ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ලංකා සමාගම, තමන් සමග අත්වැල් බැඳගෙන සිටින කිරි ගොවීන් සමග එක්වී, කිරිවල තත්ත්වය හා ප්‍රමාණය වැඩි කිරීම සම්බන්ධයෙන් විසඳුම් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙහිදී සත්ව ආහාර සහ කිරි ගොවිතැනට අවශ්‍ය උපකරණ බෙදාදීමක්ද සිදුවිය.
ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තයේ ජීවනාලිය වන්නේ සුළු පරිමාණ කිරි ගොවීන්ය. මෙරට කිරි සැපයුමෙන් 90%ක්ම ලැබෙනුයේ ඔවුන් වෙතිනි. ඔවුන්ට දැනුම හා පුහුණුව ලබාදීම, ප්‍රායෝගික ව්‍යාපාර ආකෘතියක් හඳුන්වාදීම සහ කිරි කර්මාන්තයට සම්බන්ධ විශේෂඥ දැනුම ඔස්සේ ඔවුන්ට පැහැදිලි මගපෙන්වීමක් ලබාදීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කරමින්, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන්හි ක්‍රියාකාරීත්වය සහ එමගින් ඔවුන්ට ලැබෙන ආදායම ඉහළ නැංවිය හැකි වේ.
මෙම අරමුණ මූලික කරගෙන, ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මියගේ මූලිකත්වයෙන්, කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ කිරි ගොවීන් සහ ෆොන්ටෙරා සැපයුම්කරු සම්බන්ධතා නිලධාරීන් පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙම කිරි ගොවි සාකච්ඡා වැඩසටහන ආරම්භ කරන ලදී.