පාරිභෝගික පහසුව සහ ළඟාවීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරමින් ඇසට්ලයින් ලීසිං කම්පනි ලිමිටඩ් පසුගියදා තම 54 වැනි ශාඛාව බොරැල්ලේදී විවෘත කළේය.
අංක 243, වෝඩ් පෙදෙස, බොරැල්ල යන ස්ථානයේ පිහිටා ඇති ඇසට්ලයින් ලීසිං නව ශාඛාවෙන් වාහන ලීසිං පහසුකම්, වාහන සහ ව්‍යාපාරික ණය ඇතුළු පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මත සැකසූ ලීසිං සහ මූල්‍ය සේවා රැසක් ලබා ගැනීමේ හැකියාව දැන් ඇත.
කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නව ශාඛාව ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතා විසින් විවෘත කෙරුණි. ඇසට්ලයින් ලීසිං අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අශාන් නිස්සංක, අධ්‍යක්ෂිකා රෝමණී පරාක්‍රම, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් ද සිල්වා, ප්‍රධාන අලෙවි නිලධාරී අජන්ත ප්‍රේමසිරි, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් අධ්‍යක්ෂ සමන්ත සිල්වා, සමූහයේ අනෙකුත් නිලධාරීන්, පාරිභෝගිකයින් සහ ආරාධිතයන් මෙම අවස්ථාවට එක් විය.
ඇසට්ලයින් බොරැල්ල ශාඛාව විවෘත කිරීම නිමිත්තෙන් එම ශාඛාවෙන් ලීසිං පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ට රෝද හතරේ වාහන සඳහා ලීසිං ලබාගැනීමේදී නොමිලේ ලියාපදිංචිය, මිනි ට්‍රක් රථ සඳහා පළමු වසර රක්ෂණය නොමිලේ ඇතුළු දීමනා රැසක් හිමිවේ. තවද ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලීසිං ලබාගන්නා පාරිභෝගිකයින්ට ටයර් සෙට් 02ක් සහ සේවා වාර 03ක් නොමිලේ ලැබෙනු ඇත.