ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සේවා සපයන්නෙකු වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) විසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව සඳහා වායුසමීකරණ උපකරණ පිරිනමමින් සිය, සහයෝගය ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන ලදී.
මීගමුව කලාපයේ ප්‍රමුඛතම සෞඛ්‍ය පහසුකම්වලින් සපිරි රෝහලක් වන මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව නාගරික හා තදාසන්න ප්‍රදේශයන්හි මහජනතාවට අවශ්‍ය මූලික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරනු ලබයි. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සඳහාද අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මඟින් ලබාදීම සිදු කරයි.
සෑම සතියකම රෝගීන් 200කට වැඩි ප්‍රමාණයක් සහ රුධිර පරිත්‍යාගශීලීන් 150කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් සේවය සලසන රෝහලේ ලේ බැංකුවෙහි මෙම වායුසමීකරණ උපකරණ ස්ථාපනය කරනු ලැබීය. ලේ බැංකුවට උසස් සේවාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් වායුසමීකරණ යන්ත්‍ර ඉතා වැදගත් සේවාවක් සිදු කරයි.