• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

පෙරේතයෙක් ආවොත් මොකද කරන්නේ?

March 21, 2022
in Astrology, Kendaraya
A A
පෙරේතයෙක් ආවොත් මොකද කරන්නේ?

මිනිසුන් බලවත් කරගන්නා නොපෙනෙන තවත් ප්‍රධාන බලයක් ඇත. එය ප්‍රේත බලවේගයයි. මිනිසුන් දෙවියන්ගෙන් පිහිට පතන්නා සේම ප්‍රේතයන්ගෙන් නිබඳවම පීඩා විඳියි. දෙවියන් හට අකැප අයහපත් ස්ථානය ප්‍රේතයන්ට යහපත්ය. දෙවියන් සොයා ශුද්ධ වූ ස්ථානයන් වෙත මිනිසා යොමුවෙයි. අපවිත්‍ර ස්ථානයන්හි නිබඳවම වෙසෙන ප්‍රේතයන් මිනිසා සොයා මිනිසා පීඩාවට පත්කරවයි. එම ප්‍රේතයන්ම තවත් විටෙක මිනිසා රවටනු ලබයි. ප්‍රේතයන් යනු කවරෙක්ද? ඔවුන් මිනිසා ග්‍රහණය කරගනු ලබන්නේ කෙලෙසකටද? මිනිසා විමසුම් කර බැලිය යුත්තේ එවන් වූ කරුණුය.

වසර ලක්ෂ ගණනක් පුරා සාංසාරිකව අප හා බැඳුණු ඥාති මිත්‍රාදීහු රැසක් සිටිති. අකුසල් මත ඔවුන්ට අප සමග මිනිස් ආත්මයන් ලෙස සම්බන්ධ විය නොහැකිය. ඉඩකඩම්, මිල මුදල්, බඩු භාණ්ඩ සහ සසරෙහි ඥාතිත්වයට ලොබින් අප හා බැඳුණු පිරිසක් අකුසල් මත ප්‍රේත ආත්මයන් ලබා සසරෙහි සැරිසරති. පෙර කල මිනිසුන් කරන ලද පාප ක්‍රියා පලදීමෙන් ඔවුහු ප්‍රේත ආත්ම උරුමව දුක් විඳිති.

ප්‍රේත ලෝකය ඇත්තේද මිනිස් ලොව තුළය. ඔවුහු නිබඳවම අප වටා සැරිසරති. අපට නොපෙනෙන, ගණනය කළ නොහැකි අයහපත් තරංගයන් අපගේ වදනින් අංග චලනයෙන් පීඩා විඳිති. ගොම්මනේ ගෙමිදුල් ඇමදීම, ගොම්මනේ පාළු ස්ථානවල සැරිසැරීම මිනිසාට අයහපත්ය. එම වේලාව තුළ මෙම අයහපත් බලවේගයන් බලවත් වෙයි.

ප්‍රේතයන් මිනිසාට ආවේශ වීමේදී මිනිසා ප්‍රේත ගති පෙන්වයි. මානසිකව දුබල වූ පිරිස් ප්‍රේත ආරූඪයෙන් ශාස්ත්‍ර කියති. පුද පූජා ලබාගනිති. මේ සියල්ල මිනිසා ප්‍රකෘති සිහියෙන් කරන්නක් නොවේ. ප්‍රේත අඳුනෙන් කෙරෙන ප්‍රධාන පිළිවෙත වස්තුවට ලොබින් මියගිය පුද්ගලයා ප්‍රේතාත්මයේ සිරගතව සිටිමින් රකිනු ලබන වස්තුව සොයා බැලීමයි. වරම්, ජීවම්, දැපනවලින් මෙම බලවේගයන් ප්‍රයෝජනයට ගත හැකියි. බලවත් කොට තමන්ට අවනත කරගත හැකියි. මන්ත්‍ර ජපය සහ ප්‍රේත තටු පිදීමෙන් යකැදුරා විසින් මෙම නොපෙනෙන බලවේගයන් තමන්ට අවනත කොට ක්‍රියාත්මක කරයි.

