ලොව අංක එකේ රක්ෂණ සන්නාමය වූ අලියාන්ස් විසින් ආකර්ෂණීය සහ පහසු මිලක් සහිතව ඔප්පු හිමියන් වෙත වඩා පුළුල් හා පරිපූර්ණ ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් පිරිනමමින් අලියාන්ස් දිවිතරණ ජීවිත රක්ෂණාවරණය හඳුන්වාදීම සිදු කරනු ලැබුවේය. විශේෂයෙන්ම අවම රක්ෂණ වාරිකයන් පිළිබඳව සැලකිලිමත් වන දිවයිනේ බහුතර ජනතාව ඉලක්ක කරගෙන මෙම සුවිශේෂ රක්ෂණාවරණය හඳුන්වා දීම සිදුකර ඇත. රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්‍රතිලාභ රැසක් සලසමින් ඔවුන්ගේ ජීවිතයන් වෙත මුහුණ දීමට අනපේක්ෂිත විපත් සඳහා වන රැකවරණය උදෙසා වන පරිපූර්ණ රක්ෂණ විසඳුමක් ලෙස මෙම රක්ෂණාවරණය හඳුන්වා දිය හැකිය.
ගොවීන්, ධීවරයන්, කාර්මික ශිල්පීන්, ගුරුවරුන් සහ විධායක නිලධාරීන් ඇතුළුව සමාජයේ කාණ්ඩ රාශියක් ආවරණය පරිදි ‘දිවිතරණ’ රක්ෂණාවරණය සැලසුම් කර තිබේ. මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂික වශයෙන් මෙහි වාරික සැලසුම් කරගත හැකි අතර, එමෙන්ම නව රක්ෂණයක් මිලදී ගැනීම වෙනුවට රක්ෂණ කාලසීමාව තුළ ඔප්පුවේ රක්ෂිත අගය වැඩිකර ගැනීමටද හැකියාව ඇත. ආදායම සහ ජීවන රටාව කුමක් වුවද සැමට විශ්වසනීය ආවරණයක් ලබාදෙන මෙවැනි රක්ෂණ විසඳුම්, විශේෂයෙන්ම සියලු ශ්‍රීලාංකිකයන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග හමුවේ මෙය ජනතාවට අතිශයින් වැදගත් වනු නොඅනුමානය.
අනෙකුත් රක්ෂණ විසඳුම්වලට සාපේක්ෂව දිවිතරණ රක්ෂණාවරණයේ ඇති සුවිශේෂ සාධකය වන්නේ, සෑම රක්ෂණ ඔප්පු හිමියකු උදෙසාම වෙන් වෙන්ව ආයෝජන ගිණුම් පවත්වාගෙන යාමයි. මෙම ගිණුම් සඳහා ආයතනය විසින් වාර්ෂිකව ලාභාංශ ප්‍රකාශයට පත් කෙරෙන අතර එම ලාභාංශ රක්ෂණ හිමියාගේ ආයෝජන ගිණුමට බැර වේ. මීට අමතරව, රක්ෂණ හිමියා නිසි පරිදි වාරික ගෙවා රක්ෂණය පවත්වාගෙන ගොස් ඇත්නම්, කල් පිරීමේදී 20%ක අමතර ‘ලැදියා ප්‍රතිලාභ’ දීමනාවක්ද අදාළ ගිණුමට එක් කරනු ලබයි. ජීවිත ආවරණයට අමතරව රක්ෂණ හිමියන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත හදිසි අනතුරු, අසාධ්‍ය රෝග සහ රෝහල්ගත වීම් ආදී අතිරේක ආවරණයන් රක්ෂණාවරණයට එක් කරගත හැකි අතර, තම කලත්‍රයා සහ දරුවන්ද ආවරණයට ඇතුළත් කර ගැනීමට අවස්ථාව සලසාදී තිබේ.