සම්පත් බැංකුව විසින් පසුගියදා බොරැල්ල ද සොයිසා කාන්තා (ශික්ෂණ) රෝහලේදී උපත ලද සිවු නිවුන් දරුවන් වෙනුවෙන් පුබුදු ළමා ඉතුරුම් ගිණුම් විවෘත කරමින් ඔවුන් වෙත රන් පෙන්ඩන්ට් ලබාදීමට කටයුතු කරන ලදී. දරුවන්ගේ අනාගතය සඳහා වන ආයෝජනයක් ලෙස දෙමව්පියන් දිරි ගැන්වීම වෙනුවෙන් සම්පත් බැංකුව එම පියවර ගනු ලැබීය. මෙම දුර්ලභ සිවු නිවුන් දරු උපතේදී මවගේ මෙන්ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (කොළඹ විශ්වවිද්‍යාලය) නිශානි ලූකස් මහත්මිය සහ වාට්ටු භාර හෙද සොයුරිය වන එච්.එම්.පී. රංජනී මහත්මිය ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සම්පත් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතා සඳහන් කර සිටියේ “සිවු නිවුන් දරු උපතක් යනු දරු උපත් 800,000කට එකක් පමණක් සිදුවන ඉතා දුර්ලභ සිදුවීමක්. අද ලෝකයේ සිදුවන සිය ව්‍යවසනයන් පිළිබඳ සැලකීමේදී මේ ආකාරයේ වටිනා අවස්ථාවක් ඉතා ඉහළින් සැමරිය යුතුයි. මෙම දරුවන්ගේ ජීවිතයට යහපත් ආරම්භයක් ලබාදීමට සහ කුඩා අවධියේ පටන් ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කර ගැනීමට ඔවුන්ට සහාය වීමට ලැබීම අප ලද භාග්‍යයක් කොට සලකනවා. ඔවුන් මේ රටේ යහපත් මෙන්ම ඉහළ පුරවැසියන් බවට පත්ව ජාතියේ අභිවෘද්ධිය උදෙසා වටිනා දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”යනුවෙනි.
සම්පත් බැංකු විසින් දරුවන් වෙනුවෙන් පුබුදු සහ සපිරි නමින් ඉතිරි කිරීමේ ගිණුම් දෙකක් හඳුන්වාදී ඇත.එහිදී පුබුදු ළමා ඉතුරුම් ගිණුම මඟින් දරුවන් වෙත ආකර්ෂණීය තෑගි රැසක් ලබා දීමට කටයුතු කර ඇති සම්පත් බැංකුව සපිරි ඉතුරුම් ගිණුම තුළින් ඉතිරි කරන දරුවන් වෙනුවෙන් ඉහළ පොලී අනුපාතයන් ලබා දෙමින් වටිනා ආයෝජන ගිණුමක් හිමි කර දීමට කටයුතු කර ඇත. රුපියල් 500/-ක අවම තැන්පතුවකින් පුබුදු හා සපිරි ළමා ඉතුරුම් ගිණුම් ආරම්භ කළ හැකි අතර අඛණ්ඩ ශේෂයක් පවත්වාගෙන යාම තුළින් දරුවන්ට පාසල් බෑග්, මවුන්ටන් බයිසිකල්, ඩ්‍රෝන හෝ හෙල්කොප්ටර්, ස්කූටි, හෝම් තියටර් සිස්ටම් සහ LED රූපවාහිනී දක්වා වටිනා ත්‍යාග හිමිකර ගත හැකිය.