ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Allianz Life Insurance හා ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් එක්ව සියලුම මොබිටෙල් පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී ‘ආරක්ෂා 365’ ජීවිත රක්ෂණාවරණය සැපයීම වෙනුවෙන් ගිවිසුමකට එළඹ ඇති බව නිවේදනය කරන ලදී.
පාරිභෝගිකයන් හට උපරිම රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් පැකේජ 2ක් යටතේ සැලසුම් කර ඇති ‘ආරක්ෂා 365’ රක්ෂණාවරණය තුළින් ජීවිත රක්ෂණාවරණයක්, පූර්ණ සදාකාලික දුබලතා ආවරණයක්, අර්ධ සදාකාලික දුබලතා ආවරණයක්, රෝග 40කට අධික සංඛ්‍යාවක් සඳහා බරපතළ රෝගාබාධ ආවරණයක්, අවමංගල්‍ය වියදම් ආවරණයක්, රෝහල් ගත කිරීම් සඳහා දෛනික මූල්‍ය ප්‍රතිලාභ මෙන්ම ඩෙංගු මූල්‍ය ප්‍රතිලාභ ආදී රක්ෂණ ආවරණයන් ලබා දෙනු ඇත. රක්ෂණාවරණය සඳහා ලියාපදිංචි වීමට මොබිටෙල් දුරකථනයෙන් ඉතා පහසුවෙන් ‘REG1’ හෝ ‘REG2’ යනුවෙන් සඳහන් කර 226 අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීම තුළින් මොබිටෙල් පාරිභෝගිකයන්ට මෙම සුවිශේෂී දීමනාව අත්විඳීමේ හැකියාව උදාවේ.
මෙම සුවිශේෂී සේවාව හඳුන්වාදීමේ අවස්ථාවට එක් වූ Allianz Life Insurance Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා පවසා සිටියේ “Allianz Life Insurance ලෙස, නිරන්තරයෙන් වෙනස් වන නූතන පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව ගැළපෙන හා නව්‍ය සේවාවන් ලබා දීමට හැකි වීම පිළිබඳ ඉතා සතුටු වන බවත් මේ සබඳතාව තුළින් ශ්‍රී ලාංකිකයන් වැඩි ප්‍රමාණයකට ආරක්ෂාව සැලසීමට අපට හැකි වන අතර මෙම සේවා යටතේ ලබා දෙන නම්‍යශීලී හා පහසු රක්ෂණාවරණය සමඟ එක්වන ලෙස අපි සියලු මොබිටෙල් පාරිභෝගිකයන්ට ආරාධනා කර සිටින බවත්”ය.