ජාතියේ මහා පහන්ටැඹ ලංකා බැංකුව සුවහසක් ශ්‍රී ලාංකේය දූපුතුන්ගේ උසස් අධ්‍යාපන ඉලක්ක සපුරාලන්නට අත්වැලක් වෙමින් 2003 වසරේ සිට මේ දක්වා 18+ ගිණුමේ හිමියන්ට නැණජය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රියාත්මක කරයි.
2001 වසරේදී 18+ ගිණුම හඳුන්වාදුන් ලංකා බැංකුව 2003 වසරේදී ප්‍රථමයෙන්ම මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකරනු ලැබීය. ක්‍රමිකව විකාශනය වූ මෙම ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ හරහා 2003 සිට මේ දක්වා ශිෂ්‍යත්වලාභීන් 2094 දෙනකු සඳහා රුපියල් මිලියන 72කට ආසන්න මුදලක් පිරිනැමීමට සමත්ව ඇත.
2016 සිට මේ දක්වා මාසිකව පිරිනමන මුදලක් ලෙසින් අදාළ ශිෂ්‍යත්වලාභීන්ගේ ගිණුම්වලට බැර කරන මෙම ශිෂ්‍යත්වය උසස් අධ්‍යාපනය ලබන කාලය පුරාවට අමතර වියදම් පියවා ගැනීමට ඔවුනට රුකුලක් සපයනු ඇත.
ජීව විද්‍යා, භෞතික විද්‍යා, වාණිජ, කලා, ජෛව පද්ධති, තාක්‍ෂණය, ඉන්ජිනේරු තාක්‍ෂණය යන විෂය ධාරාවන් යටතේ අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිට ඉහළ Z-Score අගයක් ලබාගන්නා 18+/18+ SmartGen ගිණුම්හිමි දූදරුවන් මේ සඳහා සුදුසුකම් ලබයි.