Connect with us
Redmi 9C
Advertisement

Business

දීමනා රැසක් සමඟ HNB සිඟිති ඉතුරුම් වසන්තය යළිත්

Published

on

ඔක්තෝම්බර් 1 වැනිදාට යෙදුන ලෝක ළමා දිනය මෙවරත් අර්ථාන්විතව සැමරීමේ අරමුණ පෙරදැරිව වටිනා තෑගි සහ විශේෂ ප්‍රතිලාභ සමග ඉතිරි කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙවරත් තම බාලවයස්කාර ගනුදෙනුකරුවන් සමග එක්ව ලෝක ළමා දිනය අති උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය.

“මෙවර අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝම්බර් මාසය තුළ ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් වෙනුවෙන් ලබා දෙන ත්‍යාග හා ප්‍රතිලාභ ප්‍රවර්ධන කිරීම පමණක්ම නොවෙයි- සෑම වසරකම වගේ මෙවරත් “ගිෆ්ටෝබර්” ප්‍රවර්ධනයෙන් අප ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ අපගේ ඊළඟ පරම්පරාව තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරන්න.

විශේෂයෙන්ම. මෙම කොවිඞ් වසංගතයෙන් පසු අප දැකපු දෙයක් තමයි සෑම කෙනෙක්ම පාහේ තමන්ගේ ඉතිරි කිරීමේ ගිණුම්වල යම්කිසි මුදලක් ඉතිරි කර ගැනීමට උත්සාහ කරනවා.

හදිසි අවශ්‍යතාවයක් නිසා ඇති වූ මෙම තත්ත්වය අනාගත අයෝජනය සඳහාද ඉතා හොඳ ප්‍රවණතාවක්- එම නිසා මේ මොහොතේ අප කියන්න කැමතියි බාල වයස්කාර ගිණුමක යම්කිසි මුදලක් ඉතිරි කරලා දරුවන් වෙනුවෙනුත් ඒ ආයෝජනය කරන්න කියලා-” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වන HNB තැන්පතු ප්‍රධානී විරංග ගමගේ මහතා පැවසුවේය.

HNB සිඟිති ගිණුම හඳුන්වා දීමෙන් පසු එහි බාල වයස්කාර ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් හා පුළුල් පරාසයක ප්‍රතිලාභ ලබාදීම සඳහා සිඟිති කිරිකැටියෝ, සිඟිති සහ HNB TEEN ලෙස එය තවදුරටත් වර්ගීකරණය කොට ගිණුම් 3ක් ලෙස හඳුන්වා දෙන ලදී.

Advertisement
Advertisement