බජාජ් වාහන හිමියන්ට තවත් අලුත් අත්දැකීමක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ පළමු වරට බජාජ් ජෙනුයින් පාර්ට්ස් සහ ජෙනුයින් ඔයිල් ඔන්ලයින් මිලදී ගැනීමට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා bajajgenuine.dpmco.com වෙබ් අඩවිය හඳුන්වා දෙන ලදී.
කොවිඩ්-19 වසංගත පසුබිම තුළ ආරක්ෂාව තහවුරු කර ගන්නා අතරතුර වටිනා කාලයද ඉතිරි කර ගනිමින් බජාජ් ත්‍රිරෝද රථ, මෝටර් සයිකල්, කියුට් සහ KTM මෝටර් සයිකල් සදහා අවශ්‍ය ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මෙන්ම බජාජ් ජෙනුයින් ඔයිල් bajajgenuine.dpmco.com හරහා පහසුවෙන් ඇණවුම් කිරීමේ හැකියාව දැන් පාරිභෝගිකයින්ට ඇත. එපමණක් නොව පාරිභෝගිකයාගේ නිවෙසට, වාහනය අලුත්වැඩියා කරන ස්ථානයට හෝ අවශ්‍ය ඕනෑම ස්ථානයකට ඇණවුම පහසුවෙන්ම ගෙන්වා ගත හැකිය.
bajajgenuine.dpmco.com හඳුන්වාදීමේ විශේෂ දීමනාවක් ලෙස මෙම වෙබ් අඩවිය හරහා සිදු කරන සෑම ගනුදෙනුවක් සඳහාම සීමිත කාලයකට අමතර ගාස්තුවක් නොමැතිව ඔබ වෙතටම ඇණවුම ගෙනවිත් දීමට සමාගම කටයුතු යොදා ඇත. පරිශීලකයන්ට ඉතාමත් පහසුවන ආකාරයට නිර්මාණය කර ඇති bajajgenuine.dpmco.com වෙබ් අඩවියට පිවිසෙන කෙනෙකුට තමාට අවශ්‍ය ජෙනුයින් පාර්ට් එක හෝ ජෙනුයින් ඔයිල් වර්ගය මිලදී ගැනීමේදී අනුගමනය කිරීමට ඇති පියවර ඉතා සරල මෙන්ම පහසු වන අයුරින් නිර්මාණය කර ඇත.