• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Wednesday, May 18, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

නමටත් බයවෙන කවුද මේ හෙනහුරා…

December 4, 2021
in Astrology, Kendaraya
A A
නමටත් බයවෙන කවුද මේ හෙනහුරා…

ග්‍රහ මඬුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්‍රහයෙකු වන, දුකට අධිපති ශනි ග්‍රහයා සෙනසුරු නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙක් වෙයි. මකර හා කුම්භ යන රාශිවලද පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලද හිමිකාරීත්වය දරනු ලබන අතර තුලා රාශියේදී උච්චවී මේෂ රාශියේදී නීච වෙයි. සූර්යයාගේ සිට සැතපුම් 88,6779,900ක මධ්‍යයන දුරකින් පිහිටා ඇති අතර සෙනසුරු ග්‍රහයාගේ විෂ්කම්භය සැතපුම් 76,500ක් වෙයි. භ්‍රමණ වේගය පැයට සැතපුම් 21,221ක් වෙයි. සෙනසුරු වටා චන්ද්‍රයන් 09ක් සිටින අතර එය වෙනත් ග්‍රහයන්ට නොමැති විශේෂත්වයකි. විෂ ධූම වළලු 07ක් සෙනසුරු වටා ගමන් කරනු ලැබේ. එබැවින් සෙනසුරුගෙන් නිකුත් කරනු ලබන කිරණ පෘථිවියට ලැබෙන්නේ අසුබ කිරණ වශයෙනි. පැය 10යි විනාඩි 02 තුළ තමා වටා භ්‍රමණය වන බැවින් සෙනසුරුගේ සෑම පැතිකඩක්ම පෘථිවිය මත සෑම පැය 24කටම දෙවරක් පතිත වෙයි.

සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ප්‍රධාන ග්‍රහ තාරකාවන් අතරින් නවග්‍රහයන් ප්‍රධාන කොට ගනිමින් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී පලාපල විමසනු ලබනවා. පෘථිවියට වඩාත්ම බලපෑමක් සහිත ග්‍රහ තාරකාවන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි හා ඡයා ග්‍රහයන් දෙපළ වන රාහු හා කේතු නිරන්තර චලිතයක හෙවත් ග්‍රහ ගමනක යෙදී සිටිනවා. එහිදී සඳු දින දෙකහාමාරකදී රාශියක් මාරුකරන අතර රවි, කුජ, බුධ, සිකුරු, යන ග්‍රහයන් මාසයක් හෝ දින 45ක කාලයකදී රාශි මාරුකරන අතර ගුරුත් රාහු හා කේතුත් වසරකට ආසන්න කාලයකදී රාශි මාරුකරනු ලබනවා. ඒ අතරින් ජ්‍යොතිෂයේදී පාපී ග්‍රහයකු ලෙස හඳුන්වන සෙනසුරු රාශියක් මාරුකරනු ලබන්නේ වසර දෙකහාමාරක පමණ කාලයකදීය. එය අපට බලපෑම් කරන ග්‍රහයන් අතරින් ගත් කල ඉතාම දීර්ඝ කාලයක් එක් රාශියක ගතකිරීමකි. සෙනසුරු යනු ඉතාම සෙමෙන් ගමන් කරන ග්‍රහයෙකි. එම ගමන පදනම් කොට ගනිමින් මිනිසාට හා ස්වභාවධර්මයාට විවිධ වූ බලපෑම් එල්ල වනු ලබනවා.

වසර දෙකහාමාරක් එක රාශියක ගතකර වසර තිහක් පුරා චක්‍රය වටා කරකැවෙමින් ඒ ඒ රාශිවලට ඒරාෂ්ටක බලය ඇති කරමින් විවිධ වූ අපල හා පීඩාකාරී තත්ත්වයන්ට මිනිසා ගොදුරු කිරීම සෙනසුරුගේ සිරිතයි. ලෞකික අනිෂ්ඨ ග්‍රහයකු වන සෙනසුරු ග්‍රහයාගේ ගෝචරය හෙවත් ග්‍රහ ගමන නිසා පොදුවේ ඒ ඒ ලග්න හිමියන්ට සෙනසුරු ලග්න, ජන්ම, අෂ්ටම ඒරාෂ්ටක හා මහදශා, අතුරු දශා හා විදශා වශයෙන් පීඩා හා අපල තත්ත්වයන්ට සුබ, අසුබ මිශ්‍ර ඵලවලට විශේෂයෙන් මුහුණ දීමට සිදුවනු ඇත. 3, 6 හා 11 යන භාවයන්වලදී පමණක් සුබ ඵල ලබාදෙන ශනි ග්‍රහයා අනෙකුත් සියලු භාවයන්වලදී ලබාදෙන්නේ අසුබ ඵලයි.

