ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC නොච්චියාගම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන පාරිභෝගික ආකර්ෂණයට ප්‍රතිචාර දක්වමින් නොච්චියාගම, සේවා මධ්‍යස්ථානය පසුගිය නොවැම්බර් 26 දිනට යෙදුණු සුබ මොහොතින් අංක 58, පුත්තලම පාර, නොච්චියාගම ලිපිනය වෙත ගෙනයනු ලැබූ අතර, රන් ණය සේවාවන්ද මෙම නව සේවා මධ්‍යස්ථානයෙහි අරඹනු ලැබීය.
HNB FINANCE නොච්චියාගම සේවා මධ්‍යස්ථානය, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
නව ඉඩකඩ සහිත පරිශ්‍රය සතියේ දිනවල පෙ.ව. 8.30 සිට සවස 5.00 දක්වා විවෘතව පවතින අතර, ව්‍යාපාරික ණය, පුද්ගලික ණය, නිවාස ණය සහ ලීසිං පහසුකම් ඇතුළු මූල්‍ය සේවා සඳහා, ඉහළ යන ඉල්ලුමට සරිලන පරිදි අංග සම්පූර්ණ කර ඇත. රත්තරං සඳහා වෙළෙඳපොළ උපරිම වටිනාකමක් පිරිනමන HNB FINANCE රන් ණය සේවාව වෙළෙඳ පොළේ කීර්තිනාමයක් දිනා සිටිනුයේ තරගකාරී පොලී අනුපාත සහ කඩිනම් සේවා පහසුකම් සැලසීමත්, ලේඛන ගාස්තු සේවා ගාස්තු හෝ සැඟවුණු ගාස්තු කිසිවක් අය නොකිරීමත් නිසාය.