Business
සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස රමේෂ් ජයසේකර මහතා පත්වෙයි
Published
1 week agoon
By
Sithija
සෙලාන් බැංකුව, 2021 ජනවාරි 1 වැනිදා සිට සිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන රමේෂ් ජයසේකර මහතා පත් කළ බව නිවේදනය කරයි.
ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරයකින් හෙබි ජයසේකර මහතා, සෙලාන් බැංකුවට එක්වීමට පෙර, ප්‍රංශය කේන්ද්‍ර කරගත් විශාලතම බැංකු සමාගමක් වන BNP Paribasහි මැද පෙරදිග කලාපයේ නියෝජ්‍ය මූල්‍ය පාලක තනතුර හෙබවීය. 2011 වසරේදී ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස සෙලාන් බැංකුවට බැඳුණු ඒ මහතා, එතැන් පටන් බැංකුවේ විවිධ ඉහළ නිලතල දැරීය. ඊට ප්‍රධාන ණය අවදානම් නිලධාරි (2016), ආයතනික බැංකු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (2018) මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (2019) යන තනතුරු ඇතුළත්ය.
සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස නව ධුරයේ වැඩ භාරගැනීමත් සමඟ, සමස්ත බැංකු ශාඛා පද්ධතිය, Credit Hubs ඇතුළු බැංකු ශාඛා ණය අංශය, ණය අධීක්ෂණය, සාමාන්‍ය බැංකුකරණය, ණය ආපසු අයකරගැනීම, නීති, වගකීම් නිෂ්පාදන කළමනාකරණය, සෙලාන් කාඩ්පත් මධ්‍යස්ථානය, ආන්තික වෙළෙඳාම් සහ ඉස්ලාමීය බැංකුකරණ යන අංශවල වගකීම් ජයසේකර මහතා වෙත පැවරී තිබේ.
You may like
සෙලාන් බැංකුව හා යාරා ටෙක්නොලජීස් එක්ව නවීනතම ඩිජිටල් ගෙවීම්
සෙලාන් හරසර ආසිරි රෝහල් සමූහය සමඟ අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවාව සෙලාන් බැංකුවෙන්
සෙලාන් බැංකුවේ නව ATM යන්ත්‍රය දෙහිවල, සරණංකර පාරේ
සෙලාන් ටිකිරි වෙතින් ශිෂ්‍යත්ව හපනුන්ට තෑගි
සෙලාන් බැංකුවේ SLT අන්තර්ජාල බිල්පත් ගෙවීම් යාවත්කාලීන වීම දැන් එවලේම

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