කෙසේ වෙතත් ඔබත් ඔබේ ජන්ම පත්‍රය නිසි ලෙස ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරගැනීම තුළින් ඉදිරි සෙනසුරු මාරු සුබ අසුබ ඉතාම පැහැදිලිව දැනගැනීමෙන් ඊට අදාළ ග්‍රහ ශාන්තිකර්මය ඉටුකර ගැනීමේ හැකියාව ඇත. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා අපේ නවග්‍රහ මණ්ඩලයේ 7 වැනි ග්‍රහයා වන අතරම ඔහු නපුංසක ග්‍රහ ලොවක් ලෙසද හැඳින්වේ. සතියේ දිනයක්ද සෙනසුරු වෙනුවෙන් වෙන් කරදී ඇත. අපේ ග්‍රහ මණ්ඩලයේ සිටින තදබල කේන්තිකාරයා වන්නේද සෙනසුරුය. එසේම අයුෂ්කාරකයාය. මේ අනුව ශාරීරික පීඩා, නඩුහබ, කල් පවතින රෝගාබාධ ඇති කිරීම මෙන්ම අයුෂයටද බලපෑම් ඇති කිරීමට සෙනසුරු සමතෙකි. කළු පාටට හුරු නිල් වර්ණයෙන් යුතු ශනි ග්‍රහයා තමාගේ වාහනය ලෙස කපුටා තෝරාගෙන ඇත. සිය වාසස්ථානය ලෙස නුග වෘක්ෂය තෝරාගන්නා සෙනසුරු, බටහිර දිශාවට අධිපතිත්වය දරයි.

කාක නිල ශනිට හිමි මැණිකයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ නායකත්වය දරන සූර්යයා හෙවත් හිරු සෙනසුරුගේ පියා ලෙස සලකනු ලබයි. නමුත් මෙම පිය පුතු දෙදෙනා පරම සතුරන්ය. සිය ආහාරය ලෙස නරක්වූ කුණු මාංශ ආහාරය ලෙස ගන්නා සෙනසුරුගේ කක්ෂය වටා පවතින විෂ වායු ධාරාවන්ගෙන් පිරි වළලු නිසාවෙන් ශනි ග්‍රහයා වාතයට අධිපති ග්‍රහයා ලෙසද සලකනු ලබයි. දුකට අධිපති සෙනසුරු ජ්‍යොතිෂයට අනුව අප ජන්ම පතේ සිටින ප්‍රබල පාපී ග්‍රහයෙකි. දීර්ඝ කාලයක් එක් රාශියක රුඳී සිටිමින් විවිධාකාරයෙන් මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කරමින් බලය එල්ල කරන සෙනසුරු තම තමන්ගේ ජන්ම පත්‍රවල පිහිටා ඇති ආකාරය අනුව සැම විටම එසේ අපල උපද්‍රව එල්ල නොකරන අවස්ථාද අපට දැකගත හැකිය.

සෙනසුරු හොඳට සිටිය කල ජන්මියා ඉහළටම ඔසවා තැබීම සෙනසුරුගේ සිරිතයි. මෙම කරුණු කාරණා නිසාවෙන් වැඩි දෙනකු සෙනසුරු ගැන කතා කරයි. ශනි අපලයෙන් මිදීම සඳහා ඇති ග්‍රහ ශාන්තිකර්ම පිළිබඳ බොහෝ දෙනා අවධානය දක්වන්නේ ඒ නිසාය. සෙනසුරු ප්‍රධාන නවග්‍රහ මණ්ඩලයේ ඒ ඒ ග්‍රහයන්ට අධිපති දෙවියන් සිටින අතර ඒ අතරින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාට අධිපති දෙවියන්සේම ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් වහන්සේ වන්නේද ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේය. සෙනසුරු අපල හා පීඩාවන්ගෙන් වැළකීම සඳහා අප පුද පූජා පැවැත්වීමේදී ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් වහන්සේ උදෙසා පුද පූජා පැවැත්වීම වැදගත් වනු ඇත.

