උතුරු පළාතේ ජනජීවිතය නඟාසිටුවීම සහ ආර්ථික පුනර්ජීවය ඇතිකිරීම උදෙසා ව්‍යාපෘති රැසක් පසුගියදා ඇසට්ලයින් ලීසිං සමාගම ක්‍රියාත්මක කරන ලදී.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මූල්‍ය සේවා සමූහය වන ඇසට්ලයින් විසින් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘති දියත් කිරීමේ අරමුණ සමස්ත උතුරු පළාතේම ජනතාවට ප්‍රතිලාභ ලබාදීමයි.
මෙම වැඩසටහනට අනුබද්ධව අප සමූහයේ සබඳතාවලින් තවදුරටත් ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි දිගුකාලීන ඩීලර්වරයකු වන යාපනය, චුන්නාකම්හි C.K. මෝටර්ස් ආයතනය ඇසට්ලයින් වාරික එකතු කිරීම සහ ව්‍යාපාර මධ්‍යස්ථානයක් ලෙස පත්කරන ලදී. C.K මෝටර්ස් ආයතනය DPMC Certified Three-Wheelers විකිණීමේ කටයුතුවලට අමතරව ඇසට්ලයින් සමග නව ව්‍යාපාර ගමනක් ඇරඹූ අතර මේ සඳහා මූල්‍යමය පසුබිම සමාගම විසින් සලසා දුණි.