පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැතිි ‘Top 50 Professional & Career Women Awards – Ninth Edition – Sri Lanka & Maldives” සම්මාන උළෙලේදී පෞද්ගලික අංශය විසින් කාන්තාවන් සවිබලගැන්වීම සඳහා ක්‍රියාත්මක කළ හොඳම ආයතනික සමාජ සත්කාර වැඩසටහනට හිමි රන් සම්මානය ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වෙත පිරිනමන ලදී.
‘තාක්ෂණික පුහුණුව තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම’ මැයෙන් කාන්තාවන් කාර්මික ශිල්පීන් ලෙස පුහුණු කිරීමට ඬේවිඞ් පීරිස් සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන සඳහා මෙම සම්මානය ප්‍රදානය කරන ලදී. කාන්තාවන් සඳහා මෙවැනි පුහුණුවක් ලබාදීම ශ්‍රී ලංකාවේ පළමු වරට සිදුකෙරුණු අතර එහිදී ත්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීම සහ සේවා කිරීම පිළිබඳ කාන්තාවන් පුහුණු කරන ලදී.