බහුතරයක් දෙනා සෙනසුරුට දක්වන්නේ ඉමහත් බියකි. එයට හේතුවී ඇත්තේ ශනි ග්‍රහයා නිරන්තරයෙන් මිනිසාගේ ජීවන ගමන වෙනස් කිරීමට ප්‍රමුඛ වන ග්‍රහයකු නිසාවෙනි. නමුත් පරිණත මිනිසකු බිහිකරන්නේද සෙනසුරු විසිනි. ඒ, ශනි ලෝකෝත්තර ග්‍රහයකු නිසාවෙන් ලෞකික ජීවිතයේ ඇති නිස්සාරත්වය මනාව ජන්මියාට පසක් කර දීමට සෙනසුරු මූලික වන නිසාය.

ඉතා දැඩි ලෙස පවට දඬුවම් කරන සෙනසුරු, පව අවබෝධ කරගෙන පවින් වැළකෙන මිනිසුන්ට දැඩි ලෙස සුබ ඵල උදාකරනු ඇත. වර්තමාන ජනමාධ්‍ය තුළ අප නිරන්තරයෙන් අසන දකින පුවත් තුළ වැඩිමනක්ම ඇත්තේ සෙනසුරුගේ ක්‍රියාකාරකම්ය. මා එසේ පවසන්නේ මිනීමරුවන්ට, මංකොල්ල කරුවන්ට, රාජ්‍ය දේපළ සොරකම් කරන පුද්ගලයන්ට, කාමාතුරයන්ට, මත්ද්‍රව්‍ය හා සමාජය විනාශ කරන දේ විකුණමින් අනාගතය විනාශ කරන්නන්ට, වැඩිහිටියන්ට නොසලකන්නන්ට, ආගම දහම, සංස්කෘතිය, ජ්‍යොතිෂය, විවේචනය කරමින් එයට ගරහමින් ඒවා පිළිනොගන්නන්ට, සමාජ විරෝධීන්ට මෙන්ම විවිධ අකටයුතු කරමින් සමාජය නොමඟ යවන්නන්ට හා හොර බොරු කපටි පුද්ගලයන්ට තම වාරය පැමිණි කල සෙනසුරු නිසි දඬුවම ලබාදෙන ආකාරය අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ.

කෙසේ වෙතත් සෙනසුරු යනු නවග්‍රහ මණ්ඩලයේ නවග්‍රහන් අතරින් තවත් එක් ග්‍රහයෙකු පමණි. එබැවින් සෙනසුරු මාරුව කියූ පමණින් ඒ පිළිබඳ අප බියවිය යුතු නැත. මෙම කිසිදු ග්‍රහ මාරුවක් තුළින් කිසියම් වූ පුද්ගලයකුට කිසිදු ලෙසකින් එක සමාන ආකාරයෙන් බලපෑම් ඇති නොකරයි.

වර්තමාන සමාජය තුළ ජ්‍යොතිෂයට ඇති මහත්වූ උනන්දුව හේතුකොට ගෙන මෙම ග්‍රහ මාරු පිළිබඳ හා ජ්‍යොතිෂය පිළිබඳ ජනතාව තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ. යම් පුද්ගලයකු පූර්ව ආත්මයේ කළ කුසල හා අකුසල කර්ම හේතුකොට ගෙන ඔහුට ජ්‍යොතිෂය අනුව අපල හෝ සඵල කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. එය යථාර්ථයයි. ග්‍රහ තාරකාවන්ට අපව පාලනය කළ නොහැකි අතර එම ග්‍රහයන් අපට සංඥා ලබාදෙනු ලබයි. එය මනාව තේරුම් ගෙන ශ්‍රේෂ්ඨ බුදු වදනට අනුව දැහැමිව පන්සිල් රකිමින් අධිෂ්ඨානයෙන් හා ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්නේ නම් අපට ලබාගත නොහැකි ජයග්‍රහණයක් නොමැත.

