකයටත් කරනා හානිය නතර කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම ඔබට බහිරව කරදරයෙන් මිදී සුව සේ ජීවත් වීමට වාසනාව උදාවනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

Share62Tweet39SendShare15
Previous Post

දුමින්දට එරෙහිව හිරුණිකා යළිත් සටනට බහී! ජනාධිපති සමාවට එරෙහිව පූර්ණ විනිසුරු මඩුල්ලකින් තීන්දුවක් ඉල්ලයි!

Next Post

SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන දෙකක්…

MORE NEWS

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...

Read more
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

May 28, 2022
මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

May 28, 2022
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

May 28, 2022
කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net