• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
in Astrology, Kendaraya
A A
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

විවිධ හේතු කාරණා මත මෙරට පුද්ගල සබඳතා ගැටලුකාරී ලෙස බිඳී යමින් පවතින බව පෙනී යයි. මේ තත්ත්වය පවුල් ජීවිතවලටද බලපාමින් තිබේ. අඹුසැමියන් අතර ආදරවන්තයන් අතර මෙන්ම නිවෙස් තුළ එකට වෙසෙන සහෝදර සහෝදරියන්, මවුපිය දූරුවන් ආදීන් අතරද මෙම අයහපත් තත්ත්වය වර්ධනය වීමට පටන්ගෙන තිබේ. ඒ අනුව පවුල් පසුබිම් තුළ සමගිය දෙදරා යෑමට පටන්ගෙන ඇති අතර විශේෂයෙන්ම පවුල් අතර ගැටුම්කාරී තත්ත්වය නරක අතට හැරී ඇතැම් විවාහ ජීවිත පවා දෙදරා යෑමට පටන්ගෙන ඇති බව පෙනී යයි. මේ තත්ත්වයට උඩගෙඩි සපයන හේතුව වන ග්‍රහ තත්ත්වයක්ද නිර්මාණයවී ඇති අතර එය දැනට මාස ගණනාවක සිට විවිධාකාරයෙන් වෙනස් වෙමින් අඩුවැඩි වෙමින් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙහිදී එකිනෙකා ගැන නිසි හඳුනාගැනීමක් තිබුණද ඒ ඒ කාලවලදී අනෙකාගේ සිතුවිලි ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අවබෝධයක් නොතිබීම මත ගැටලුව තවත් උත්සන්න වන බව පෙනී යයි. එනිසා තමාගේ සමීපතමයා මේ ඉදිරි මාස හයේ ක්‍රියා කරනුයේ කෙලෙසද යන්න දැන සිටීමෙන් ඔබට ඉතා පහසුවෙන් ඔහු හෝ ඇය සමග සබඳතා පවත්වා ගෙන යන්නට හැකිවනු ඇත. ඒ සඳහා පහත ආකාරයට ඔහුගේ ඇයගේ ලග්නයට අනුව හැසිරීම වටහා ගන්න.

මේෂ

මේ කාලය තුළ ඇඳුම් පැලඳුම්වලට ආශා කරයි. එවැනි තෑගි අපේක්ෂා කරයි. විශේෂ කෙනකු බැලීමට යෑමට අවසර ඉල්ලනු ඇත. උනන්දුවෙන් වැඩ කරයි. කේන්ති නොගනී. තරමක් ආදරබර බවක් පෙන්වයි. ආශාවන්ට අවනත වෙයි. විරුද්ධ ලිංගිකයන්ට ප්‍රිය කරයි. වෙනස් දේ අගයයි.

වෘෂභ

සැපපහසුවට ප්‍රිය කරයි. ආදරයට ලෝභ වෙයි. විවිධ දේ අත්හදා බලන්නට කැමැතිය. අමුතු හැඟීම් පෙන්වයි. හිතවතුන් හිතවතියන් සොයාගෙන යයි. මිතුරු ඇසුරට හිත යන කාලයකි. ගමන් බිමන් සඳහා කැමැති වෙයි. දියුණුව ගැන සොයා බලා කටයුතු කරයි. මිලදී ගැනීමකට හිත යයි.

මිථුන

තරමක් කලබලයෙන් සිටින කාලයකි. එනිසා ඉතා නිහඬව ගෙවෙන ජීවිතයකට ප්‍රිය කරයි. ආදරය ගැන එතරම් නොසිතන බව පෙන්වයි. තරමක් රාගාධික බවක් පෙන්වන නමුත් විවිධ කාරණා ගැන ඕනෑවට වඩා සිතන්නට යෑමෙන් එම කටයුතු මඟහැරේ.

කටක

තරමක් දුකෙන් සිටින කාලයකි. එනිසා අලුත් දේවල් ගැන මේ කාලයේ කතාබහ කිරීම සුබ නැත. කතාබහේදී අන් අයගේ සිත් රිදෙන වචන කියවේ. ඒවා ගණන් නොගැනීම වටී. ස්ත්‍රීන් සමග රණ්ඩුවට යනු ඇත. අසීමිතව කම්සැප අපේක්ෂා කරන ස්වභාවයක් ඇත.

සිංහ

ප්‍රබෝධයෙන් කටයුතු කරයි. විරුද්ධ ලිංගිකයන්ගේ ආශ්‍රය ප්‍රිය කරයි. සමාජශීලී වෙයි. විවිධ අය හමුවීමට යෑමට සිතයි. එවැනි ගමන් යයි. නිතරම වැඩ කරයි. තරමක කලබලයක්ද පෙන්වයි. මේ කාලයේ තරමක් රාගාධික බැවින් ඊට වැඩි නැඹුරුවක් අපේක්ෂා කරයි.

