පිත්තල භාණ්ඩ නිෂ්පාදනයට නම් දරාපු ප්‍රදේශයක් විදිහට මහනුවර පිළිමතලාවට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. විශේෂයෙන් පාරම්පරික පිත්තල භාණ්ඩ නිෂ්පාදනය සිය වෘත්තීය ජීවිතය කරගත්තවුන් මේ ප්‍රදේශයේ අදත් දුලබ දසුනක් නොවේ.
කාන්ති ජයමංගල යනු පාරම්පරිකව පිත්තල කර්මාන්තයේ නියැළෙන තවත් එබඳු සූර ව්‍යාපාරිකයකුගේ දයාබර භාර්යාව. සිය ස්වාමියාගේ වෘත්තීය ජීවිතයට නිරන්තරයෙන් සවියක් වෙමින් ඔහු පසුපස සිටින ඕ තම ස්වාමි පුරුෂයාගේ වෘත්තියට තම දායකත්වය ලබාදුන් අයුරු පිළිබඳ අප සමග පැවසුවේ මෙහෙමයි.
“අපිට ගනුදෙනු සඳහා විතරක් නෙවෙයි අපිට අවශ්‍ය ව්‍යාපාර දැනුම, මූල්‍ය විනය පිළිබඳ අදාළ දැනුවත් කිරීම, ආයතනයේ නිලධාරීන් මගින් ලබාදෙන්නත් HNB FINANCE සමාගම කටයුතු කරනවා. 2019 වසරේ ලංකාවේ ප්‍රධානම මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කාන්තාවන් ඉලක්ක කරගෙන කොළඹදී පවත්වන ලද ව්‍යවසායකත්ව වැඩමුළුවටත් මට සහභාගිවෙන්න අවස්ථාවක් HNB FINANCE සමාගම නිසා ලැබුණා.
අද වෙනකොට අපේ ව්‍යාපාරය නිසා සේවකයන් කිහිප දෙනෙකුටම රැකියා අවස්ථා ලබාදෙන්න අපට හැකි වෙලා තියෙනවා. අපේ නිෂ්පාදන මහනුවර විතරක් නෙවෙයි අවට තදාසන්න ප්‍රදේශවලත් කොළඹත් අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. ව්‍යාපාරයෙ කටයුතු දවසින් දවස සාර්ථක කරගන්නට HNB FINANCE සමාගමෙන් ලැබුණු උදව්ව අදටත් අපි සිහිකරන්නේ කෘතගුණපූර්වක මතකයන් රැසක් එක්ක.”