පෑන් ඒෂියා බැංකුවේ ගම්පහ ශාඛාව සැප්තැම්බර් 07 වෙනි දිනට යෙදුණු සුබ මොහොතින් අංක 15, තානායම පාර, ගම්පහහි පිහිටි වඩාත් ඉඩකඩ සහිත නව නිවහනකට පිවිසුණි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පෑන් ඒෂියා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලීන් එදිරිසිංහ මහතා ද විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් පෑන් ඒෂියා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නැවත අයකර ගැනීම්) උපාලි ධර්මසිරි මහතා ද සහභාගි විය. එසේම බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයත් ව්‍යාපාර ප්‍රජාව හා අනිකුත් ගනුදෙනුකරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
ඉතා සීග්‍රයෙන් වර්ධනය වන බැංකුවක් ලෙස සිය නව්‍ය සේවාවන් ගම්පහ ප්‍රදේශයේ ජනතාවට වඩා කාර්යක්ෂම ලෙස ලබාදීම සඳහා, ගම්පහ ශාඛාව වඩා සුවපහසු ස්ථානයක විවෘත කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වන බව, උත්සවයේ ගෞරවනීය අමුත්තා වශයෙන් සහභාගි වූ පෑන් ඒෂියා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලීන් එදිරිසිංහ මහතා විවෘත කිරීමේ උත්සවය අමතමින් පැවසීය. ශ්‍රී ලාංකීය ජන ජීවිතයේ සුවිශේෂී ගුණාංග මනාව හඳුනාගෙන, ඒවාට ගැළපෙන අයුරින් සිය ව්‍යාපාර සංකල්පය ගොඩනැඟීම පෑන් ඒෂියා බැංකුවේ සාර්ථකත්වයේ රහස බවද ඒ මහතා පැවසීය.
ඉතිරි කිරීමේ ගිණුම් , ස්ථාවර තැන්පතු, ජංගම ගිණුම්, රථ වාහන සහ ණය පහසුකම් හා විශේෂ ණය පහසුකම් ඇතුළු ඉතා විශාල පරාසයක් තුළ සිය සේවාවන් ලබා දෙන පෑන් ඒෂියා බැංකුව සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත/ ව්‍යාපාර ඇතුළුව පොදුවේ ව්‍යාපාර ක්ෂේත්‍රයටම විශේෂ බැංකු සේවා රැසක් ද සපයයි. පෑන් ඒෂියා බැංකුවේ ගම්පහ ශාඛාවේ කළමනාකරු වශයෙන් නිලන්ත මහානාම මහත්මා කටයුතු කරනු ලබයි.