මෙරට ඕනෑම ස්ථානයක සිටින වෙළෙඳුන්ට කාඞ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඔවුන්ට එම ගෙවීම් පිළිගැනීමට හැකි ඇන්ඩ්‍රොයිඞ් මිනි පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණයක් කොමර්ෂල් බැංකුව, PAYable (ප්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ.
මෙම සම්පූර්ණයෙන් ක්‍රියාකාරී ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් පොයින්ට් ඔෆ් සේල් කුඩා උපකරණයට Mag-stripe, EMV සහ Chip තාක්ෂණය සහිත කාඞ්පත් සඳහා ගනුදෙනු සැකසිය හැකිවේ. එසේම, මෙම උපකරණයට Near Field Communication (NFC) ක්‍රමයට සහ QR කේත ඉතාමත් වේගයෙන් ස්කෑන් කර ගනුදෙනු කිරීමේ හැකියාවද ඇත. ඉතාමත් හුරුබුහුටි සහ පහසු මෙම උපකරණය සිම් පතක් සහ Wi-Fi සම්බන්ධතාවය යන ක්‍රම දෙකටම ක්‍රියා කරන අතර ත්‍රෛභාෂා භාවිත මුහුණතකටද සහාය දක්වයි.
මෙම විසඳුම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී, තුසිත සුරවීර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන මෙම ඇන්ඩ්‍රොයිඞ් මිනි POS උපකරණය ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රී ලංකාවටම හඳුන්වා දෙනවා. මෙය උපායමාර්ගික වශයෙන් ඉලක්ක කරන්නේ මෙරට ක්ෂුද්‍ර මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට හඳුන්වා දෙන්නයි. මුදල් නෝට්ටු හුවමාරුවෙන් තොර ගෙවීම් පිළිගැනීමට බලාපොරොත්තු වන වෙළෙඳුන්ට පිරිවැය සඵලතාවයෙන් යුත් විසඳුමක් ලෙස මෙය එම ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කරන බව අපට විශ්වාසයි. අපගේ වෙළෙඳුන්ට මෙවැනි උපකරණ සහ සේවා හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව කොමර්ෂල් බැංකුව සතුටු වෙනවා. මේ ආකාරයෙන් මුදල් නොවන ගෙවීම් පිළිගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබීම මගින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා.’