ශ්‍රී ලංකාවේ වඩාත්ම වේගයෙන් වර්ධනය වන පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලය බවට පත්වෙමින් මෙරට වෙළෙඳසැල්වල ස්ථාපිත කර තිබෙන කොමර්ෂල් බැංකුවේ පොයින්ට් ඔෆ් සේල් ජාලය විසින් අතිවිශාල ප්‍රමාණයක මුදල් නොමැති ඉලෙක්ට්‍රොනික ගෙවීම් කිරීමට සමත්වී තිබෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ භාවිතා කරන ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් එක්ව ගත්විට මෙරට වැඩිම වෙළෙඳපොළ කොටස හිමි කොමර්ෂල් බැංකුව අති නවීන රැහැන් සහිත සහ රැහැන් රහිත POS පර්යන්ත මගින් කාඞ්පත් පදනම් කරගත් ගෙවීම් සඳහා පහසුකම් සපයන මෙරට ප්‍රමුඛතම බැංකුවක් ලෙස කැපී පෙනේ. මේ අතරට, ශ්‍රී ලංකාව තුළ මුදල් නොවන ගනුදෙනු වේගයෙන් වර්ධනය කරමින් තිබෙන QR කේත පදනම් කරගත් ඇන්ඩ්‍රොයිඞ් මගින් බලගන්වන ලද උපකරණ ඇතුළත් වේ.
කොමර්ෂල් බැංකුවේ POS ජාලයේ මෙම කැපීපෙනෙන ප්‍රගතිය පිළිබඳව බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී තුසිත සුරවීර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ තාක්ෂණය විසින් ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් මුදල් නොවන ගනුදෙනු තෝරා ගැනීම සඳහා උනන්දු කරනවා. මේ තුළින් පහසුවක් මෙන්ම ආරක්ෂාවක් ලැබෙන නිසා අලෙවිය වැඩිකර ගැනීමට ව්‍යාපාරිකයින්ට අවස්ථාවක් ලැබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළකර තිබෙන දත්තවලට අනුව ශ්‍රී ලංකාව තුළ ඩෙබිට් කාඞ්පත් මිලියන 23ක් පමණ තිබෙන නමුත් මෙම කාඞ්පත් මූලිකවම භාවිතා කරන්නේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) වලින් මුදල් ලබා ගන්නයි. මෙම කාඞ්පත් පොයින්ට් ඔෆ් සේල් (POS) යන්ත්‍රවලදී භාවිතා කරන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයයි. පහසුව සහ ආරක්ෂාව ඉහළ දමන මුදල් නොවන ගනුදෙනු ප්‍රචලිත කරමින් මෙම තත්ත්වය වෙනස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”