පුත්තලම දිස්ත්‍රික්කයේ පාරිභෝකයන්ට තම සේවා වඩාත් පහසු සහ සමීප කරමින් තම නවතම බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් අලෙවි මධ්‍යස්ථානය, රියසක්වල ශාඛාව සහ ඇසට්ලයින් සේවා මධ්‍යස්ථානය පසුගියදා මදුරන්කුලියේ පිහිටි ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ්හි ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී විවෘත විය.
ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් හෝ වෙනත් වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට මදුරන්කුලියේ ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි පරිශ්‍රයේ පිහිටි රියසක්වල වෙත ගියවිට තම සිතැඟි පරිදි මෙන්ම අතේ ඇති මුදලට සරිලන ලියාපදිංචි වාහනයක් තෝරා ගැනීමේ හැකියාව ඇත.
මෙහිදී තෝරාගත් මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ සඳහා ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් විසින් ලබාදෙන තත්ත්ව සහතිකයද පාරිභෝගිකයාට හිමිවේ.
වාහන මිලදී ගැනීමේදී මූල්‍ය පහසුකම් අවශ්‍ය නම් මෙම පරිශ්‍රයේම පිහිටි ඇසට්ලයින් ලීසිං සේවා මධ්‍යස්ථානයෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාවද ඇත.
ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඞ් හරහා තම වාහනයට ගැළපෙන හොඳම රක්ෂණාවරණය ද ලබා ගැනීමේ හැකියාවද මෙම ස්ථානයේදීම පාරිභෝගිකයින්ට සිදුකළ හැකිය.
මීට අමතරව යම් කෙනෙකුට ත්‍රිරෝද රථයක් හෝ මෝටර් සයිකලයක් විකුණා ගැනීමට අවශ්‍ය නම් රියසක්වල ඒ සඳහා වෙළෙඳපොළේ ඇති හරිම මිල ගෙවා වාහනය මිලදී ගැනීමට සූදානමින් සිටී. මෙහිදී රියසක්වල වෙතින් එම වාහනයට හොඳම තක්සේරුවක් ලබාදෙන අතර මිල පිළිබඳව එකඟතාවට පැමිණි විට එවලේම අතට මුදල් ලබා දීමට රියසක්වල කටයුතු කරනු ලැබේ.