Connect with us
Redmi 9C
Advertisement

Business

AIA කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා වැඩසටහනක් සංවිධානය කරයි

Published

on

AIA ආසියානු පැසිෆික් කලාපයේ විශාලතම ලැයිස්තුගත රක්ෂණ සමූහයයි. AIA සන්නාම තානාපති හිටපු ප්‍රෙමියර් ලීග් පාපන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම්ගේ සහ AIA ව්‍යාපාර පවත්වාගෙන යන රටවල් 13ක සහභාගිත්වයෙන් සමාගමේ ප්‍රථම කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇති බව AIA සමාගම අද නිවේදනය කර සිටියි.
AIA Live නම් මෙම වැඩසටහන අගෝස්තු 2 වන ඉරුදින විකාශනය කිරීමට නියමිත අතර එහිදී සෞඛ්‍ය සහ සුවතාවය පිළිබඳව කලාපය පුරා ජනතාව දැනුවත් කරන විශේෂාංග 30කට ආසන්න ප්‍රමාණයක් අඩංගු වනු ඇත. AIAහි සන්නාම ප්‍රතිඥාවට අනුව ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් දිවියක් ගතකිරීම සඳහා සහාය වීමට ඇති කැපවීම එමගින් අරමුණු වේ. මෙහි අඩංගු විශේෂාංග අතරින්, මානසික සුවතාවය, ව්‍යායාම සහ විවේකය, හරියාකාර පෝෂණය, පෞද්ගලික වර්ධනය ඇතුළු සංගීතය සහ අනෙකුත් විනෝදාත්මක අංගද මීට ඇතුළත් වෙනු ඇත.
AIA Live ඩිජිටල් වැඩසටහන නිර්මාණය කර ඇත්තේ, සහභාගී වන වෙළෙඳපොළ සියල්ලේ සිටින වයස් පරතයකින් තොරව සියලු දෙනාටම කලාපීය සංස්කෘතික විවිධත්වය සමරමින් එකවර එකම තැනක සිට විනෝදාස්වාදයක් ලැබීමට හැකිවන අයුරිනි. විශේෂයෙන් මේ ඔස්සේ සහභාගී වන සියලුදෙනා තුළ සෞඛ්‍ය සහ සුවතාවය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇතිකරලීමට සමාගම අරමුණු කරයි.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)