වෙළෙඳපොළ තුළ ඉතාමත් කෙටි කලකින් ආලෝකකරණ ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් වෙළෙඳ නාමයක් බවට පත් වූ ඩීමෝ LED ඉතා විශාල වපසරියකින් යුක්ත තමන්ගේ නිෂ්පාදනවල ඇති ගුණාත්මකභාවය හා ඒවා භාවිතයේ වැදගත්කම තවදුරටත් දේශීය පාරිභෝගික ප්‍රජාව වෙත සිහිපත් කරවීම පිණිස ඩීමෝ ලුමින් ලෙස නවතම මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇත.
ඩීමෝ LED වෙළෙඳ නාමය දේශීය වෙළෙඳපොළ හඳුන්වා දී වසර 02ක් පමණ වන කෙටි කාලය ඇතුළත මෙවන් ආකර්ෂණයක් ලබා ගැනීම පිටුපස ඇත්තේ අන් කවරක් නොව ඔවුන්ගේ නිෂ්පාදනයන්හි ඇති බල ශක්ති කාර්යක්ෂමතාව සහ ඉහළ ගුණාත්මක බවයි. නිරන්තරයෙන්ම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් උපරිමයෙන් ඉටු කිරීමට දරන උත්සාහය නිසාවෙන් ඕනෑම ආලෝකකරණ අවශ්‍යතාවකට ගැළපෙන විවිධාංගීකරණය වූ නිෂ්පාදනයන් රැසක් ඔවුන් සතුව පවතී.