ශ්‍රී ලංකාවේ අංක එකේ (01) රක්ෂණ ප්‍රතිපාදකයා වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය වෙත සිය සහයෝගය දැක්වීම උදෙසා මාතර මහ රෝහල වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සම්පත් ප්‍රදානය කරනු ලැබුවේය.
සාමාජීය සෞඛ්‍ය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා මාතර මහ රෝහලේ ඇති වැදගත්කම හඳුනා ගත් අලියාන්ස් සමාජ සත්කාරක කණ්ඩායම, රෝගීන් වෙත විශිෂ්ට සේවාවක් සැපයීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා ඔවුන් ඉතා ඉක්මනින් සුවපත් කිරීම වෙනුවෙන් මෙම පියවර ගැනීම සිදුකළේය.
දිවයින පුරා වෙසෙන ජනතාවගේ දෛනික ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරමින් ව්‍යාප්ත වන COVID-19 වසංගතය හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට හා සීමිත සම්පත් මත දැඩි පීඩනයක් ඇති කළ බව රහසක් නොවේ. විශේෂයෙන් රෝහල්ගත කරන රෝගීන්ගේ ප්‍රමාණය මෙම කාල වකවානුව තුළ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර, ඔවුන් වෙනුවෙන් නිරන්තර සෞඛ්‍ය ප්‍රතිකාර සැපයීමද අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. සිය සේවාවන් හරහා ශ්‍රී ලාංකේය ජනතාවට ඉහළ සේවාවක් ලබාදීමට මෙන්ම ඔවුන්ට ශක්තියක් වීමට මෙරට රක්ෂණ සැපයුම්කරුවකු වන අලියාන්ස් ඉන්ෂුවරන්ස් කටයුතු කර ඇත්තේ ඉමහත් අභිමානයක් තමන් වෙත නතුකර ගනිමිනි.