සෙනසුරු නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙක් වෙයි. තාරකා විද්‍යාවට අනුව බැලූ කලද සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන ප්‍රමාණයෙන් විශාල ග්‍රහ ලෝකයකි. එසේම උණුසුම් ග්‍රහ ලොවක් ලෙසද හැඳින්වේ.

ජ්‍යොතිෂයට අනුව බැලූ කල නවග්‍රහයන් අතරින් ඉතා පීඩාකාරී හා බරපතළ තීන්දු ගන්නා ග්‍රහයකු ලෙස හඳුන්වා දීමට හැකිය. රක්ත වර්ණ දෑසක් තිබෙන පාපී ග්‍රහයකු නිසාවෙන් ශනි ග්‍රහයා දෙවියකු ලෙස නොසලකන අතර දෙවියකුගේ ස්වභාවය අනුකම්පාසහගත හා සාධාරණවීම නමුත් සෙනසුරු එසේ නොකරයි. අකුසලයට හෙවත් අපලයට දඬුවම් දීමේදී සාධාරණකමක් තිබිය යුතු නමුත් විටෙක මෙම ග්‍රහයා එසේ නොවන අවස්ථාද අප කොතෙකුත් දැක ඇත.

සෙනසුරු ග්‍රහයා ඉරුගේ පුත්‍රයාය. පෘථිවියට වඩා සැතැපුම් කෝටි ගණනකටත් ඈතින් පිහිටි ග්‍රහයෙකි. ශරීරය නිල් පාට, රතු ඇස්‌ ඇති බොල්ලෑ දත් ඇති කෙට්‌ටු ශරීරයක්‌ ඇති අයකු වෙයි. ග්‍රහ මඬුල්ලේ පාපියා වුවද ලක්‍ෂණම ග්‍රහයාද මොහුය. සූර්යයා වටා ඈතින්ම ගමන් කරන මොහු වටා නයිට්‍රජන් හා මීතේන් නමැති විෂ වායුවකින් යුත් රශ්මි වළල්ලකින් දස දෙස කිරණ විහිදුවයි.

පැරණි ඉසිවරුන් ජ්‍යෙතිෂ්‍යය අනුව ශනි ග්‍රහයාගෙන් සිදුවන විපාකයන් මේ ලෙස හඳුන්වා ඇත. දුක්‌ විඳින්නා තව තවත් දුකට පත්කොට දුක්‌ වින්දවීම, අවාසනාව, දුප්පත් කිරීම, කම්මැලිකම, කරන හැම දේටම බාධා පැමිණවීම, හිතේ ධෛර්ය නැති කිරීම, සමේ දද කුෂ්ඨ වණ හා විශේෂයෙන් වම් කකුලේ ආබාධයන් ලෙස සුව නොවන තුවාල, ඇට කටු කැඩීම්, තැළීම්, පොඩිවීම්, හදිසි අනතුරුවලට පත්කිරීම් වැනි අබල දුබලතාවයන්ට ලක්‌ කිරීමට හා විවාහ බාධාවන් හා විවාහවී නම් ඒවා වෙන් කිරීමට මොහු ගජ හපනෙකි.

එමෙන්ම සමාජයෙන් කොන්කර නින්දා අපහාස ගෙන දීම, තනතුරු හා රැකියා අහිමිවීම, තමා සතු වස්‌තුව හා දේපළ අහිමිවීම, ධන හානිය, අනුන්ට අතපෑමට සිදුවීම කේන්ද්‍ර පරීක්‌ෂාවෙන් හෙළිවේ. එහෙත් මකර ලග්නය, කුම්භ, තුලා ලග්න හිමි අයකුට සෙනසුරා ශුභ ඵල උදාකරන බවත් තුලා ලග්නය හිමි අයකුගේ කේන්ද්‍රයේ පළමුවැන්නේ ශනි ග්‍රහයා තැන්පත්ව සිටි විට ‘සස’ යෝගය යෙදීම නිසා ශනිගේ මහදශා අන්තර් දශා ගතකරන කාලවල ධන, වස්‌තු සම්පත් මිල මුදල් යාන වාහන ගේ දොර ඉඩකඩම් ලබාදී උසස්‌ තලයට ඔසවා තබන බවත් කේන්ද්‍ර පරීක්‌ෂාවේදී පැහැදිලි වේ.

