• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ඔබව පාරට වට්ටන යෝග…

August 7, 2021
in Astrology, Kendaraya
A A
ඔබව පාරට වට්ටන යෝග…

ජන්ම පත්‍රයක පිහිටන අශුභ යෝග අතර ඉතා ප්‍රබල අශුභ යෝගයකි කේමද්‍රැම යෝගය. මෙම යෝගය නිර්මාණය වනුයේ කේන්දරයේ චන්ද්‍රයාගෙන් දෙපස රාශිවල හෙවත් උත්පත්ති චන්ද්‍රයාගෙන් දෙවැන්නේ හා 12 වැන්නේ කිසිදු ග්‍රහයකු නොමැති වීමෙනි.

යම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ කේමද්‍රැම යෝගය පිහිටි කල ඔහු හෝ ඇය ඉතා අවාසනාවන්ත දිළිඳු කෙනෙකි. කරන කියන වැඩ අසාර්ථක වේ. බොහෝ විට තනිකඩ ජීවිත ගත කරයි. විවාහ වුවද දරුවන් නොමැත. විවාහ දිවිය අන්තිම අසාර්ථක වී කැඩීයයි. මෙවැනි කේන්දර හිමියෝ බොහෝ විට ජීවන වෘත්තිය ලෙස බැලමෙහෙවරකම්වල නිරත වේ. තවද නිතර අනුනට දෝෂාරෝපණය කරන අතර සොරකමට මෙන්ම වංචාවට බරය. මෙම යෝගය කෙතරම් අවාසනාවන්තද යත් මොවුන්ගේ මරණය පවා අන්ත දුක්ඛිතය. මෙම යෝගයේ අශුභත්වය ඉහත ආකාර වුවද යමකුගේ ජන්ම පත්‍රයක පිහිටා ඇති කේමද්‍රැම යෝගය ජන්ම පත්‍රයේත්, නවාංශකයේත් යෙදී ඇති ග්‍රහ පිහිටීම තුළින් භංග වේ නම් උක්ත යෝගයේ අනිටු ඵල කිසිදා උරුම නොවේ. එනිසා ඒ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නොවේ. කේමද්‍රැම යෝගය භංග වන ක්‍රම ගණනාවකි.

  1. ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින රාශියට ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටීම.
  2. උත්පත්ති චන්ද්‍රයාගෙන් දෙවැන්නට හෝ 12 වැන්නට ග්‍රහයකුගේ දෘෂ්ටියක් වැටීම.
  3. ජන්ම පත්‍රයේ 8 වැන්න අධිපති නොවන ගුරු ග්‍රහයාගෙන් යෙදෙන ගජකේශරී යෝගය පිහිටා තිබීම.
  4. කේන්දරයේ චන්ද්‍රාධි යෝගය පිහිටා තිබීම.
  5. ලග්නයෙන් 4 වැන්නේ ග්‍රහයකු හෝ ග්‍රහයන් කීපදෙනකු තැන්පත් වීම.
  6. චන්ද්‍රයාගෙන් කේන්දරගතව ග්‍රහයන් පිහිටීම.
  7. නවාංශක කේන්දරයේ සඳුගෙන් එක් පසෙක හෝ දෙපසම ග්‍රහයකු හෝ ග්‍රහයන් පිහිටීම.
  8. ලග්නයෙන් කේන්දර ස්ථාන වැඩි ගණනක ග්‍රහයන් වීම.
  9. නවාංශක කේන්දරයේ සඳු සිටින රාශියට අනුරූපව ලග්න කේන්දරයේද උක්ත රාශිය දෙපස ග්‍රහයන් සිටීම.

තවද උක්ත කේමද්‍රැම යෝගය භංග වන ක්‍රම සඳහා දායක වන ග්‍රහයන් ප්‍රබල රාශිගත බලයකින් සිටිය යුතු වන අතර, අශුභත්වය භංග කරනු වස් දායක වන ගජකේශරී ආදී කොට ඇති ප්‍රබල යෝගද ඉතා බලගතුව නිර්මලව පිහිටා තිබිය යුතුය. එපමණක් නොව සඳු මතට හෝ සඳුගෙන් දෙපසට වැටෙනා දෘෂ්ටිද ශුභ විය යුතුය.

ජන්ම පත්‍රයක මෙම අශුභ යෝගය පිහිටා භංග නොවන අවස්ථාවන්හිදී යෝගයෙන් ගෙන දෙන අනිටු ඵලවලින් දුකට පත්වීම, එසේත් නැතිනම් දිළිඳු වී අසාර්ථක වීම වළකනු වස් ප්‍රතිකර්මයක් ලෙස උපන් ප්‍රදේශයෙන් ඉතා ඈතකට හෝ විදේශ රටකට හෝ පදිංචියට යෑම සිදුකරයි. එම ක්‍රමවේදය තුළින් භංග නොවන කේමද්‍රැම යෝගයේ අනිටුඵල වළකාගත් අය බොහෝය. මෙහිදී අවශ්‍ය වනුයේ තම ජන්ම පත්‍රයේ කේමද්‍රැම යෝගය පිහිටා තිබේද, එසේ පිහිටා ඇතිනම් එය භංග වේද නොවේද යන්න නිවැරැදිව දැනගැනීමය. ඒ සඳහා උගත් ජ්‍යොතිෂවේදියකුගේ සහාය ලබාගන්න. එවිට 100%ක්ම නිවැරැදිව යෝගයේ ස්වභාවය සම්බන්ධව දැනුවත් විය හැකිය.

ජ්‍යොතිෂවේදී දේශබන්දු ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

Share67Tweet42SendShare17
Previous Post

කොළඹ බෝම්බ පුපුරන හඬ පටයක්! පොලිසිය වහා පරීක්ෂණ අරඹා සොයා ගත් දේ!

Next Post

ඉන්ජිනේරු විජිත හේරත් මහතා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපතිතුමන් ලෙස වැඩ භාරගනී

MORE NEWS

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…
Astrology

එදා ගොවි රජවරු හෙළි නොකළ රහස්…

May 17, 2022
O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…
Astrology

O/L ලියන දරුවන්ට බලගතු මන්ත්‍රය…

May 16, 2022
හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
Astrology

හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…

May 15, 2022
ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…
Astrology

ඉදිරි මාස හයේ එයාගෙ ආදරේ වැඩියෙන් දිනාගන්න…

May 14, 2022
රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…
Astrology

රටේ ප්‍රශ්න විසඳන්න කලින් ගෙදර ප්‍රශ්න විසඳාගන්න…

May 11, 2022
2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…
Astrology

2022 මැයි අර්ධ සූර්යග්‍රහණයෙන් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්…

May 10, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net