නිවාස ගොඩනැගීමේදී වාස්තු විද්‍යාව තුළ ප්‍රේත පාදය හමුවන්නේ නිවෙස සැකසීමට පාද බෙදීමේදීය. ප්‍රේත පාදය හසු නොවන ආකාරයට නිවෙස සැකසීමෙන් නිවෙසකට යහපත උදාවෙයි. කොඩිවින යනු මෙම අයහපත් බලවේගයන්ට පුද්ගලයකු නිවෙසක් හෝ ව්‍යාපාරයක් විනාශ කිරීමට භාර කිරීමය. සතුරකුගෙන් පළිගැනීමට හෝ ඊර්ෂ්‍යාසහගතව යමකුගේ පරිහානිය ඇතිකිරීමට කරනු ලබන පහත් බන්ධනයකි. කොඩිවිනයට ගොදුරු වූ තැනැත්තා එම පීඩා බන්ධනය විශ්වාස නොකිරීම යනු නිසැකවම පීඩාව ක්‍රියාත්මක වීමයි. කොඩිවින අයත් වන්නේ ගුප්ත විද්‍යාවේ අෂ්ටකර්මයෙන් මරණ කර්මයටය. මිනිස් ශරීරයට ඇති ඇල්ම නිසාද ප්‍රේතයෝ මිනිසාට ආකර්ෂණය වෙති. ප්‍රේත ලෝකයේ දුර්වල සහ බලවත් ප්‍රේතයෝද සිටිති. නිතර පුළුටු, මස් මාංශ, බිත්තර ආහාරයට ගන්නා රහමෙර පානය කරනු ලබන නිවෙස් වෙත ප්‍රේත බැල්ම බලවත්ය. සතුන් මරන, අපිරිසුදු, පීඩාකාරී ස්ථානවලද මෙම බලවේගයෝ බලවත් වෙති. පුළුටු, මස් මාංශ ආදියට ප්‍රිය කරන ප්‍රේතයන් එම ස්ථානයන්හි ස්වරූපයන්ද තමනට අවැසි පරිදි අනුගත කරගනිති. නිතර කෝලාහල, අඬදබර ඇතිවන්නේ එවන් නිවෙස් තුළය. මෙම අයහපත් පිළිවෙත අනුගමනය කරන නිවෙස් එම පිළිවෙතින් මිදුණු කලද අයහපත් ප්‍රතිඵල අත්වෙයි. නිවැසියන් රෝගී වීම, නිවාස හැර යෑම, නොයෙකුත් වධ බන්ධනයන්ට ලක්වීමද එයට නිදසුන්ය. පැරැන්නෝ නිවෙසක ඇති දුගද අඳුර සහ ගෘහ මූලිකයාගේ කේන්දර සටහන පිරික්සීමෙන්ද ප්‍රේත පීඩාව හඳුනාගත්හ. නිවැසියන්ට පීඩා කරමින් එම භූමියේ සැරිසරන සාංසාරික ඥාති ප්‍රේතයන්ට දියයුතු සරලමය දන් පින් බොහෝය. ප්‍රේතයන් බැඳීම, බෝතල් තුළ දමා වැළලීම, මුහුදට දැමීම කිසිදා කළ හැකි දෙයක් නොවේ. සියුම් ශරීර හිමි, විනිවිද ගමන් කිරීමේ බලයක් හිමි ඔවුන් එයට නතු නොවෙති. නිහඬ ප්‍රේතයෝ මෙම පීඩාවන් තුළින් රුදුරු බවට පත්වෙති. ඔවුන් දරුණු වීම යනු මිනිසා තවත් පරිහානියට පත්වීමයි. ප්‍රේත පීඩාව ඇති නිවෙසක අවැසි පරිදි ප්‍රේත පිරිස් හට දන්දී පින් අනුමෝදන් කරවීමෙන් ප්‍රේතයන් එම ස්ථානයෙන් ඉවත්ව යන්නේය. ප්‍රේත පීඩාව දුරු වන්නේය.

නිවෙසේ දන් දුන් පසු එදිනම විහාරස්ථානයක බෝධියක් වෙත පහන් දල්වා ප්‍රේත කොටස් එම ස්ථානයට යහපත්ව භාරකිරීමෙන් ප්‍රේත උවදුර නිසැකවම පහව යන්නේය. ඒ සඳහා ප්‍රේතයන් හට පින් අනුමෝදන් කිරීමට පැරැණියන් භාවිත කළ ගාථාවක් මෙසේය. ඔබත් මෙම පිළිවෙත් සපිරීමෙන් නිසි ඵල උදාකර ගන්න.

උන්නමේ උදකං වට්ටං
යථානිත්තං පවජ්ජති
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උපකප්පති

යථාචාරි මහා පූරා
පරිපූරෙන්ති සාගරං
ඒව මේව ඉතෝ දින්නං
පේතානං උපකප්පති

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

Share63Tweet40SendShare16
Previous Post

ලංකාවේ දරුවෝ මුහුණ ‌දීලා තියෙන ප්‍රශ්නයක් අපේ රටේ මාධ්‍යවලට ලොකු ප්‍රශ්නයක් නොවුණාට බ්‍රිතාන්‍යයේ මාධ්‍යවලට ඒක ලොකු ප්‍රශ්නයක්! පේනවා නේද දෙකේ වෙනස!

Next Post

ඔබේ ජීවන රටා වැඩිදියුණු කිරීමට ‘සෙලාන් ඇක්සලරේට්’…

MORE NEWS

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…
Astrology

අර්බුදයෙන් ගොඩයන විදිය කේන්දරෙන් හඳුනාගන්න…

June 1, 2022
මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…
Astrology

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

May 31, 2022
ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
Astrology

ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…

May 30, 2022
පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…
Astrology

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

May 29, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…
Astrology

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net