එමෙන්ම සෙනසුරු ඒරාෂ්ටකය වසරකට දෙවරක්‌ මුළු ජීවිතය කාලය තුළදීම ලැබීමට පුළුවන. නමුත් තුන් වරක්‌ම ලැබෙන්නේ දීර්ඝායුෂ විඳීමට ඇති අයට පමණයි. වසර 30ත් 35ත් අතර කාලය තුළ අප සැමටම පොදුවේ ලැබෙයි. යම් අයකු ඉපදෙන විට ශනි 12-1-2 යන භාවයක පිහිටියේ නම් ඔහු සෙනසුරු ඒරාෂ්ටකයෙන් ඉපදුණු අයෙකි. මේ ආකාරයට දීර්ඝව විස්‌තර පෙන්වාදී ඇත. කෙසේ හෝ ඒරාෂ්ටකයක්‌ තුළදී දුක්‌ විපත්, දුප්පත් වීම, පීඩිතවීම, අඳින ඇඳුම පවා නැතිවීම, පවුලෙන් වෙන්වීම, ස්‌ථාන භූමියෙන් වෙන්වීම පිටව යාම, දරු දැරියන්ගේ නම් ඉගෙනීමට බාධා පීඩා ඇතිව කැඩී යාම, අංශභාග කොර කුෂ්ඨ ආදී ජරා රෝගයන් හැදී අංශභාගයන් ඇතිකර ඔත්පල කරයි. ව්‍යාපාර බංකලොත් වේ. කලකෝලාහල නඩු හබවලට පැටලී හිරේ විලංගුවේ වැටේ. අති භයානක මරණ, මාරක අනතුරුවලට ගොදුරු වේ.

සෙනසුරු ලග්නයට ගිය විට අතපය ඉදිමීමද, මඟහැර යාමද, පියාගේ බඩේ ලෙඩක්‌ ඇත කීමද යනුයි. ලග්නයෙහි සිටි චන්ද්‍රයා දුටි නම් ආණ්‌ඩවාත රෝගද අතිවේ. සෙනසුරා දෙවන රැසට ලෙඩද වස්‌තුද හානි වීම තැනින් තැන පදිංචි වීමද, ලෙඩ වීමද, සෙනසුරා තුන්වැනි රැසට රන් රිදීද ශාස්‌ත්‍රද ප්‍රසිද්ධ වීමද ඇතිවේ, හතරවැනි රැසේදී මවුපියන්ටද නෑයන්ටද දිළිඳු බවද, නඩු පනත්වල පැටලීමද, පස්‌වැනි රැසේදී පියාට හා මවට අපලද, සහෝදර ආදී දරුවන්ට විකල්ප ඇතිවීමද, ප්‍රධාන වස්‌තුව නැතිවීමද, සෙනසුරු හයවැන්නේදී සැප සම්පත් ලැබීම, ශාස්‌ත්‍රවන්තද, ගම්බිම් ගැනද කඳු රැලි ස්‌ථානද ලැබේ. හතේදී සැප නැතිවී දරුවන්ට අපලද ශාරීරික ලෙඩද ඇතිවේ. අට ලැබීමෙන් පිළිකා ලෙඩද අඹුදරු වෙන්වීම් හා සැප නැතිවී විසීමට සිදුවේ. නවය ලැබීමේදී පව්කිරීම, රුද්‍ර ගිනියම් ලෙඩ, ලෝකයේ ප්‍රසිද්ධියද, දහයේදී කීර්තිය හා ගවයන් බෝවීමද දරුපල අහිමි වීම මෑණියන්ට රදා කුලයක්‌ වැටෙන බව සමහර තැනක කියවේ.

එකොළහදී ප්‍රසිද්ධ වේ. ධනවතෙක්‌ වේ. ශාස්‌ත්‍රවන්ත වේ. දොළහේදී නඩු පනත් වියවුල්, පාද රෝග හෝ නින්දාවකට හෝ පැමිණේ යැයි තවත් තැනෙක කියවේ. එනිසා සෙනසුරු මානව සංහතියට උපතේ සිට මියයන තුරුම හොඳත් නරකත් ගෙනදෙන ප්‍රබල ග්‍රහයෙකි.

