Business
සෙලාන් ටිකිරි වෙතින් ශිෂ්‍යත්ව හපනුන්ට තෑගි
Published
1 month agoon
By
Sithija
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ, පුරෝගාමී ළමා ඉතිරිකිරීමේ ගිණුම වන සෙලාන් ටිකිරි මඟින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 200 ම ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කළ දිවයින පුරා විසිරී සිටින සිසුන් දස දෙනාටම ත්‍යාග පිරිනමන්නට කටයුතු කරන ලදී. මෙම හපනුන්ට අනාගතයේදී තවත් මෙවැනිම බොහෝ ජයග්‍රහණ අත් කර ගැනීමට දිරිගැන්වීමක් ලෙස ටැබ් පරිගණකයක් සහ මූලික තැන්පතුවක් සහිත සෙලාන් ටිකිරි ගිණුමක් හිමි විය.
“දරුවන් අපගේ අනාගතය වන අතර වඩාත් ජනාදරයට පත් ළමා ඉතිරිකිරීමේ ගිණුම ලෙස සෙලාන් ටිකිරි සෑම විටම ඔවුන්ට සමීපව සිටියි. දරුවන්ගේ අනාගත සිහිනයන්ට අත්වැලක් වීමට හා ජයග්‍රහණ ඇගයීමට සෙලාන් ටිකිරි අපි සෑම විටම සූදානම්ව සිටින්නෙමු. ඔවුන්ට උරුම අනාගතය සංකේතවත් කිරීම සඳහා ටැබ් පරිගණක ත්‍යාග වශයෙන් පිරිනැමීමට අපි තීරණය කළෙමු. දරුවන්ගේ අනාගත බලාපොරොත්තු හා සිහින කරා ගමන් කිරීමේදී මුල්‍ය සුරක්ෂිතතාව කෙතරම් වැදගත්ද කියා අවධාරණය කිරීමට අපට අවශ්‍ය විය, එමෙන්ම දරුවන්ගේ අනාගත අභිලාෂ දිරිමත් කිරීමට ඉතිරි කිරීමේ පුරුද්ද හඳුන්වා දීම ඉතා හොඳ ක්‍රමයක් බව අපි විශ්වාස කරන්නෙමු. මෙම අවබෝධයත් සමඟ සෙලාන් බැංකුව ඔවුන්ට මූලික තැන්පතුවකුත් සහිත සෙලාන් ටිකිරි ගිණුමක් පිරිනැමීමට තීරණය කළේ විභාගයේදී ඔවුන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණය සඳහා වූ ත්‍යාගයක් වශයෙනි” යනුවෙන්, මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා පැවසීය.
You may like
සෙලාන් බැංකුව හා යාරා ටෙක්නොලජීස් එක්ව නවීනතම ඩිජිටල් ගෙවීම්
සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස රමේෂ් ජයසේකර මහතා පත්වෙයි
සෙලාන් හරසර ආසිරි රෝහල් සමූහය සමඟ අත්වැල් බැඳගනී
නිදහස් සතියේ උපන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළිණ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවාව සෙලාන් බැංකුවෙන්
සෙලාන් බැංකුවේ නව ATM යන්ත්‍රය දෙහිවල, සරණංකර පාරේ

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
