2020 සැප්තැම්බර් XX, කොළඹ: DFCC බැංකුව තම ඩිජිටල් සේවාවන් අතර සුවිශේෂී සේවාවක් වන DFCC Virtual Wallet තවදුරටත් වැඩිදියුණු කර හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම නව හඳුන්වාදීම ඔස්සේ DFCC බැංකුව, මෙරට ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු ලෙස තමන් හිමිකරගෙන ඇති කීර්තිනාමය තවදුරටත් තහවුරු කරගැනීමට සමත් වී ඇත. සම්පූර්ණයෙන්ම මුදල් භාවිතයෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනු කිරීමේ හැකියාව සහිතව ‘You don’t need to touch cash to do your financial transactions’ යන තේමාව ඔස්සේ වැඩිදියුණු කළ DFCC Virtual Wallet සේවාව, ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම සේවා සපයන අතර, එය මෙරට ඩිජිටල් බැංකුකරණ යෙදවුම් සේවා අතර වඩාත්ම නිර්මාණශීලී යෙදවුමක් ලෙස හැඳින්විය හැකිය.
මීට පෙර හඳුන්වා දෙන ලද DFCC Virtual Wallet යෙදවුම තවදුරටත් වැඩිදියුණු කරමින්, වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක්ද සමගින් නව Virtual Wallet යෙදවුම හඳුන්වා දී ඇත. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙය භාවිතා කළ හැකි අතර, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ පහසුව සලකා බලා නවතම විශේෂාංග 15 කට අධික සංඛ්‍යාවක්ද මීට ඇතුළත් කර තිබේ.
DFCC Virtual Wallet මගින් ගනුදෙනුකරුවන්ට තම ගිණුම් සහ වෙනත් ගිණුම් අතර මුදල් හුවමාරුව සහ Common Electronic Fund Transfer Switch (CEFTS) තාක්ෂණය භාවිතයෙන් වෙනත් බැංකු මගින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඞ්වල බිල්පත් ගෙවීම ආදිය සිදුකළ හැකි අතර, මෙම ගනුදෙනු ක්ෂණිකව සිදුවන නිසා එසැණින් එම ගෙවීම් යාවත්කාලීන වේ. එමෙන්ම බිල්පත් ගෙවීම් සහ රක්ෂණ වාරික ගෙවීම් ආදිය සඳහා ද DFCC Virtual Wallet භාවිතා කළ හැක. එපමණක් නොව දිවයින පුරා විසිරුණු 135 කට අධික DFCC ATM යන්ත්‍ර සහ CRM යන්ත්‍ර 45ක් සමගින් කාඞ්පත් රහිත ගනුදෙනු ක්‍රමයට මුදල් ආපසු ගැනීම් සිදුකළ හැකි වීමද ගනුදෙනුකරුවන්ට තවත් පහසුවක් වනු ඇත.