සෙනසුරු ස්වභාවයෙන්ම අඳුර නියෝජනය කරන ග්‍රහයාය. අඳුර හා පාපය සමාන්තරව ගමන් කරයි. පරණ පව්වලට වන්දි ගෙවන කාලය කෙනෙකුගේ සෙනසුරු දශා කාලයයි. බොහෝ විට වඩාත්ම අකුසලයට නැඹුරු වූවෝ ශනි දශා කාලයේදී දරුණු ඒරාෂ්ටක අපලවලට මුහුණ දෙති. ඉතා සුපරීක්ෂාකාරීව කෙනකුගේ මෙම දශා කාලය පිළිබඳ නිරීක්ෂණය කළොත් එම කාලයේදී කෙළවරක් නැති පීඩාවලට ගොඳුරුවී ඇති ආකාරය අපට දැකගත හැකිය.

අපායේ හෝ ස්වර්ගයේ යතුර ඇත්තේ සෙනසුරු අතය. ඒ ශනි ග්‍රහයා පිළිබඳ ජනප්‍රිය කියමනකි. මෙම යතුරු දෙකෙන් ලබාගත යුතු යතුර තීරණය කළ යුත්තේ ඔබ විසිනි. මන්ද යත් යහපත් වූ ධාර්මික ක්‍රියාවල අප යෙදුණු කල සෙනසුරු අපට නොපැකිලිව ස්වර්ගයේ යතුර ලබාදෙනු ඇත. එහෙත් මා ඉහත දක්වන ලද පාප ක්‍රියාවල යෙදෙමින් අධාර්මික ජීවිතයක් ගතකරන කල අනිවාර්යයෙන්ම අපායේ යතුර අප වෙත ලැබෙනු ඇත. එය යථාර්ථය හා පරම සත්‍ය ලෙස අප වටහාගත යුතුය.

ජන්මියකුට ලබන්නා වූ අපල අතුරින් සෙනසුරු අපලය ප්‍රධාන තැනක් ගන්නා අතර විශේෂයෙන් එය ආකාර තුනකින් යෙදෙයි. එනම් ශනි ග්‍රහයා උත්පත්ති කේන්දරයේ ජන්ම සඳු මතින් ගමන් කිරීම, ජන්ම ඒරාෂ්ටක අපලය වශයෙන්ද, ජන්ම සඳුගෙන් අටවැන්නේ ගමන් කරන කාලය අෂ්ටම ඒරාෂ්ටකය වශයෙන්ද, ජන්ම සඳුගෙන් හෝ ජන්ම ලග්නයෙන් දොළොස්වැන්න, පළමුවැන්න හා දෙවැන්නේ ගමන් කරන කාලය චන්ද්‍ර හෝ ලග්න ඒරාෂ්ටකය වශයෙන් හඳුන්වයි. නමුත් මෙහිදී ඒරාෂ්ටක යන වචනය අපල අවස්ථා තුනේදීම යොදාගත්තත් ඒරාෂ්ටකය කියා සත්‍ය වශයෙන්ම හැඳින්විය හැක්කේ සඳුගෙන් 8 වැන්නේ සෙනසුරු ග්‍රහයා ගෝචර වන කාලයටයි. ඒර යනු සඳුයි.
අෂ්ටක යනු අටයි. එනම් ඒර+අෂ්ටක = ඒරාෂ්ටක වනු ඇත. මෙම අපල කාලයන්වලදී ජන්ම ඒරාෂ්ටකය බලවත් වන බව පුරාණ ඉසිවර මතයයි. විශේෂයෙන්ම සඳුගෙන් නියෝජනය වන්නේ පුද්ගලයාගේ මනසයි. මේ අනුව සඳු මතින් ශනි ග්‍රහයා ගෝචරය වීමේදී වරින් වර මනස වේදනාකාරී තත්ත්වයන්ට පත්වනු ඇත. ඒ තුළ මනස අඩාළ වීම මත පුද්ගල ක්‍රියාකාරීත්වය අඩාළ වනු ඇත. එම තත්ත්වය පුද්ගලයාගේ දෛනික ජීවිතයට බලපානු ඇත. ලග්න ඒරාෂ්ටකය වසර හතහමාරක් පවතින අතර ජන්ම හා අෂ්ටම ඒරාෂ්ටක වර්ෂ දෙකහමාරක් පවතිනු ඇත.

