මෙරට ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් විසින් ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දුන් බජාජ් කියුට් රථය මේ වන විට මෙරට සියලු දෙනා විවාදයකින් තොරව වැලඳ ගෙන ඇති බව සමාගම පසුගියදා නිවේදනය කළේය.
ඒ අනුව 2020 ජනවාරි මාසය උදාවත් සමඟ බජාජ් කියුට් රථ 2000ක් මෙරට මහා මාර්ගයට එක් විය. මීට සමගාමීව 2000කට අධික වාසනාවන්ත පාරිභෝගික ජාලයක් ලංකාව පුරා බජාජ් කියුට් සමඟ තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාගනිමින් ඇත.
දරාගත හැකි මිලකට ලබා ගත හැකි, පවුලේ සියලු දෙනාටම ගමන් කළ හැකි, අලුත්ම අලුත් වාහනයක් ගැන සිහින මැවූ ශ්‍රී ලාංකික ජනතාවට ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වෙතින් මීට වසරකට ඉහතදී හඳුන්වා දුන් බජාජ් කියුට් රථයේ වැඩි දියුණු කළ වාහනයක්ද මේ වන විට ලබා ගැනීමේ හැකියාව ඇත.