කන්‍යා

සැප වාහනවලින් ගමන් බිමන් යෑමට ආශා කරන කාලයකි. එනිසා එවැනි අවස්ථා උදාකර දීමට හැකි නම් සතුටට පත්වේ. කෑම බීම සහ තෑගි බෝග ලැබෙනවාට ආශා කරයි. ඉතා ප්‍රබෝධයෙන් සහ උනන්දුවෙන් කටයුතු කරන කාලයකි. මේ කාලය තුළ තම සැපපහසුවට උදව් ලැබෙනවාට ආශා කරයි.

තුලා

විනෝද සවාරි, ප්‍රීති උත්සව ආදියට ආශා කරයි. එවැනි අවස්ථා සඳහා අවසර ඉල්ලයි. ආභරණ ඇඳුම් තෑගි ලැබෙනවාට කැමැතිය. අන් අය සමග සහයෝගයෙන් වැඩ කරයි. ලියකියවිලි වැඩට කැමැති වෙයි. අසල්වැසි ආශ්‍රයන් තරකර ගන්නට ඉතා උනන්දු වෙයි.

වෘශ්චික

රාගාධික වන කාලයකි. ඊට තදින්ම බැඳේ. ස්ත්‍රීන් පුරුෂයන් සමගත්, පුරුෂයන් ස්ත්‍රීන් සමගත් විශේෂ හිතවත්කම් ගොඩනගාගනී. අලංකාරයෙන් සිටීමට ආශා කරයි. ගමනට බිමනට කැමැතිය. අන් අයගෙන් හොඳ අසන්නට කැමැති වෙයි.

ධනු

මේ අයද වැඩිපුරම සිත යොමු කරන්නේ විනෝදය සඳහාය. අඹුසැමි සබඳතා තර කෙරෙන ආකාරයට හැසිරෙයි. හිතවතුන් හමුවීමට යෑමට ඉතා ආශාවෙන් සූදානම් වේ. විවිධ ලාභ අපේක්ෂා කර කටයුතු කරයි. ඊට අන් අය සහාය ලබාදෙනවාට ආශා කරයි. සිත සන්සුන් වන දේ කිරීමට ඉතා කැමැත්තක් දක්වයි.

මකර

සිත කලබලය. කිසිවක් ගැන සිතන්නට නිදහසක් නැති බව පෙන්වයි. සිතේ දෙගිඩියාවෙන් කල් යවන ස්වභාවයක් පෙන්වයි. අවශ්‍ය දේවල් මිලදී ගැනීමට සිතයි. වැඩිපුර වියදම් කිරීමට යොමුවන කාලයකි. තමා කරන කියන දේ වැරැදි නොදකී. එනිසා අතපසුවීම් හෝ වැරැදි සිදුවිය හැකි කාලයකි.

කුම්භ

විරුද්ධ ලිංගිකයන් ගැන ආශාවෙන් කටයුතු කරන කාලයකි. ආශාවන් සීමාවක් නැත. සිතේ චිත්‍රපට ආදී විනෝදාත්මක කටයුතු කෙරෙහි ආශා කරන අතරම වැඩිපුර ආදරය අපේක්ෂා කරයි. විවිධ ආහාර පාන ලබාදීමෙන් ආදරය වැඩිපුර ලබාගත හැකිය. රැකියා කටයුතු කෙරෙහිද වැඩි උනන්දුවක් දක්වයි.

මීන

මේ කාලයේ තරමක් කලබලයෙන් වැඩ කරයි. එසේම රන් රිදී ආදිය තෑගි ලැබෙනවාට කැමැති වෙයි. අනාගතය ගැන සැලසුම් කරයි. ගමන් බිමන්වලට යොමුවෙයි. අරමුණු ජය ගන්නට සහයෝගය ලැබෙනවාට කැමැති වෙයි. විනෝද ගමන් යෑමට ආරාධනා කිරීමෙන් සිත දිනාගත හැකිය. විශේෂ වැඩ සැලසුම් කරයි.

Share52Tweet33SendShare13
Previous Post

රන්ජන් කී දේ අද සත්‍ය වී ඇත! වෙසක් සඳ නැග එද්දී ඔහු නිදහස ලබනු ඇතැයි මම විශ්වාස කරමි! සනත් ගුණතිලක!

Next Post

69 ලක්ෂයක් තිබුණු ‌කෙනා බංකරයක් ඇතුළේ! තුනෙන් දෙකක් තිබුණු කෙනා දූපතක් ඇතුළෙ හැංගිලා! පනස් දෙලක්ෂයක් තිබුණු කෙනාට මුකුත් නෑ විපක්ෂයේ! 3ක් තිබුණු කෙනාටත් කතා විතරයි මුකුත් නෑ! අන්තිමට එකක් තිබුණු කෙනා අගමැති වුණා! මරු.. මරු..! ඒකනම් මරේ මරු! (VIDEO)

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
එයා මල්වරවූයේ මැයිද?
Astrology

එයා මල්වරවූයේ මැයිද?

May 9, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)
Exclusive

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022

තමන් සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම හොද ඩීල්කාරයන් බවත්, ඩීල් නොකර...

Read more
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

May 24, 2022
දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

May 24, 2022
මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net