ඕනෑම ජන්ම පතක 6, 8 හා 12 යන රාශිවලට සෙනසුරු ග්‍රහයා කාරකත්වය දරනු ලබන අතර විෂ්ව කේන්දරය හෙවත් මේෂයේ 8 වැන්න හෙවත් වෘශ්චිකයට එලඹෙන 2 වැනිදා සෙනසුරු මාරුවන අතර 8 වැනි රාශිය වන වෘශ්චිකය ලිංගික අවයව ගැන කරුණු කියාපායි. මෙයින් ඉතා වැදගත් කාර්තව්‍යයක් ඉටුකරනු ලබන අතර ශරීරයේ අපද්‍රව්‍ය බැහැර කර පිරිසිදු කිරීමට ලක්කරයි. මිනිස් සිරුරේ මහා බඩවැල, අත් ඇට, ඇලදිව, පිටකොන්ද, මුත්‍රාශය, කන යන ඉන්ද්‍රීය කොටස් සෙනසුරුට අයත් වන අතර පරිසරයේ අපවිත්‍ර ස්ථාන පර්වත කැලෑ කඳු අයත් වේ. සෙනසුරු ග්‍රහයා අයහපත් වූ කල්හි පිළිකා, උගුරේ ආබාධ, කෘශ රෝග, ඔක්කාරය, යටිබඩ කොරවීම්, වාත රෝග දත් දිරායාම්, කන් බිහිරි කරවීම මෙන්ම පක්ෂාගාත රෝග ආදියද හට ගැනීමේ අවදානමක් පවතී.

මේ අප ගත කරන්නේ කලියුගයයි. එනම් පෘථිවියේ අවසාන යුගය වන කලියුගය තුළ සෙනසුරුගේ ක්‍රියාකාරීත්වය හා බලය වැඩිවී පරිසරයේ අභ්‍යන්තර සාධක මෙන්ම මිනිසාගේ සිතුවිලිද විනාශ වී ගොස් මිනිසා නොමිනිසා වනු ඇත. එම තත්ත්වය අපට වර්තමාන ජන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලිවම දැකගත හැකිය. එසේම සෙනසුරු තමන්ට සතුරු රාශියකට මාරුවීම තුළින් එම අපල හා පීඩාකාරී තත්ත්වයේ කැපීපෙනෙන වර්ධනයක් ඇති වේ.

සෙනසුරුගෙන් උදාවන්නා වූ ග්‍රහ අපල සඳහා පහත සඳහන් වත් පිළිවෙත් ඉටුකිරීම තුළින් එම ග්‍රහ අපල තත්ත්වයන්ගෙන් බොහෝ දුරට අත්මිදීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

ඔබ බෞද්ධයකු නම් පුර පක්ෂයේ දින 09ක බෝධි පූජාවක් පැවැත්වීමත්, තමාගේ උසට මල් මාලාවක් අමුණා ඊට තමාගේ වයසට අදාළව නිල් මල් එකතු කිරීමත්, බෙහෙත් ඖෂධ වර්ග 09ක් පූජා කිරීමත්, කිරිකොළ 09ක තබා එළඟිතෙල් පහන් 09ක් දැල්වීමත් තුළින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ අපල තත්ත්වයන් දුරු කරගැනීමේ හැකියාව ඇත.

