මහජන බැංකුවේ හෝමාගම නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
හෝමාගම, කටුවාන පාරේ, අංක 366 දරන ස්ථානයේ විවෘත කෙරුණු මෙම සේවා මධ්‍යස්ථානය අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂී සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය තුළින් මුදල් ආපසු ගැනීමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.