විල්ගමුව ජනතාවගේ බැංකු කටයුතු වඩාත් පහසු කිරීමේ අරමුණින් සහ නවතම ඩිජිටල් බැංකුකරණ තාක්ෂණය තුළින් සිය ගනුදෙනු ඉටු කරගැනීමේ අවස්ථාව සලසමින් ලංකා බැංකුව විල්ගමුව ශාඛාව වඩාත් ඉඩකඩ සහිත නව පරිශ්‍රයක පසුගියදා ස්ථාපනය කෙරිණි.
මධ්‍යම පළාතේ විල්ගමුව ශාඛාව හෙට්ටිපොළ නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කිරීම ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර එම අවස්ථාවට ලංකා බැංකුවේ මහා කළමනාකරු ඩී.පී.කේ. ගුණසේකර මහතා ප්‍රධාන ආරාධිත ලෙසින් එක්විය. ලංකා බැංකුවේ ජ්‍යෝෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු – මානව සම්පත්, කේ.ඊ.ඩී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකරු – විකුණුම් හා හැසිරවීම් කළමනාකරණ ප්‍රියාල් සිල්වා, මධ්‍යම පළාත් සහකාර මහා කළමනාකරු එස්.ඩබ්ලිව්.එම්.එස්. විජේසිංහ යන මහත්වරුන් සමගින් මෙහෙයුම් කළමනාකරුවන් සහ මධ්‍යම පළාතේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ. එමෙන්ම විල්ගමුව ශාඛා කළමනාකරු, සේවක මඩුල්ල, ගනුදෙනුකරුවන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට එක්වූහ.