• සෙනසුරු වෙනුවෙන් සකස්කරන ලද නවග්‍රහ මංජුසාවක් දින 09ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් දියෙහි පාකර හැරීම ඉතා සුබදායක වනු ඇත.
• සෙනසරු ඒරාෂ්ටක ශනි මහ දශා හා අතුරු දශා අපල පවතින විට සෙනසුරු ග්‍රහයාට අයත් වෘක්ෂය වන නුග වෘක්ෂයට සාත්තු කිරීම. මෛත්‍රී භාවනාව වඩීම සුබදායක වේ.
• සෙනසුරාදා දිනවල උදේ 6ත් 7ත් අතර එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ගුළි 8ක් තම හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක්ද තබන්න )
• දුගී මගී අත් පා නැති ඇස් අන්ධ හා ආබාධිත අසරණ අයට උදව් උපකාර කරන්න.
• හැකි සෑම විටකම තමා කන බත්පතෙන් මිටක් ඉගිලී යන සතකුට කෑමට දෙන්න.
• හිරවී සිටින කුරුල්ලන් ජෝඩු වශයෙන් බේරා ගෙන නිදහස් කරන්න.
• ගලා යන ජලයේ ජීවත් වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.
• දරුවන් ලැබූ හා ලැබෙන්න ඉන්නා වූ අයට ඇප උපස්ථාන කරන්න.
• අමාවක පෙහොය දිනවල තමාගේ වයසට අදාළව බෝධියක් අබියස එළඟි තෙල් පහන් දල්වන්න.
• ගිලන්ව සිටිනා සිල්වත් භික්ෂුවකට බෙහෙත් ඖෂධ පූජා කරන්න.
• මහලු වැඩිහිටියන් වාසය කරන නිවාසයකට උදෑසන කොළකැඳ පානයක් දන්දෙන්න.
• විෂ්ණු දෙවියන් වෙනුවෙන් බාරහාර වීම, පූජා පැවැත්වීම, පිහිට ඇයද සිටීම, සෙත්කවි කියවීම ඉතා සුබදායකය.
• නීල මණ්ඩල යන්ත්‍රය, ශනි මෘතුංජය, විෂ්ණු අඝෝර යන්ත්‍රය, යන යන්ත්‍ර නිසි ආකාරව බල පිහිටුවා පැලඳීම.
• සෙනසුරාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීම.
• කළුතල, අංජනකැට, වීපොරි, සතකුප්ප, බැවිල, සුවඳකොට්ටම්, දේවදාර, කලාඳුරු අල යන ඖෂධ සමව ගෙන තම්බා නිවා ස්නානය කිරීම.
• කිරිඅම්මාවරුන්ට දානයක් දීම.
• නුග කොළ මිශ්‍ර වතුර ස්නානය කිරීම.
• නිල්පාට මල් වැඩිපුර පූජා කිරීම.

ඉහත සඳහන් ග්‍රහ ශාන්ති කර්ම හා සෙනසුරු අපල වෙනුවෙන් සෙනසුරාදා දිනවල බෝධි පූජා පවත්වා එම ලබාගත්තා වූ පින් ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා අනුමෝදන් කිරීම තුළින් ඔබටත් මෙම සෙනසුරු මාරුවෙන් සිදුවන්නා වූ අපල හා පීඩාවලින් යම් සහනයක් ලබාගත හැකි වනු ඇත.

ජ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

Share77Tweet48SendShare19
Previous Post

තවත් සුපිරි චරිතයක් අප අතැර යයි!

Next Post

ලංකාවේ ඩිජිටල් ජීවන රටාවන් සඳහාම eChannelling…

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!
Exclusive

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022

කුලියාපිටිය නගර සභාවේ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා (එජාප) සිය ධුරයෙන් ඉල්ලා...

Read more
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022
පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

May 18, 2022
අරහෙන් මෙහෙන් ඩොලර් එනවා කියපු අය මේ වීඩියෝ එක බලන්න! ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)

අරහෙන් මෙහෙන් ඩොලර් එනවා කියපු අය මේ වීඩියෝ එක බලන්න! ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)

May 18, 2022
ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

May 18, 2022
උද්ඝෝෂණය මැද්දට ආයුධ ගත් යුනිෆෝම්කාරයො එව්වේ කව්ද? කව්ද දැන් මුදල් ඇමැති! පැන්ඩෝරා සල්ලිවලට මොකද කරන්නේ? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! (VIDEO)

සජිත් පාර්ලිමේන්තුව හෙල්ලෙන කතාවක් කරයි! රනිල්ගේ අලුත් සංස්කෘතියේ සලුපිළි එකින් එක ගලවයි! රාජපක්ෂලාගේ ප්‍රචණ්ඩත්වය රටටම පෙන්වයි! මිනිස්සු දුක් විඳින හැටි කතා කරයි! ආසයි බයයි නෙමෙයි ලැජ්ජාවයි බයයි තිබිය යුතු බව අවධාරණය කරයි! අනිවාර්යයෙන් කතාව අහලා බලන්න! (VIDEO)

May 18, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net